• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නලින් කසිප්පු පෙරුවද? බන්දුල කට වරද්දගත්තද? චන්දිම සල්ලි අච්චු ගැහුවද? මව්රට ඇත්ත හොයාගනී

May 11, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
නලින් කසිප්පු පෙරුවද? බන්දුල කට වරද්දගත්තද? චන්දිම සල්ලි අච්චු ගැහුවද? මව්රට ඇත්ත හොයාගනී
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ටික කලකට අපේ රටේ ජනතාව තුළින් ඉවත්ව තිබූ දේශපාලනික උනන්දුව දැන් නැවතත් ඇති වෙමින් පවතින ආකාරය දක්නට හැකිය. පසුගිය කාලය මුළුල්ලේ එතරම් දක්නට නොලැබුණු දේශපාලඥයන්ද දැන් දැන් නැවත කරළියට පිවිසෙන ආකාරයද දක්නට ඇත. සමාජ මාධ්‍ය ජාලා තුළද දැන් දේශපාලනය සම්බන්ධ කතා බහ උණුසුම් වෙමින් ඇත. ඒ අතර පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහට ලක්වූ දේශපාලනඥයන් කිහිප පොළක්ම විය. ඔවුන් අතරින් වැඩියෙන්ම කතා බහට ලක් වූ දේශපාලඥයන් සිවු දෙනාගෙන් සිදු වූයේ කුමක්දැයි යන්න විමසීමට අපි කටයුතු කළෙමු. මේ ඒ පිළිබඳව ඔවුන් දක්වන අදහස්ය.

චන්දිම වීරක්කොඩි සල්ලි අච්චු ගැහුවද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාළු දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය සහ හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා කතාබහට ලක් වූයේ පසුගිය 04 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති හමුවේදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙනි. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගසා හෝ ණය ක්‍රමයක් ආරම්භ කළ යුතු බවය. වීරක්කොඩි මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
“ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සේවකයන්ට පඩි ගෙවීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා 4% වගේ පොලියට ණය යෝජනා ක්‍රමයක් ලබා දෙන අතරේ මගේ පෞද්ගලික අදහස අපේ රටේ ලංකාවේ මුදල් අච්චු ගහලා හරි මේ ක්‍රයිසිස් එකෙන් මේ මොහොතේ ගොඩ එන්න කටයුතු කරන්න ඕනෑ. රට ක්‍රියාත්මක වෙද්දී ඒ අය අලුතින් ආයෝජන ක්‍රම හොයා ගනියි. අලුත් දේවල්වලට යොමු වේවි. එතකම් පෞද්ගලික අංශය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා කඩිනම් ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”
වීරක්කොඩි මහතාගේ එම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි වූ අතර මුදල් අච්චු ගැසීම පිළිබඳව ඒ මහතා සිදු කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වන ආකාරයද දක්නට හැකි විය. ඒ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ තමන් එහිදී පැවසුවේ ලෝකයේ මීට පෙරත් භාවිතා කර ඇති ක්‍රමවේදයක් පිළිබඳව බවය. එය තමන්ගේ පෞද්ගලික මතය බව ප්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ක්‍රමවේදය භාවිතා කිරීම පිළිබඳව තීරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස තීරණය කළ යුතු යැයි කියාය.
“මම කිව්වේ මේකයි. දැන් මේ මොහොතේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලෝකය ස්වාභාවික තත්ත්වයෙන් නෙවෙයි දැන් තියෙන්නේ. මේ තත්ත්වය යටතේ අපේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමට වෙහෙස වූ කණ්ඩායම අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒක අපේ මූලික වගකීම. මේ වෙද්දී පෞද්ගලික නිෂ්පාදකයන්ට කිසිම ආදායමක් නැහැ. සංචාරක, ඇඟලුම් ක්ෂේත්‍ර කඩා වැටිලා. සේවකයන්ට පඩි ගෙවන එක ආයතන හිමිකරුවන්ට ප්‍රශ්නයක් වෙලා. පඩි නොමැති වීම සේවකයන්ට ප්‍රශ්නයක් වෙලා. සාමාන්‍ය ජනතාව එක්ක එකට ගැටිලා ජීවත් වෙන මන්ත්‍රීවරයෙක් හැටියට මම මේවා දකිනවා. ඒ මිනිස්සු වෙනුවෙන් අපි කතා කළ යුතුයි. ඒකයි මම කිව්වේ සල්ලි නැත්නම් අච්චු ගහලා හරි ඒ අයට ණය ක්‍රමයක් ඇති කරමු කියලා. මොකද මේ වෙලාවේ එහෙම කළා කියලා උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. රටේ පාරිභෝජනය ඉතාම අඩුයි. අපි පිටරටින් ගෙන්වන්නේ තෙල්, ඖෂධ සහ පොහොර පමණයි. ඒ හින්දා ඩොලර් රටින් පිට යන්නේ නැහැ. ඒකෙන් උද්ධමනයට ලොකු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ කියලා මම කියන්නේ ඒකයි. ඒ හින්දා රටක් විදියට සාම්ප්‍රදායික ක්‍රමයෙන් පිට ගිහින් මේකට උත්තර හොයන්න ඕනෑ. චීනය, ඕස්ටේ්‍රලියාව වගේ රටවල් දැන් මේක පටන් අරගෙන. මම කියන්නේ ඒකම කරන්න නෙවෙයි. අනිත් එක මේක ලෝකයේ මීට පෙරත් භාවිතා කරපු ක්‍රමයක්. ඒ අනුවයි මම ඒ ප්‍රකාශය කළේ. එහෙම නැතුව මේ ෆේස්බුක් එකේ කියන විදියට මම නින්දෙන් නැගිටලා කරපු ප්‍රකාශයක් නෙවෙයි ඒක.
අපිට මේ වෙද්දී විදේශ ආධාර විදියට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 128ක් විතරයි. ඉතිරි ආධාර ලැබෙනකම් මේක පවත්වා ගෙන යන්න ඕනෑ. ඒ වෙනුවෙන් මගේ පෞද්ගලික යෝජනාව මම ඉදිරිපත් කළා. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු කණ්ඩායම තමයි ඒක කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෑ.

