• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාත්තර සූත්තර වෙනුවට යූටියුබ් මන්තර! එයාලා වැටුණු වලේ මෙයාලත් වැටෙයිද ? Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සාත්තර සූත්තර වෙනුවට යූටියුබ් මන්තර! එයාලා වැටුණු වලේ මෙයාලත් වැටෙයිද ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමීක්ෂණ…. ලාභයි ලාභයි සමීක්ෂණ… පොළේ කඩපළේ හැම තැනකම දැන් තියෙනවා සමීක්ෂණ. ස්ටේෂන් එකේ, බස් නැවතුමේ, සිල්ලර කඩවල, මාළු කඩේ, මස් කඩේ, පොත් කඩේ, ටොෆි කඩේ, චොකලට් කඩේ, බුලත් විට කඩේ හැම තැනම තියෙනවා. ලාබෙට තියෙනවා සමීක්ෂණ. ඕනේ කෙනෙක්ට තියෙනවා සමීක්ෂණ. මයික් එකක් ගත්තා, කැමරාවක් ගත්තා, පාරේ ඇවිදින ගමන් සමීක්ෂණ. පොඩි පොඩි වැඩ කෑල්ලක් දාලා සමීක්ෂණයක් කළා නම් තව ටිකක් හොඳයි. ආවේගශීලී වෙලා, කාගෙ හරි කුණු ගොඩක් අවුස්සලා, කාට හරි පේන්න පොඩි ගොන් පාට් එකක් දාලා. මේ සමීක්ෂණ වැඩේ දැන් නැගලම යනවා. මේ දේවල් කරලා දැම්මාම ඉතින් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. අතන පොළේ සමීක්ෂණය, මෙතන පොළේ සමීක්ෂණය, මෙතන කඩේ සමීක්ෂණය, ඇළේ දොළේ සමීක්ෂණය කියලා. මෙන්න මේ සමීක්ෂණකාරයෝ තමයි ඊළඟට හොඳම එකෙන් ඇනගන්නේ. හොඳම එකෙන් කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ කියලා අපි කියනවා. (Sri Lanka Latest News)

පහුගිය දවස්වලත් මේ වැඩේ වුණා. හැබැයි ඒ වුණේ සමීක්ෂණ කට්ටියට නෙවෙයි. ඒ තමයි ජ්‍යොතිෂවේදීන්. ජ්‍යොතිෂවේදියෝ ඇත්තටම හොඳ ගානක් හොයාගෙන පොඩි ආතල් එකක හිටපු කට්ටියක්නේ. මේගොල්ලෝ රුපියල් 25,000ටත් මිනිස්සුන්ගේ කේන්දර බැලුවා. හොඳට සල්ලි හෙව්වා. ඒවායේ හරි වැරැද්ද ගැන අපි දන්නේ නෑ. කොහොම හරි ඒගොල්ලෝ ඒක කළා. හැබැයි මේ රුපියල් ලක්ෂ තුන හතර අයකරලා, අන්ජනම් බලලා, කොඩිවින කපලා, වළලපුවා ගොඩ අරගෙන අනම් මනම් කරලා බඩවියත රැකගෙන කීයක් හරි හොයාගෙන පොඩි ආතල් එකක් අරගෙන හිටපු කට්ටිය අන්තිමටම මොකද වුණේ? දේශපාලකයන්ට කඩේ යන්න පටන් ගත්තා. අරයා දිනනවා මෙයා දිනනවා කියලා අනාවැකි කියන්න ගත්තා. ඒ අනාවැකි හැම එකම බොරු වෙලා අන්තිමට පාරේ බැහැලා යන්න බැරි විදියට පච වෙලා, ලැජ්ජාවට පත්වෙලා මිනිහෙක් වෙලාවක් බලාගන්නවත් යන්නේ නැති තත්ත්වෙට පත්කරගත්තා. ඒ කරගැනිල්ල මේ පාර කරගන්නේ අපි දන්න හඳුනන, අපේ යාළු මිත්‍රයන් වන යූටියුබ් කට්ටිය කියලා කියන්න ඇත්තටම කනගාටුයි. මොකද හේතුව පාරේ තොටේදී දකිනවා, මුණගැහෙනවා, අපේ හිතවත්තු. ඒගොල්ලෝ මේ වෙලාවේ අවුලට පත්වෙන එක, ලැජ්ජාවට පත්වෙන එකට අපි ආසා නෑ. මොකද මේ අපි දන්න කියන අය වුණාම ඒගොල්ලන්ට අපහාසයක් වෙනවට අපි කැමැති නෑ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන්න තියෙන දේ වළක්වන්න බෑ වගේ මේ වෙලාවේ මේ සමීක්ෂණ කරන්න ගිහිල්ලා ඇදගෙන නාගන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ හිතවත් යූටියුබ් මහත්තුරු.

