• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැසට් එක තුරුළු කරගෙන මම හොඳටම ඇඬුවා

May 16, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කැසට් එක තුරුළු කරගෙන මම හොඳටම ඇඬුවා
Share on WhatsAppShare on Facebook

සැමදා ඔබ ළඟ ඉන්නම් – මගේ කියා රැක ගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට – මගේ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම්…//
පිවිතුරු ආදරය ගැන පදවැල් මුමුනමින් වැව් බැඳි රාජ්‍යයෙන් කුමාරයෙක් උපන්නා. ඔහු කුමාරසිරි පතිරණ. ඔහුගේ හඬ වසර ගණනාවක් පුරා මැකී නොයා අපේ හදවතේ රැඳුණා. ඒ තරම් ආදරණීය හඬකින් අපේ හදවත් සනසන්නට, ඔහු විඳි දුක ගැන අසන්නට අපි ඔහුට කතා කළා.
වැව් බැඳි රාජ්‍යයෙන් ඔබගේ ජීවන ගමන මුල පුරපු හැටි කතා කළොත්?
මගේ ගම පොළොන්නරුව තෝපාවැව ප්‍රාථමිකයෙන් මූලික අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය පොළොන්නරුව පලුගස්දමන මහා විiාලයෙන් හැදෑරුවා. ඔය විදියට තමයි මගේ පාසල් ගමන ගෙවුණේ.
ඒ කාලෙත් ඔබට හොඳට සින්දු කියන්න පුළුවන්ද?
මොකද බැරි. එය දේව ආශීර්වාදයක්. පුංචිම කාලේ ඉඳලා මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ කාලේ ලංකාවේ ජනප්‍රියම සින්දු මට හොඳට මතකයි. ඒවා හොඳට කටපාඩම්. සින්දු ගැන මට හොඳ මතකයක් තිබුණා. මගේ සීයා නාට්‍යකරුවෙක්. සීයාටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ ආභාසයත් මට පිහිටන්න ඇති.
වැඩිපුරම ගායනා කළේ කාගේ ගීතද?
ජෝතිපාල මහතාගෙ සහ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත තමයි මම ගොඩාක් ගායනා කළේ. ඔවුන්ගේ හැම සින්දුවක්ම මට මතකයි. මම ඉතින් කරන්නේ පාසල් ගියවිටත් කෝටු කෑලි දෙකක් අරගෙන ඩෙස් එකට ගගහ සින්දු කියපු එක තමා.
එතකොට ඔබ ඩ්‍රම්ස් වාදකයෙක් වුණේ කොහොමද?
මම පොඩි කාලේ අවුරුද්දට සැරයක් විතර සියැක් සංගීත කණ්ඩායම එනවා ප්‍රසංගවලට. පොළොන්නරුවට ඔය ප්‍රසංගවල ගීත ගායනා කරන්න එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් වගේ අය එනවා. ඉතින් මට ඕනෑ කළේ ඔවුන් දැකබලා ගන්නට නෙවේ. ඩ්‍රම්ස් ගහන හැටි දැකබලා ගන්නට. ප්‍රසංගයක් බලන්න ප්‍රවේශ පත්‍රයක් ගන්න මගේ අතේ සල්ලි නැහැ. ඒත් කොහොම හරි ඇතුළට පැනගෙන හොරෙන් බලාගෙන ඉන්නවා. මම කරන්නේ වේදිකාවේ පැත්තට ගිහින් එල්ලිලා ඩ්‍රම්ස් ගහන විදිහ දිහා බලන එක තමයි. පස්සේ ගෙදර ඇවිත් ටින්, බෙලෙක්ක එකතු කරගෙන ඩ්‍රම්ස් එකක් හදාගෙන ගෙදර ගහන එක තමයි.
ප්‍රසංග වේදිකාවට මුලින්ම ගොඩවුණේ ගායකයෙක් විදියටද, එහෙමත් නැතිනම් ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ලෙසටද?
පොළොන්නරුවේ පළමු සංගීත කණ්ඩායම සුපර් ෆෙන්ඞ්ස් කණ්ඩායමයි. 1979 වර්ෂයේ සුපර් ෆෙන්ඞ්ස් සංගීත කණ්ඩායමේ අයියා කෙනෙක් අපේ ගෙදර ඇවිත් මාව එක්ක ගියා වැඩක් තියෙනවා කියලා. එක්කගෙන ගිහින් කිව්වා අපේ සංගීත කණ්ඩායමට ඩ්‍රම්ස් වාදනයට කවුරුත් නැහැ මල්ලිට හොඳට ඩ්‍රම්ස් ගහන්න පුළුවන් නිසා එක්කගෙන ආවේ කියලා. ඉතින් සංගීත කණ්ඩායමේ පුහුණුවීම් කරන කොට ඉස්සෙල්ලාම ඉන්ද්‍රාණි පෙරේරාගේ ගීතයකට තමයි මට ඩ්‍රම්ස් වාදනය කරන්න තිබුණේ. ඉතින් මම හොඳට ඩ්‍රම්ස් එක ගැහුවට පස්සේ මාව දිගටම ප්‍රසංගවලට එක්කගෙන ගියා. ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක් විදියට ප්‍රසංගයකට ඔය කාලේ මට ලැබුණේ රු. 100යි.
ගායන ශිල්පියෙක් විදියට කටයුතු කළේ එතකොට පසුකාලීනවද?
