ජනතාවට ජීවත් විය නොහැති තත්ත්යක් මතුවී ජනතාවගේ තැටිය රත් වී ඇති මොහොතක ආණ්ඩුව ඒ පිළිබද උනන්දු නොවී මැතිවරණ තැටිය රත් කරමින් සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ආණ්ඩුව දෙවන වටයේ රුපියල් 5000ක දීමනාව නැවත ලබා දෙන බව කීවද තවමත් එය ජනතාවට ලබා දී නැති බවත්, එය මැතිවරණය ළං කර ලබා දීමට නියමිත ආණ්ඩුවේ කැරට් අලයක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් ප්‍රේමදාස මහතා කීය.
කෙසේවෙතත් ආණ්ඩුවට මේ වනවිට ජාත්‍යන්තර රටවල්වලින් සහ මූල්‍ය ආයතනවලින් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් ලැබී ඇති බවත්, ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න වහාම සොයා බැලිය යුතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.










