• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට ගොඩක් දේවල් නැතිවුණා

May 16, 2020
in Heart
Reading Time: 1 min read
A A
මට ගොඩක් දේවල් නැතිවුණා
Share on WhatsAppShare on Facebook

ඔබ හිතනවාද ඔබගෙන් රටට විය යුතු දේශපාලන වගකීම ඉෂ්ට වුණා කියලා?
මට අවට පරිසරයෙ හැදුණෙ නැහැ වගකීම් ඉෂ්ට කරන්න.
මොනවාද දේශපාලනයට පිවිසුණාම මුල් අවුරුදු කිහිපය තුළ සිදුවෙච්ච හැලැහැප්පීම?
දේශපාලනයට පිවිසුණ පළමුවැනි අවුරුද්දේම පක්ෂය මාරු කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ ඡන්දදායකයන් කාර්ය මණ්ඩලය මගෙන් ගිලිහුණා. ගම් මට්ටමින් ඉන්න පිරිස අපට ලොකු ශක්තියක්. නමුත් ඒ අයත් නැතුව දේශපාලනය කරන්න අමාරුයි. අවුරුදු 3කට පසුව මගේ දික්කසාදෙත් සිද්ධ වෙනවා. අවසාන අවුරුද්දේ මගේ ලේකම්ගේ පවා අකටයුතුකම් අහුවෙලා ඔහුවත් මම අයින් කළා. පසුව විමධ්‍යගත අරමුදල් මම අතට අරගෙන ස්වයං රැකියා කරන කාන්තාවන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න ලබාදුන්නා.
ඇයි ඔබට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයක් නොලැබුණේ?
එදා පක්ෂ නායකයන් මට බල ප්‍රදේශයක් නොදුන්න එක ගැන මට අදටත් කනගාටුයි. මම එදා පස්සෙන් ගිහිල්ලා අරමුදල් ඉල්ලුවේ නැහැ. ඒක මගේ අඩුපාඩුවක්. දේශපාලනයේ රැඳෙන්න නම් මේ පවතින ක්‍රමයට අනුගත වෙන්න ඕනෑ. අනෙක් අය පක්ෂයට කඬේ ගිහිල්ලා පක්ෂෙට ගොඩාක් වියදම් කරලා තමයි දේශපාලනයේ රැඳෙන්නේ. ඒ අයට වරදක් කියනවා නෙමෙයි. මේ පවතින ක්‍රමයේ වැරැද්ද.
පක්ෂය මාරු කිරීම ගැන ඔබ පසුතැවෙනවාද?
පසුතැවෙනවා. පබාට හරි උපේක්ෂාට හරි කවුරුහරි ඡන්දයක් දුන්නා නම් දුන්නේ ඇය නවකයෙක් හොඳ කෙනෙක් රටට වැඩක් කරයි කියන බලාපොරොත්තු ඇතිව විශ්වාසයකින්. නමුත් ඒකට කැළැලක් වුණා. ඡන්දදායකයන් දුන්න අයිතිය පාවා දෙනවට මම කොහොමවත් කැමැති නැහැ. අද වෙනකොට පක්ෂයක් කියන එකේ කිසි වටිනාකමක් නැහැ. පුද්ගල වටිනාකමක් තියෙන්නේ. හැම පක්ෂයක්ම ලාංඡන පවා වෙනස් කරලා. ඇත්තෙන්ම ඒක හොඳයි. නැත්නම් කැපුවත් නිල්, කැපුවත් කොළ කියන මෝඩ මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන්.
ඔබ හිතන විදියට රටේ වෙනස්විය යුත්තේ මොනවාද?
මම පොඩි කාලේ හැදුනේ මැදපෙරදිග රටක. නමුත් ඒ මිනිස්සු ස්වයංපෝෂිතයි. ඒ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්ධන. අපේ රටේ ගොවිතැනෙන් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියන තැන මම ඉන්නේ. අපේ රටට කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය කරන නිසා රට කොහේට හරි තල්ලුවෙලා තියෙන්නේ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන්. ඒ ගැන මට හරි කනගාටුයි.
