කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කළ යුතු බවට මහාධිකරණය තීන්දු කරන ලදී.










