• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩග්ලස් මහින්දට කියපු උතුරේ ප්‍රශ්නය

May 13, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩග්ලස් මහින්දට කියපු උතුරේ ප්‍රශ්නය
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී. ඩී. පී) මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් ඊයේ (12) විජේරාමයේ නිල නිවසේදී පැවැත්වී ඇත.

උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ධීවර ජනතාව මුහුණ දී සිටින ගැටලු කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර උතුරේ දමිල සිරකරුවන් සම්බන්ධයෙන් රජයක් ලෙස සානුකම්පිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නැයි ඩග්ලස් දේවානන්ද මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ධීවරයින් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර ඔලුවිල් වරාය, ධීවර වරායක් බවට පරිවර්තනය කිරීම මඟින් උතුරේ ජනතාවගේ ආර්ථිකය යහපත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම වැඩපිළිවෙල කාලෝචිත බැවින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ලංකාවේ ටින් මාලු කර්මාන්ත ශාලා හයක් ක්‍රියාත්මක වන නමුත් එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ ගැටලු රැසක් උද්ගතව ඇතැයි අමාත්‍යවරයා,අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

ආනයනික ටින් මාලු සඳහා බදු අඩු කිරීමක් වුවහොත් ඒ හේතුවෙන් දේශීය ටින් මාලු නිෂ්පාදකයින් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දෙන බව මෙහිදී ඩගලස් දේවානන්ද මහතා සඳහන් කළ අතර ඉදිරියේදී මෙරට ටින් මාලු නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ඊට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේය.

ධීවර අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරන ධීවර ගම්මාන වැඩපිළිවෙළ තවත් විධිමත් කර ඉදිරියට ගෙන යාම කාලෝචිත බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. ධිවර ගම්මාන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යමින් ධීවරයින් සදහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස නිවාස අමාත්‍යංශ ලේකම්වරයාට, අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම උපදෙස් දුන්නේය.

ධීවර කටයුතු පහසු කරමින්, මුදල් ගනුදෙනු සදහා ධීවරයින්ට වෙන් වූ බැංකුවක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්නැයි මෙහිදී ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජකයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් කොළඹ නවාතැන්වලට සීමා වී සිටින උතුරේ ජනතාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මේ වන විටත් සිය උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත් වීමෙන් කොළඹ නගරයේ නවාතැන්පලට සීමා වී සිටින ජනතාවට ගම්බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, විශේෂයෙන් දෙහිවල, රත්මලාන, ගල්කිස්ස ප්‍රදේශවල නවාතැන්වලට සීමා වූ අය ගම්බිම්වලට පිටත් කිරීම අවසන් අදියරේ පසුවන බවත් පැවසීය.

මේ අවස්ථාවට ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී. ඩී. පී) මහ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් එක්වූ අතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාද සහභාගි වූහ.

SendShareShare
Previous Post

සතියේ දින හතේම පාසල්වල උගන්වන්න ඩලස් සූදානම් වෙයි

Next Post

රාජිතගේ ඇප කැන්සල්

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper