• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයනි ගෙදර යා හැකි අවසාන ආරක්ෂිත බසය ළඟාවෙමින් තිබේ! Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
රාජ්‍ය සේවකයනි ගෙදර යා හැකි අවසාන ආරක්ෂිත බසය ළඟාවෙමින් තිබේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇතැම් නවීන සෑම නිවෙසකමත් පවා මිදුලෙන් ගෙට ප්‍රවේශවන දොරටුව සමීපයේ සමන් පිච්ව වැනි මල් වර්ගයක් සහිත දිය භාජනයක් දිනයේ පැය විසිහතර පුරාම විශේෂ ස්ථානයක ආරක්‍ෂිතව දක්නට ලැබේ. මෙසේ දිය කොරහක් කවර “කදලිය” පුෂ්පයකට (කෙහෙල්මලකට) ස්ථාපිත කර ඇත්තේදැයි දන්නෝ විරලයහ. (දුලබය-හිඟය)

“දුවන්නන් වාලේ කෙට එළදෙන” දුවනවා සේ ඇතැමුන් කරන්නේ “අනුන් කරනවාට” මිස තමන් කිසිසේත්ම අරුතක් හසරක් නොදැනය.

මෙවැනි දුවන්නන් වාලේ දිවීමේ චාරිත්‍රවාරිත්‍ර රැසක් අපේ කුණුමුල්ලේ, ලිප් බොක්කේ ගොඩගොඩවල් ගැසී අනාදිමත් කාලයක් තිස්සේ පොළොවටම පස් වෙමින් තිබේ. මේ වායේ යම්යම් සැඟවුණු ගුප්ත හේතුවක් ඇත්දැැයි යන්න සොයා බැල්මට තරම් සුනංගුවීමේ කාලයක් මූසික ධාවනයේ Rat race නිරත “හපුයියලාට” ඇති බවක් පෙනෙන්නට ද නැත.

ආදිවාසික දේශීය ප්‍රජා සංස්කෘතියේ “දිය කොරහ” නැටීමේ මංගල්‍යයේ මේ චාරිත්‍රයේ දර්ශනය සේම හෙළ (සිංහල) හාලේ බත බුලත කා කරදඬු (අතපය) දික්වුණු (හැදුණු වැඩුණු) උන්ගේ සිරුරු වසර දහස් ගණනාවක් තිස්සේ මේ මහපොළොවට පස් වෙමින් වුවද සම්පත් ආරක්‍ෂා කළ බව වක් බසින් කියන කතාව එයයි.

විජය කියන ඉන්දියානු ආක්‍රමණික හොරාගෙන් නොව ඊට වසර දසදහස් ගණනකට පෙරාතුව අගස්ති, මහබලි, රාවණ, පුලතිසි ආදී හෙළ මහ නර විරුවන් පාලනය කළ මේ ලක්බිමේ එවක පටන් පැවැතියේ මහජන හිතකාමී රාජාණ්ඩු ක්‍රමයයි. එය ඒකාධිපතිත්වය Dictatorship පාදක කර පාරම්පරික වෘත්තීය රාමුව තුළ ක්‍රියාත්මක කෙරුණු පාලන ඒකකයකි.

රජා හොඳ කෙනෙක් (මහජනහිතකාමී) වූයේය. එසේම නරක කෙනෙක්ද වූයේය. ඒ කවරකු වුවත් රටේ පාලන නීතිය ඔහුගේ මතයට අනුවය King’s will is the Law වූයේ එහෙයිනි.

(බුද්ධිමතුන් බිහිවන විට සමාජගත වූයේ රටකට අවශ්‍ය හොඳ පාලකයන් නොව නීතිය ඉටුකරන (නීතියට අනුව කටයුතු කරන) නායකයන් Rule of Law බවයි).

රජුගේ (රාජ්‍ය) පාලනයට සහාය වීම සඳහා නිලමෙලා වූහ. ඇමැතිවරු ද වූහ. ඔවුහු පිළිවෙළින් පරිපාලන සහ ආරක්‍ෂක යන දෙකොටසටය. නිලමෙලාගේ ප්‍රධානියා “දියවඩන නිලමේ”ය. දළදා වහන්සේගේ භාරකාරත්වය ප්‍රමුඛ කොටගත් රජුගේ ඉඩකඩම් වතුපිටිවල ආරක්‍ෂකයා ඔහුය. ඔහුගේ සහායට ද නිලමෙලා ගණනාවකි.