අපේ ප්‍රබලයන්ට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරිවුණේ කියලා. රටක වැරැද්දක් වුණාම බෝලේ පාස් කරන පුරුද්දක් තියෙනවා. දූෂණය, භීෂණය ගැන ඇහෙනවා විතරයි. මේවා මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. කෙනෙක් කුමන වෘත්තිය කළත් වගකීමක් පවරලා ඒකෙන් ඒ කෙනාව හිර කරන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. උදාහරණෙකට අපි කුවේට්වල ඉන්නකොට රෑට කාලා බීච් එකේ පැදුරක් දාලා නිදාගෙන උදේට ගෙදර යනවා. කිසිම බයක් තැතිගැන්මක් වෙන්නේ නැහැ. ඒ විශ්වාසය තියෙනවා නම් රට හැදෙනවා. මේකට තමයි රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන්න ඕනෑ කියන්නේ.
දේශපාලනය ගැන අත්දැකීම් බහුල කාන්තාවක් ලෙස අලුතෙන් දේශපාලනයට එන අයට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද?
දේශපාලනය කළා කියලා මම අනෙක් අයට අවවාද දෙන්න කැමැති නැහැ. මම කරපු ලොකු වැරැද්දක් කලාකරුවෙක් විදියට දේශපාලනයට පිවිසීම. මන්ත්‍රි ධුරයක් ලැබුණාම තමන්ට කියලා වගකීමක් පැවරිය යුතුයි. ඒ වගේම බල ප්‍රදේශයක් තියෙන්න ඕනෑ. යම් විෂයක් භාරදීලා ආසන සංවිධායක ධුරයක් නොලැබුණාම ලොකු සේවයක් කරන්න තිබුණා. මම මේවා දකින්නේ දේශපාලනයේ අඩුපාඩු විදියට. කෙනෙක් දේශපාලනයට පිවිසෙනවා නම් වගකීමක් ඉෂ්ට කරන්න මේ අවකාශ හදාගන්න ඕනෑ. මන්ත්‍රිවරුන්ට පොඩි වැටුපක් ලැබෙන්නේ. නමුත් ආසන සංවිධායක ධුරයක් දරන මන්ත්‍රිවරුන්ට ලොකු මුදලක් ලැබෙනවා. එහෙම ලැබුණා නම් ජනතාවට ලොකු සේවයක් ඉෂ්ට කරන්න තිබුණා.
අනාගත සැලැසුම් මොනවාද?
දරුවාව හොඳ සමාජයකට දායාද කිරීම තමයි බලාපොරොත්තුව. කෙනෙක් ආකල්පවලින් හරි පුංචියට හෝ වරදක් කරනවා නම් ඒ මව්පියන්ගේ මඟපෙන්වීම නිසයි වෙන්නේ කියන තැන මම ඉන්නවා. කලාකාරිනියක් ලෙස දේශපාලනයට පිවිසීම මගෙන් වුණ වැරැද්දක්. ඒත් ඒ අවස්ථාවේ හරි හොඳ මඟපෙන්වීමක් තිබුණා නම් මේ තැන අද ඉන්නේ නැහැ. ඒකටත් මගේ මව්පියන්ට මම ඇඟිල්ල දික්කරනවා. මගේ තාත්තා මගේ ළඟ නොසිටීම අම්මාගේ ශක්තිය දුර්වල වුණ තැනක් හැටියට මම දකිනවා. මම ජීවිතේ නැතිකර ගත්ත දේ බොහෝමයි. ඉතිරි කරගත් දේ ටිකයි. ඒ ටික රැකගෙන ඉදිරියට යෑම තමයි බලාපොරොත්තුව. අපි මේ ලෝකේ කරන පින්, පව් අරන් යනවා වගේම ආදරේ කළා නම් යම් කෙනකුට ඒ දේත් අපි මැරුණාට පසුව අරන් යනවා කියලා තමයි මගේ විශ්වාසය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නිරෝධායනයේ පුරාණය

Next Post

බලාපොරොත්තු ගැන හරියටම කියන නවග්‍රහ නිමිත්ත

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.