බන්දුල ගුණවර්ධන කට වරද්දගත්තාද?

බන්දුල ගුණවර්ධන මහතා කවදත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන ඇමැතිවරයෙකි. ඔහු ඇමැති ධුරය දරමින් සිටියදී මීට වසර කිහිපයකට පෙර සිදු කළ ප්‍රකාශ පවා තවමත් සමාජයේ ජනප්‍රියව ඇත. අභිනව ඇමැතිධුරය බාර ගෙන වැඩි කලක් ඉක්ම ගොස් නැතත්, එම කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ කිහිපයක්ම දැඩි ආන්දෝලනයට ලක් විය. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් ඒ මහතා සිදු කළ ප්‍රකාශයක්ද ඒ අතර විය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් ඒ මහතා සඳහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් සිය ගණන් ජීවිත නැති වද්දී, පෙර රජය මැතිවරණ පැවැත් වූ බවය.
“ඩෙංගු රෝගයෙන් අපේ රටේ අවුරුද්දකට 500ක්, 600ක් මිය ගියා. එහෙම මිය යද්දී තමයි කලින් රජය ඡන්ද තැබුවේ. නමුත් කොරෝනා රෝගයෙන් තවමත් මිය ගිහින් තියෙන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි.”
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෙම ප්‍රකාශයද, සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ තමන් පැවසූයේ රට තුළ පවතින සැබෑ තත්ත්වය බවය.
“ඇත්තටම කියනවා නම් කලින් ආණ්ඩුව ඡන්ද තිබ්බේ නැහැ. ඒ ගොල්ලෝ ඡන්ද කල් දැම්මා. පළාත් පාලන මැතිවරණය අවුරුදු එකහමාරක් පරක්කු කළා. පළාත් සභා තවම තියලා නැහැ. ඒ වගේම පසුගිය අවුරුදු පහ පුරාම ඩෙංගු රෝගය හින්දා හැම අවුරුද්දෙම 500ක්, 600ක්, 800ක් වගේ මිය ගියා. එහෙම තත්ත්වයක තමයි පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයත් පැවැත්වුවේ.
දැන් ලෝකයේ දියුණු රටවල් කොරෝනා පාලනය කර ගන්න බැරි වෙලා ඉඳිද්දී, ලංකාව අති විශිෂ්ට ආකාරයෙන් කොරෝනා පාලනය කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා පාලනය වෙනුවෙන් ගෙන ගිය ක්‍රියාමාර්ගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වෙලා තියෙනවා. ලෝකයේ දහස් ගණන් මේකෙන් මැරෙද්දී, අපි මරණ නවයක් දක්වා ඒක පාලනය කර ගන්න සමත් වෙලා තියෙනවා. රටේ තියෙන සැබෑ තත්ත්වය තමයි ඒක. විපක්ෂය සහ මැතිවරණයට අකැමැති අය හැර සෙසු සියලුදෙනාම ඒක පිළිගන්නවා.
අපිට ඉදිරි කටයුතු සඳහා මුදල් වෙන් කර ගන්න නම් අය වැය සම්මත කර ගන්න වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය නම් මහා මැතිවරණය ඉක්මනින් පවත්වන්න වෙනවා. රජය කොරෝනා පාලනය කරලා තියෙන ආකාරය අනුව මැතිවරණය පවත්වන්න පුළුවන් බව තමයි මම කිව්වේ.

නලින් බණ්ඩාර කසිප්පු පෙරුවද?