දියවඩන නිලමේ දළදා මාලිගාව සන්තක ඉඩකඩම්වල සැරිසරා (පරීක්‍ෂා කර) වලව්වට (නිවෙසට) එන්නේය. එසේ අවුත් වලව්වට ගොඩවීමට පෙර දෙපා “fදාවා” ගැනීම සඳහා “අනිවාර්යයෙන්ම“පැන් තලියක්” තිබිය යුත්තේමය. ඒ දෙපයේ, මිරිවැඩි සඟලේ තැවරුණු දූවිලි සෝදා ගැනීම සඳහාය. ඒ දූවිලි වනාහි බුදුන්ට පිදූ ඉඩකඩම්වල නිසාය. ඒ දූවිලි වනාහි රටේ (රජුසතු-මහජනයා) සන්තක දේපොළ නිසාය.

සාංඝික සහ මහජනයා (රජය) සන්තක දෙපොළ පෞද්ගලික පරිහරණයට ගැනීම යනු බල්ලන් කපුටන් වී උපෝපං ජාති ජාතිත් ඉපදීමට උපනිශ්‍රිතවන මහා පාපකර්මයක් බව සද්ධර්මයේ ඉගැන්වෙන නිසාමය.

පොඩ්ඩක් හෝව්…
මේ කන්නලාකාරිය (දෙවියනට කෙරෙන යාතිකාව) මෙතරම් දුරට පහදන්න සිදුවූයේ “දුහුණන් දැනුම් සඳහාය” නැතහොත් දැන දැනත් “උනිමු වෙණ සදතෙයි නොදත්තෙමු ගායනා කරතෙයි” යන සෙයියාවෙන් සිටින්නන්ට කෙවිටකින් ඇන හෝ සිහිපත් කර දීම පිණිසය.

මන්ද දැනට මහජන (රාජ්‍ය) සේවයට පතබෑවී මහජන මුදල් ගිලින ඇතැම් උදම්බරියන්ට රාජ්‍ය සේවය යනු කුමක්දැයි යන්න පවා සිහිකරගත හැකි නොහෙන අන්දමට Dementia ව්‍යාධිය දරුණු අන්දමට වැළැඳී ඇති හෙයිනි.

ගතවූ හැත්තෑ පස්වසරක කාලය තුළ අපේ රජයේ (මහජන) සේවයට කැට ඇති වින්නැහිය පිළිබඳ ඇතැම් රජයේ සේවකයෝම ළෙහි අත් ගසා වැළපෙති.
මේ වනවිට රටේ සංඛ්‍යාත්මක ප්‍රජා ඝනත්වය දෙකෝටි විසිපන් ලක්‍ෂයකි. රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව පහළොස් ලක්‍ෂයකට අධිකය. මේ අනුව ගණනය කර බලන කල්හි සෑම පුරවැසියන් පහළොස් දෙනකුටම එක රාජ්‍ය සේවකයකු ගණනේය.

ඔය එක පැත්තකි. අනිත් පැත්ත විශ්‍රාමිකයන්ය. මේ වනවිට විශ්‍රාමිකයන් සංඛ්‍යාව අට ලක්‍ෂයකි. එපරිදි බලන කල රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සංඛ්‍යාව විසිතුන් ලක්‍ෂයකි. කවුරුන් මොනවා කීවද මේ ලක්ෂ ගණන නඩත්තු කරන්නට පැටවී ඇත්තේ මේ රටේ මහජනයාගේ කර පිටටය. එපමණක් නම් මදෑ? ඇයි අපේ අලි බබාලා හෙවත් නීරෝලා දෙසිය විසිපස්දෙනා ඇම්මැහි බරක්ද? මේ පිරිස් නඩත්තු කිරීමට ඔවුහු දිවා රෑ වෙහෙසෙති. නීරෝලා වීණා නොව රවිකිඤ්ඤාම ගසති.

රට්ටු නොහිතන්නේද ඔය ටිකමය.
අපේ ඇතැම් රාජ්‍ය සේවකයන් (සුදු කරපටිකාරයන්) වැඩි දෙනකු අර කවුරුද ගායකයකු කියන්නා සේ කරන්නේ “අම්මපා ඕයි, තනිකර කෙළින්නෙ පිස්සුය”. එහෙත් ඇත්ත වශයෙන්ම වළලා දමා ඇති ඉතිහාසය හාරා පාරා අවුස්සා බලන කල සෝමපාලලා, කන්දසාමිලා සහ ලලිත් අඹන්වලලා දැවැන්ත පහන් කනු මෙන් උස්ව නැගී දිළෙනු ද පෙනේ. Great names to be remembered.

