• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩි මිනිස්සුන්ගෙන් ඇවිත් රට කරවපු අය! කෙහෙල්වත්තේ ප්‍රේමදාස! ලක්ෂඋයනේ මෛත්‍රී! තඹුත්තේගම අනුර! Sri Lanka Latest News

September 30, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනාධිපතිත්වය ප්‍රභූන්ගේ දෙයක් යැයි විශ්වාස කරන කාලයක් අප සතුව තිබුණා. ප්‍රභූන් ජනාධිපතිත්වයට පත්විය යුතු බවත්, ප්‍රභූන් අතින් පාලනය විය යුතු බවත් ඇතැම් අය සමාජ මාධ්‍ය තුළ කියලා තිබුණා. මං කැමැතියි ප්‍රභූවරයෙක් අතින් පාලනය වෙන්න. එහෙම තමයි සමහර අයගේ මතය වුණේ. (Sri Lanka Latest News)

දේශපාලනික වශයෙන් අපි ප්‍රභූවරයෙක් අතින් පාලනය විය යුතුද? ප්‍රභූවරුන් නොවන අය විසින් රාජ්‍ය පාලනය කරපු හැම වෙලාවක්ම අසාර්ථකයිද? අපි ඒ ගැන ලියන්න තීරණය කළා. ප්‍රභූවරුන් යැයි සලකන දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිත්වය දරපු ඉතිහාසය ජේ.ආර්. ජයවර්ධන තෙක් දිවෙනවා. ජේ.ආර්. ජයවර්ධන කියලා කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන ප්‍රභූවරයෙක්. ඔහු ඉහළ පැලැන්තිය නියෝජනය කරන, ඉහළ පැලැන්තියට නෑදෑකම් තියෙන, කොළඹ ජනාවාස වුණු, කොළඹ තමන්ගේ ජීවිතය ගතකරපු ඉතා ප්‍රබල ප්‍රභූවරයෙක්. මෙන්න මේ ජේ.ආර්. ජයවර්ධන කියන ප්‍රභූවරයා ජනාධිපතිත්වයට පත්වෙලා දෙවරක් ජනාධිපතිත්වය දරනවා. ඔහු දෙවරක් ජනාධිපතිත්වය දැරුවට පස්සේ තුන්වැනි වර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබෙන්නේ ආර්. ප්‍රේමදාසට. එහෙම නැත්නම් රණසිංහ ප්‍රේමදාස කියලා කියන්නේ ඉහළ පැලැන්තියක, ඉහළ ධනවත් කුලවත් පවුලක කෙනෙක් නෙවෙයි. ඔහු සාමාන්‍ය පවුලක ඉපදුණු දුගී අහිංසක මනුස්සයෙක්. මෙන්න මේ අහිංසක මනුස්සයා දුගී මනුස්සයා කොළඹ කෙසෙල්වත්ත තමන්ගේ ජනාවාසය කරගත්තු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පරදී යැයි ඔහුට මේ කලබලකාරී අවස්ථාවේ මේ වැඩේ කරන්න බෑ කියන එක ගැන ලොකු විශ්වාසයකින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළා කියලා සමහර අය කියනවා. අපිට ඒ ගැන පැහැදිලිව අදහස් ඉදිරිපත් කරන්න බෑ. මිනිස්සුන්ගේ හිත්වල තිබුණු දේවල් අපි දන්නේ නෑ. නමුත් 89 කියලා කියන්නේ හරිම තීරණාත්මක කාලයක්. රට ඇතුළේ විශාල භීෂණයක් තිබුණා. මේ භීෂණය ඇතුළේ පැහැදිලිවම විරෝධය එල්ල වුණේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට. ඒ නිසා බොහෝ දෙනෙක් මියගියා. මේ මියයෑම්, ගැටුම්, අර්බුද, කලබලකාරී තත්ත්වයන් සියල්ල අතරතුරේ තමයි ජනාධිපතිවණය පැවැත්වුණේ. එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා කෙහෙල්වත්තේ ප්‍රේමදාසට පුළුවන් වුණා රටේ ජනාධිපති බවට පත්වෙන්න. දුප්පතාගේ මිනිහා පොඩි මිනිහාගේ මිනිහා විදියට ඔහු කවදාවත් ඒ පොඩි මිනිහාගේ භූමිකාව පැත්තකට දාන්නේ නැතුව අත් කොට කමිසයක් සරමක් ඇඳලා මිනිස්සු අතරට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා සාමාන්‍ය ජනතාවට ගෙවල් දොරවල් ටික හදලා දීලා ගම්උදා වගේ සංකල්ප ඉදිරිපත් කරලා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් විදියට පාරක් සුචරිතය මැද්දෙනුත් ඉතිරි වෙන විදියටයි දේශපාලනය කළේ.