යූටියුබ් එකේ දේශපාලන විග්‍රහයක් කරලා, දේශපාලන පැහැදිලි කිරීමක් කරලා, පොඩි කතාබහක් ඇතිකරලා, සංවාදයක් ඇතිකරලා, සාකච්ඡාවක් ඇතිකරලා කරගන්නවට වඩා මේ සමීක්ෂණ කරන්න ගිහිල්ලා අගක් මුලක් නැති කාරණා පැහැදිලි කරන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවා. මොකද සමීක්ෂණයක් කියලා කියන්නේ ඇත්තටම වෘත්තීය මට්ටමෙන් කරන, නිල වශයෙන් කරන සමීක්ෂණ ලෝකේ තියෙනවා. සමීක්ෂණ කියන හැම එකම නරකයි කියලා අපි කියනවා නෙවෙයි. සමීක්ෂණ කරන්න එපා කියනවත් නෙවෙයි. හැබැයි ඉතින් සමීක්ෂණ වගේ දේවලදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනාවැකි බොරු වෙන්න පුළුවන්. ජ්‍යොතිෂ අනාවැකි, තරු බලලා, ඉර හඳ බලලා අරවා ගැනලා, මේවා ගැනලා කරපු ජ්‍යොතිෂ අනාවැකිත් බොරු වුණා නම් වැරැදුණා නම්, පැටලුණා නම් ඒගොල්ලොත් අසමත් වුණා නම් මේගොල්ලෝ අසමත් වෙනවා කියන එක ආයේ අහන්න දෙයක් නෑනේ. ඒක නිසයි අපි කියන්නේ නිකන් නෝන්ඩි වෙන්න එපා මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා.

සමීක්ෂණයකට අවශ්‍ය කරන නිසි පරිසරයක් නැතුව, නිසි ආකාර පැහැදිලි කිරීමක් නැතුව, නිසි ආකාරයෙන් දේවල් අවබෝධ කරගන්නේ නැතුව සමීක්ෂණ කරන එක පුදුම භයානක දෙයක්. සමීක්ෂණයක් කියලා කියන්නේ දේශපාලනයට එක පැත්තකින් කරන උදව්වක්. එක පැත්තකින් කරන අභිප්‍රේරණයක්. තව පැත්තකින් සමාජය කියවා ගැනීමක්. ඉතින් ලෝකේ තියෙනවා සමීක්ෂණ කරන ආයතන. ඉතාම නිර්ව්‍යාජව සමීක්ෂණ කරන ආයතන තියෙනවා. ඉතාම ව්‍යාජව සමීක්ෂණ කරන ආයතනත් තියෙනවා. සමහර ආයතන සමීක්ෂණයක් කරනකොට ඒගොල්ලෝ බොහොම නරක විදියට පක්ෂග්‍රාහී වෙන අවස්ථා තියෙනවා. යූටියුබ් එකට අපි කියන්නේ නෑ ඒගොල්ලෝ පක්ෂග්‍රාහී කියලා, ඒගොල්ලෝ නරකයි කියලා. යූටියුබ් එකේ ඉන්න හුඟ දෙනෙක් එහෙම පක්ෂග්‍රාහී විදියටවත්, කාටවත් කඩේ යන්නවත් උත්සාහ කරනවා කියලා අපි චෝදනා කරන්නේ නෑ. එහෙම වෙනවද කියලා අපි දන්නේ නෑ. එහෙම නොවනවා කියලා කියනවා නෙවෙයි. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අපි චෝදනා කරන්නේ නෑ කියලයි කියන්නේ.

ප්‍රශ්නය තියෙන්නේ මේ වගේ අවස්ථාවලදී හරිම අනියත තත්ත්වයක් තියෙන්නේ. මොකක් වෙයිද කියලා කාටවත් කියන්න බැරි තත්ත්වයක්. එහෙම තත්ත්වයක් යටතේ මේ වෙලාවේ කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ යූටියුබ් කට්ටිය කියලා අපිට හිතෙනවා. කලින් වතාවේ මේ වැඩේ කරගත්තේ ජ්‍යොතිර්වේදීන්. මේපාර මේ වැඩේ කරගන්නේ කියන්න කනගාටුයි යූටියුබ් මිත්‍රයෝ වගේ තමයි අපිට පේන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයනි ගෙදර යා හැකි අවසාන ආරක්ෂිත බසය ළඟාවෙමින් තිබේ! Sri Lanka Latest News

Next Post

මෙන්න පරණ රාජපක්ෂලාගේ ගැහිලි නෙමෙයි ඊයේ පෙරේදා ‌උණු උණුවෙන් ගහපුවා! VFS හොරකම බිලියන ගාණක්ලු! දැන් පාස්පෝට් හොරකමකුත් වෙනවලු! හෙණ ගහන අපරාධය පිටරට යවන අහිංසක ගම්වල කාන්තාවන්ගෙන් සල්ලි අරන් බිලියන දෙකක මහා ජාවාරමක් කරලලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.