එහෙත් මේ සූදානම ගතවූ කාලයේ මේ විපර්යාසය ඇතිවීමට හේතු හොයා කාගෙ කාගෙත් “කිරිපල්ල අතගා බැලීමට හෝ පෙන්නීමට හෝ” නොවේ. අපේ දුවා දරුවන් වෙනුවෙන්, ඉපදෙන්නට සිටින උන් වෙනුවෙන් අඩුම වශයෙන් ඉදිරි දෙතුන් මාසය තුළ හෝ සිහියෙන් යුතුව වැඩකරන ලෙස කාට කාටත් සිහිපත් කිරීම සඳහාය. මේ දක්වාම පාර දිගේ විවිධ සංචාරකයන්ගේ බස් ආවේය. ගියේය. ඒවාට ගොඩකරන්නටද ඇතැම්හු කෑකොස්සන් ගැසූහ. නැග්ග එව්වෝ වාහනේ තට්ටුව කඩා වැටී කොඳුද කඩාගත්හ.

දැන් සුවපහසුවෙන් ගෙදර යා හැකි අවසාන බස් එක ළඟාවෙමින් තිබේ. කිවයුත්තේ කල්පනාකාරීව සම්මා සතියෙන් නැගපල්ලා කියන එකය. එසේම විවිධ රැලිද ආවේය. චන්දිරිකා රැල්ල, මයිනා රැල්ල, ගෝඨා රැල්ල ඉන් සමහරක්ය. සමහරක් කීවාට සම පමණක් නෙමේය. බලාන ගියාම “සම්පූර්ණයෙන්ම”ය. අන්තිමේදී ඇතැමෙක් “රැල්ල වහගෙනම” පැන දිව්වෝය.

පසුගිය සමයේ ඇතැම් රාජ්‍ය සේවකයෝ වහල්කමට ගනු ලැබුවෝය. ඇතැමෙක් සිය කැමැත්තෙන්ම වහල්කම ඉල්ලා ගත්හ. හපුටුසිංහලා එවැන්නෝය. කාමුකයන් විසින් වටකරනු ලැබ දූෂණයට තැත්කරන කල්හි චරිතවත් යුවතියෝ පිළිසරණ පතා කෑමොර දුන්හ. ඇතැම් බඩු කියන්නටත් පෙරම වස්ත්‍ර ගලවා යහන්ගත වූහ. අනතුරුව තාන්නමාන්නද ගත්හ. එය සාධාරණීය කරවා ගැනීම සඳහා දහසකුත් දේ රට්ටුන්ට කීහ.

අච්චුකන්තෝරුවක වැඩකළ ඔන්න ඔය ජාතියේ අම්මණ්ඩියක් (අංවල මණ්ඩි තැන්පත් කරගත් හෙයින් ඒ අම්මණ්ඩි නමි-සිදත) ත්‍රිකුණාමලය පැත්තට පොරමෝෂන් ගත්තාය.

මේ සඳහන් කළේ එවැනි තිරස්චීන ක්‍රියා රාජ්‍ය සේවකයන් අතරේ මතුමත්තේ නොවන්නටය.

“අහසේ සැරිසරන පක්‍ෂීන් දෙස බලන්න ඔවුන් වපුරන්නේද අස්වැන්න රැස්කරන්නේද නැතැයි කීහ” ඒ ජේසුස්වාමි දරුවෝය. දරුවෝ වෙසින් මරුවෝද වෙස්වළාගෙන යළි යළි එති. එසේ නොවන්නට බැරිකමක් ද නැත. ලෝක ධර්මතාවද එයයි.

තම වර්ගයාට පොරොන්දු දේශය Promis Land ලබාදීමට සාගරයට දෑත දිගුකර සයුර දෙබෑවෙන ලෙසට ඉල්ලූ යාච්ඥාව සපථ වූවේය. ඒ මෝසෙස්ය.
අපේ අයත් සයුර පෙන්නා අප අවට සයුර බව කියති. අහස දක්වා බබළන තරු පෙන්වති.

එහෙත් සයුරේ සම්පත් කවර ආකාරයෙන් යොදා ගන්නේ දැයි හෝ අහසේ තාරකා යොදා අපට ආලෝකය දෙන්නේ කවර ආකාරායෙන් දැයි නොකියති.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බීලා වාහන කිහිපයක් හප්පලා තාප්පයකුත් කඩාගෙන ගිය CID නිලධාරියා පනින්න යද්දී ගම්මුන් අල්ලගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

සාත්තර සූත්තර වෙනුවට යූටියුබ් මන්තර! එයාලා වැටුණු වලේ මෙයාලත් වැටෙයිද ? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.