ඔව්. 1980 පාසල් යන කාලේම තමයි මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළේ. ගමේ ගොඬේ මම එතකොට ගොඩාක් ජනප්‍රියයි. කඩුවෙල නගරයේ තමයි මම ප්‍රසංග වේදිකාවේ සින්දු කිව්වේ. සුපර් සෙවන් සංගීත කණ්ඩායම තමයි සංගීතය මුසු කළේ.
ඉතින් අනතුරුව දිගට හරහට සින්දු කිව්වාද?
මට ඩ්‍රම්ස් වාදනය වගේම හොඳට සින්දු කියන්න පුළුවන් බව පොළොන්නරුවේ හැමෝම දැනගෙන හිටියා. ඉතින් මම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කුමරි ගී නමින් පැවැත්තුවා. පොළොන්නරුවේ පවත්වපු පළමු ඒකපුද්ගල ගී ප්‍රසංගය මම තමයි කළේ. 98 වර්ෂයේ මම නැවැත ඒ ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කළා. සුපර් සෙවන් සංගීත කණ්ඩායමට තමයි මගේ දෙවැනි ප්‍රසංගයට ඉදිරිපත් වුණේ. ඉතින් මම සින්දු විසිපහක් තනියම ගායනා කළා පෙර පුහුණුවීම් නැතිව.
ඔබේ පළමු කැසට් එක පිවිතුරු හද ළඟ අලෙවි වුණේ කොහොමද?
ඒකනම් පුදුම කතාවක්. මම කොළඹ මල්වත්ත පාරේ පාරක් පාරක්, කඩයක් කඩයක් ගානේ ගියා. මගේ කැසට් එක විකුණා ගැනීමට. ඒත් කිසිම කෙනෙක් ගත්තේ නැහැ. කැසට් එක බළලා මුහුණට ගහනව වගේ ආපිට විසිකරනවා. බැරිම තැන මම කැසට් පට ටිකක් අරගෙන ගෝල්ෆේස් එකට ගිහින් බදාගෙන ඇඬුවා. අවසානයේ මම තීරණය කළා මුහුදට විසිකරලා ආපසු ගමට යන්න. ඒක මගේ හිත එයට ඉඩ දුන්නේ නැහැ. පස්සේ මම කෑම්ප්වලට විකුණුවා. ලාල් පෙරේරා මහතා මට ගොඩාක් උදවු කළා. පස්සේ හමුදාවේ අය අතර මගේ සින්දු ජනප්‍රිය වුණු නිසා රෙකෝඞ් බාර්වලින් මගේ කැසට් පට හොයන්න ගත්තා. 90 දශකයේ වැඩියෙන්ම අලෙවි වුණේ මගේ කැසට් එක තමයි. පිවිතුරු හදවත රෙකෝඞ් බාර්වලින් කුමාරසිරි පතිරණව හොයන්න ගත්තා. අවසානයේ ජිප්සීස්ලා හරහා මගේ පිවිතුරු ආදරේ ගොඩගියා.
පිවිතුරු ආදරේට තිබුණු ඉල්ලුමත් එක්ක ප්‍රසංග වේදිකාවේ අඩුවක් නැතුව ඇති?
මගේ ගීත නිතර දෙවේලේ ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා. ඒ ගීත මම තමයි පද රචනා කළේ. සංගීතවත් කළේ මම. සිතින් පතා ඉන්නම්, පුංචි පුතු මගේ ගීතවලට ප්‍රේක්‍ෂකයන් ගොඩාක් ආදරය කළා. ප්‍රසංගවල අඩුවක් නැහැ. හැබැයි කුමාරසිරි පතිරණ කියන්නේ කවුද කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ.
ඉස්සර රූපවාහිනි නාළිකා, ගුවන්විදුලිය, එෆ්.එම්. තිබුණේ නැහැ. බස්වල යනකොටත් එහි සිටින අය කතා වෙන්නේ මගේ සින්දු ගැනමයි. ඒ බස් එකේ මම ඉඳගෙන යනවා. ඒත් කවුරුත් දන්නේ නැහැ මම කුමාරසිරි පතිරණ කියලා. ගමේ ඉඳලා ප්‍රසංගවලට යන්න කොළඹ පාරවල්වත් මම දැනගෙන හිටියේ නැහැ. මම ඉතින් බෑග් එකත් එල්ලගෙන සෙනඟ අස්සෙන් ප්‍රසංගවලට යනවා. සමහරු මට ප්‍රසංගවලට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ප්‍රවේශපත් නොමැති නිසා. පස්සේ මම කුමාරසිරි පතිරණ කිව්වම මල්මාලා දාල තමයි වේදිකාවට ගොඩ වෙන්නේ.
ජනප්‍රියතාව වැඩිකමට ටෙලිනාට්‍ය චිත්‍රපටවලින් ආරාධනා ලැබුණේ නැතිද?
මට චිත්‍රපටවල ගීත ගායනා කිරීමට ආරාධනා ආවා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ. මගේ හඬ ගැළපෙන්නෙ නැතැයි කියලා මම හිතුවා. මාවයි, නාමල්වයි සම්බන්ධ කරගෙන ටෙලිනාට්‍ය කරන්න හැදුවා. ඒත් මම ගියේ නැහැ. නාමල් නම් සම්බන්ධ වුණාට මම දුක්වින්දේ නළුවෙක් වෙන්න නෙවේ. ගායකයෙක් වෙන්න. ඒ විඳපු දුක් මට අමතක කරලා ආපස්සට හැරෙන්න බැහැ. මගේ ගමන මම ඉදිරියටම යන්න හිතුවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ත්‍රීසිංහ සමූහයේ IKLO ඉන්ඩස්ට්‍රීස් වෙතින් Pre Fabricated Steel Building විසඳුම් රැසක්

Next Post

විවාහය සමඟ මාරයා එන්නෙ කොහොමද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.