ඉදිරි දින කිහිපය ඇතුළත ජනතාවට එකවර මාස 2ක ජල, විදුලි සහ දුරකතන බිල්පත් ලැබීමට නියමිත බවත්, දෛනික ආදායම් නොමැතිව දැඩි අර්බූදයකට ලක්ව සිටින ජනතාවට මෙය ඉතා අසීරු තත්ත්වයක් බැවින් යම් වට්ටමක් ලබා දීමට රජය පියවර ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ කළ නොහැකි නම් අවම වශයෙන් මාස 6ක් හෝ එම ගෙවීම් කිරීම සදහා ජනතාවට සහන කාලයක් ලබා දිය යුතු බවකි.
ආණ්ඩුවට මේ වනවිට කෝටි ප්‍රකෝටි ගණනින් විදේශාධාර ලැබී ඇති බවත්, එම නිසා ඉන් ජනතාවට ආධාර ලබා දිය හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.