ඔහුට පසුකාලීනව මියයන්න සිද්ධ වෙනවා ඉතාම තීරණාත්මක විදියට. බලාපොරොත්තු නොචිච්ච අවස්ථාවක ඔහු මියයනවා. ඉන් පස්සේ ඔහුගේ දේශපාලනය නිමා වෙනවා. ඔහුගෙන් පස්සේ බැට්න් එක ලැබෙන්නේ ඔහුගේ පුතාට. ඔහුගෙ පුතාටත් ඔහු දේශපාලන පොර පිටිය හදලා දෙද්දී කොළඹ ඉතා නිදහසේ දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දී ඔහු කියනවා නෑ උඹට දේශපාලනය කරන්න ඕනේ නම් අතිශය දුෂ්කර පැත්තකට ගිහින් දේශපාලනය කරපන් කියලා. ඒ නිසයි සජිත් හම්බන්තොටට යන්නේ. තාත්තා ප්‍රේමදාස. ප්‍රේමදාසගේ මැතිවරණය කොළඹ. ප්‍රේමදාස වෙනුවෙන් මිනිස්සු හිටියේ කොළඹ. අදත් මැද කොළඹ, උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසන බවට පත්වෙලා තියෙනවා. ඒක ඔබ දන්නවා. මොන තරම් විශාල දේශපාලන ප්‍රවාහයන් නිර්මාණය වුණත් මොන තරම් විශාල දේශපාලන රැලි ආවත් ප්‍රේමදාසගේ බළකොටුව තාමත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ. නමුත් මේ පොඩි මිනිහා වෙනුවෙන් තියෙන ආදරය කිසිසේත්ම අඩු නොවන බව අපට පැහැදිලියි. සජිත් ප්‍රේමදාස හම්බන්තොටට යන්නෙත් මේ ප්‍රේමදාසගේ ඉල්ලීමත් එක්ක.

ඊළඟට පොඩි මිනිහා විදියට අපට හඳුන්වන්න පුළුවන් කෙනා තමයි පළුගස්දමන සමුපකාරයේ සැපයුම් නිලධාරියා විදියට ඉඳලා ඊට පස්සේ ග්‍රාම නිලධාරි තනතුරකට ඇවිල්ලා, එතැනින් යම් යම් දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙලා, පොළොන්නරුවේ ලක්ෂ උයනට ඉස්කෝලේ ගිහිල්ලා, ඉන් පස්සේ පොළොන්නරුවේ රාජකීයෙට ගිහිල්ලා, පොළොන්නරුවේ ඉගෙනගෙන, දේශපාලනයට ඇවිල්ලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තනතුරට ඇවිල්ලා, එතැනින් හිතාගන්න බැරි විදියේ දේශපාලන පිනුමක් ගහලා රටේ ජනාධිපති වෙච්ච මෛත්‍රීපාල සිරිසේන. ඔහුත් ඇත්තටම මහා ලොකු පවුලක ඉහළ ප්‍රභූ පවුලක ප්‍රභූ දේශපාලනයක සාමාජිකත්වය දරපු කෙනෙක් නෙවෙයි. ඔහු සාමාන්‍ය මනුස්සයෙක් විදියටයි දේශපාලනය කළේ. පසුකාලීනව ඔහු දේශපාලනයට ඇවිල්ලා දේශපාලන පොර පිටියේ ජයග්‍රාහකයා බවට පත්වෙලා, දියුරුම් දීම පවා ඓතිහාසික විදියට සිද්ධ වෙච්ච එකක්. ඔහුගේ දිවුරුම් දීම ගැන මිනිස්සු කතා කළා. ඔහු දිවුරුම් දීමට මහ ලොකු මුදලක් වැය කළේ නෑ, හැබැයි ඔහු ගෙදර යද්දී කරලා ගිය වැඩ සම්බන්ධව යම් යම් ප්‍රශ්න තියෙනවා. ඔහුගේ සමහර තීන්දු ගැන මිනිස්සු ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒක වෙනම කතාවක්. එහෙම වුණාට මේ පුද්ගලයා රට ඇතුළේ ලොකු රැල්ලක් නිර්මාණය කරමින් දේශපාලන ප්‍රවාහයක් ඇතුළේ තමන්ට පුළුවන් උපරිමයෙන් වැඩ පෙන්නපු ගමේ මිනිහෙක් විදියට අපට සලකන්න පුළුවන්. මෛත්‍රීපාලගේ ගම ලක්ෂ උයන. ආරම්භය පළුගස්දමන සමුපකාරය. සැපයුම් නිලධාරියා විදියට ලොරියේ ගිය හැටි, ලොරියේ යද්දී ඔහු මුණගැහුණු අය සියලු දෙනාම අපි දැක්කා. ඒ නිසා අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පොඩි මිනිහෙක් කියලා.

