හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
ඒ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළවය.
මැයි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ පිහිටි මධ්‍යස්ථානය වෙත මේ වනවිට යොමු කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එලෙස මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ මධ්‍යස්ථානය වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.