ජාතික සමගි බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මෙරට දේශපාලනයේ නිරන්තරයෙන් කැපී පෙනෙන චරිතයකි. ඔහු සම්බන්ධයෙන් කතාබහ පසුගිය සතියේ නැවත වරක් අලුත් වූයේ අනවසර මත්පැන් තොගයක් හා සම්බන්ධ සිද්ධියක් සමඟිනි. නලින් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අනවසර මත්පැන් තොගයක් අත්අඩංගුවට පත් වුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කුලියාපිටිය පොලිසියට එන ලෙස හිටපු මන්ත්‍රීවරයාට දන්වා ඇති බවද එහි සඳහන් විණි. සමාජ මාධ්‍ය ඔස්සේ එම පුවත සඳහාද විශාල ජනප්‍රියත්වයක් හිමි වූ අතර ඒ පිළිබඳව වූ විවිධාකාරයේ අදහස්ද දක්නට ලැබිණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නලීන් බණ්ඩාර මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“ඒක මට අයිති නිවසක් තමයි. නමුත් කුලියාපිටියේ පිහිටි ඒ නිවස 2012 වසරේ ඉඳන්ම කුලියට දීලා තිබුණේ. 2015 මැතිවරණ වැඩ කටයුතු සඳහා භාවිතා කරාට පස්සේ ඒක කවුරුත් භාවිතා කළේ නැහැ. මේ දවස්වල එහි නවීකරණ කටයුතු කිහිපයක් සිද්ධ වෙන හින්දා අහල පහළ කෙනකුට ගෙදර යතුර දීල තිබුණා. අන්න ඒ පුද්ගලයා තමයි මේ අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා ගෙට ගිහින් දොරවල් ලොක් කරගෙන ඉන්න කොට මම තමයි කට්ටිය යවලා දොර කඩලා ඔහුව අත්අඩංගුවට ගන්න පොලිසියට උදව් කළේ. පොලිසිය ඔහුට එරෙහිව නීත්‍යානුකූල පියවර ගනිවී. එතැන වෙන දෙයක් නැහැ. නමුත් මේක අල්ලගෙන ගොඩ දෙනෙක් මට මඩ ගහන්න පටන් අරගෙන තියෙනවා.
පසුගිය සතියේදී මගේ කුරුණෑගල නිවස කුරුණෑගල රෝහලේ වෛදවරුන් සඳහා ලබා දුන්නු අවස්ථාවේ ඒකට කුරුණෑගල නගරාධිපතිවරයා විරුද්ධ වුණා. අන්තිමට ඔහුගේ තර්ජන පිළිබඳව කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ කිව්වා. ඒ සිද්ධ වුණු ලැජ්ජාව වහගන්න මට මඩ ගහන්න මේක හිතා මතා සිද්ධ කර දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් තාම ඒක එහෙමයි කියලා හරියටම කියන්න බැහැ.”

නැවෙන් සල්ලි එනවා රෝහිත දැක්කද?

පසුගිය සතියේ කතාබහට ලක්වූ දේශපාලනඥයන් අතරින් වැඩිම ප්‍රසිද්ධියක් හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට යැයි කිවහොත් එහි වරදක් නැත. ඒ මහතා එලෙස ජනප්‍රිය වීමට හේතු වූයේ පසුගිය සතියේ රූපවාහිනී නාළිකාවක පැවැති සජීවි වැඩසටහනක් අතරතුර දැක්වූ අදහස්ය. එහිදී අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ විදේශ ආධාර රැගත් මුදල් නැව තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැති බවය.
“දැන් කියනවනේ අපිට ආධාර ලැබිලා කියලා. කොවිඞ් පස්සෙන් අපිට ආවා යූරෝ අරගෙන, ඩොලර් අරගෙන එන නැව. නැවෙන් ආව ඔය මුදල් ටික මහා භාණ්ඩාගාරයට වෙනම දීල තියෙනවා. මේ සල්ලි ටික ඒ අයට තියෙන්නේ බෙදා ගෙන යන්න විතරයි. එහෙම දුන්නා නම් අපිට තියෙන්නේ ආව ඩොලර් ටික පන්දාහේ කොළ වලට මාරු කරන්න විතරයි. නැත්නම් බෑනේ බෙදන්න. ඒකයි මේ කියන්නේ. එක ඩොලර් එකක් මේ වන විට මේ රටට ලැබිලා නැහැ. එහෙම මොකුත් නැතිවයි අපි මේ රට කර ගෙන යන්නේ.”
රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු ජනප්‍රියත්වය තවමත් අඩු වී නැත. විවිධාකාරයෙන් එම ප්‍රකාශය නැවත නැවත පළ වන ආකාරය තවමත් දක්නට ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට රෝහිත අබේගුණවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට අප දින කිහිපයක් පුරා විවිධ ආකාරයෙන් උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැත. එබැවින් ඩොලර් නැව සම්බන්ධයෙන් ඒ මහතාගේ අදහස දැන ගැනීමට අපට අවස්ථාව ලැබුණේද නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සදාචාරය-සභ්‍යත්වය බල්ලට දමා තුට්ටු දෙකට වැටුණු මාධ්‍යකරණය

Next Post

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින්න නීතිපති බෑ කියයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.