ඊළඟට පොඩි මිනිහෙක් විදියට රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන්න මෙවර පුළුවන් වුණේ තඹුත්තේගම ඉපදිච්චි අනුර කුමාර දිසානායකට. තඹුත්තේගම ජාතික පාසලේ ඉගෙනගෙන, තඹුත්තේගම ජීවත් වෙලා, තඹුත්තේගමදී උසස් පෙළ කරලා, මේ කැරැලි අස්සේ තමන්ගේ ජීවිතේ ගතකරලා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන, කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුණු දේශපාලන කාරණාවලදී බරපතළ ලෙස පීඩාවට පත්වෙලා, දුක් විඳලා, විශාල කට්ටක් කාලා, තමන්ගේ දේශපාලන ජීවිතය ගොඩනගාගෙන, තමන්ගේ අම්මා තාත්තා තාමත් තඹුත්තේගම ඉන්න ගොවි පවුලක කුඹුරු කරන දේශපාලන වටපිටාවට වඩා ගමේ හැබෑ ගැමි සුවඳ හඳුනන, සාමාන්‍ය මහජනතාවත් එක්ක ජීවත් වෙච්ච මනුස්සයෙක් වෙච්ච අනුර කුමාර දිසානායක 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙනවා. ඔහු තාමත් දේශපාලකයාගේ ඇඳුම ඇඳගෙන නෑ. ඔහු තාමත් ඉන්නේ සාමාන්‍ය මිනිහා විදියට. ඔහු තාමත් හැසිරෙන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක් විදියට. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු දවසේ පවා ඔහු රජාට ඇඳලා තිබුණේ නෑ. ඔහුට සාමාන්‍ය මනුස්සයෙක් විදියට වැඩ කරන්න, සාමාන්‍ය මිනිස්සුත් එක්ක, සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතේ සුවඳ දැනෙන්න, සාමාන්‍ය මිනිස්සුන්ගේ දාඩිය සුවඳ හඳුනාගන්න අවශ්‍ය කරන පරිසරයක් මේ රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තුන්වැනි වතාවටත් පොඩි මිනිහෙක් ජනාධිපති වීමේ අභිමානය පොඩි මිනිස්සුන්ට ලැබෙනවා.

විවිධාකාරයෙන් පොඩි මිනිහා කියලා කිව්වට අනෙක් දෙන්නටම යම් දේශපාලන සම්බන්ධතා තිබුණා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්වෙද්දී, ජේ.ආර්. ජයවර්ධනලගේ ප්‍රභූ දේශපාලනයේ හෙවණැල්ල ඔහුට තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායකලගේ වලව්වල ආරක්ෂාව ඔහුට ලැබුණා. නමුත් මේ වෙලාවේ කිසිම වලව්වක, කිසිම ප්‍රභූ දේශපාලනයක, කොළඹ අධ්‍යාපනයක, කොළඹ මිනිස්සුන්ගේ රැකවරණයක, ආරක්ෂාවක, ආදරයක හිමිකරුවා බවට පත් නොවී තමන්ගේ ගමේකමත් එක්කම ඉස්සරහට ගිහිල්ලා දේශපාලනය කරන්න පුළුවන් වෙච්ච, රෙද්ද හැට්ටේ ඇඳපු අම්මා ඡන්දේ දාලා යනකොට ‘කාටද ඡන්දේ දුන්නේ?’ කියලා ඇහුවාම ඇය ‘මයෙ පුතාට’ කියලා කියන වීඩියෝ දර්ශන අපි දැක්කා. මේවා නාට්‍ය නොවන බවත්, රඟපෑම් නොවන බවත්, මේවා සැබෑව බවත් අපි දන්නවා.

ප්‍රධාන පෙළේ පාසලක් නොවන ගමේ ඉස්කෝලෙක ඉගෙනගෙන ගමේ ඉස්කෝලෙක මනුස්සයෙක් ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙච්ච ප්‍රථම අවස්ථාව බවට මේක පත්වෙන්න පුළුවන්. ඔහුගේ උසස් අධ්‍යාපනය පවා ඔහු ලබාගන්නේ ගමේ ඉස්කෝලෙදීම තමයි. පොළොන්නරුව රාජකීය විද්‍යාලය තරම්වත් රාජකීය ඉස්කෝලෙක ඔහු ඉගෙනගෙන නෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට ඉන්නේ පොඩි මිනිහෙක්. අපේ මිනිහෙක්. අපේ ගැමි සුවඳ හඳුනන මිනිහෙක්. ගමේ මිනිහෙක් කියන හෘදයාංගම චින්තනයත් එක්ක මේ ජනාධිපතිවරයා එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම ගමේ මිනිහෙක්ව පොඩි මිනිහෙක්ව ජනාධිපති කළාට ගමේ මිනිස්සුන්ට ස්තුතියි කියලත් අවසාන වශයෙන් ලියනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකේ ගාල් කරලා තිබ්බේ රනිල්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය පාවිච්චි කරපු වාහන 107ක්! මෙන්න ඒ 107 දෙනාගේ නම් ලයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ම එළියට දාලා! VIDEO I Sri Lanka Latest News

Next Post

2024 ප්‍රතිඵලය මෙන්න! ඉතිහාසගත ජයක් අනුරට! සජිත් අන්තිම මොහොතේ පරාදයි! නාමල් සුනේ සුන්! ෆොන්සේකාට ඇපත් නෑ! විජයදාසත් ඉවරයි! පියදාස හොඳටම කරලා! දිලිත්ට ලක්ෂයයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.