• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය කොරෝනාව හදපු හැටි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් එළියට එයි

May 10, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනය කොරෝනාව හදපු හැටි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් එළියට එයි
Share on WhatsAppShare on Facebook

‘කොරෝනා වෛරසය මුලින්ම බිහිවුණේ චීනයේ වූහන් නුවර පිහිටි ජීව විද්‍යාත්මක රසායනාගාරයෙන් බවට දැන් අපට අති ඉමහත් වැදගත් වටිනාකමකින් යුත් සාක්‍ෂි රැසක් ලැබී තිබෙනවා. අප මුලින්ම කිව්වා මෙම වෛරසය ලොවට බිහි කළ මුල් ස්ථානය කුමක්ද කියලා. අද එම සාධකය ඔප්පු වෙලා තිබෙනවා. චීනයේ වූහාන් නුවරින් මෙය ඇරැඹුණා කියලා ඒ අවස්ථාවේදී අපි ප්‍රකාශ කළා. චීනයට මෙවැනි රසායනාගාර පවත්වාගෙන යෑමේ ඉතිහාසයක්ද තිබෙනවා. එමෙන්ම මෙවැනි වසංගතයක් ලොවට ආසාදනය කිරීමේ යම් ඉතිහාසයක් පවා චීනයට තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ගැන අප මුල සිටම අපේ කනගාටුවත් ප්‍රකාශ කළා. අද මුළු ලෝකයටම මෙම තත්ත්වය බලා ගැනීමට පුළුවන්.’
මේ සුවිශේෂී කතාව කියන්නේ, ලෝකයේ සිටින වැදගත් රාජ්‍ය පරිපාලකයකු විසිනුයි. ඔහු තමයි වත්මන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ. ඔහු මෙම භාරදූර ප්‍රකාශය මෙයට දින තුනකට පමණ ඉහතදී විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. කාලයෙන් කාලයට, කනින් කොනින් විවිධ කතාන්දර ඇසී තිබුණත්, මෙතරම් භාරදූර ප්‍රකාශයක් ප්‍රකාශ වෙලා තිබුණේ නැහැ. මයික් පොම්පියෝ නමැති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මින් පෙර ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා නොහොත් ප්‍රධානියා වශයෙන් සේවය කළ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු තම ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ මෙවන් බුද්ධි ක්‍ෂේත්‍ර පසුබිමක සිටය. එනම් මෙයට දින කිහිපයකට පෙරදි ඇමෙරිකානු බුද්ධි සේවා මඟින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵල ආශ්‍රිත කරගනිමින්ය.
‘මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් ඉදිරිපත් කරන ලද එම නවතම විමර්ශන වාර්තාවට මම එකඟ වෙනවා. ඔවුන් මෙසේ නිගමනයකට පැමිණ තිබෙන්නේ බොහෝ අපක්‍ෂපාතව සිදුකරන ලද විමර්ශන සාධක ගණනාවකට පසුවයි. ඒ සඳහා ඇමෙරිකාවේ බුද්ධි අංශ නිලධාරීන් රැසක් සහභාගි වී තිබෙනවා. ඔවුන් දෙස්, විදෙස් වශයෙන් මෙම මෙහෙවරෙහි නිරත වුණා. මෙම වෛරස රෝගය ඇමෙරිකාව තුළ මුලින්ම 2020 පෙබරවාරි මාසයේදී පමණ පැතිරීම ආරම්භ වන්නට ඇතැයි සිතනවා. එහෙත් ඒ ගැන හරියාකාරව තොරතුරු දැනගෙන නගර වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවේ මාර්තු මස මැදදීයි. මෙය අර්බුදකාරී තත්ත්වයකට පෙරළුණු අතර, ඇමෙරිකාවේ වැසියන් මිලියන ගණනාවක් තම නිවෙස් තුළට කොටු වුණා. චීනයේ පරීක්‍ෂණාගාර තුළ සිදු කෙරුණු අසාර්ථක ක්‍රියාවලීන් නිසා මෙයට පෙරත් ලෝකය මෙවැනි වෛරසවලට නිරාවරණය වී තිබෙනවා. සිදු කරන ලද විමර්ශනයේ වැදගත්ම නිගමනය වන්නේ, ‘කොවිඞ්-19’ වෛරසය යනු මිනිසා විසින් නිර්මාණය නොකළ හෝ ප්‍රවේණිගතව නවීකරණය නොකෙරුණු වෛරසයක් නොවන බවයි. එසේ ස්වභාවික මෙම වෛරසය නිර්මාණය නොවුණේ නම් එයට උප්පත්තියක් තිබිය යුත්තේ රසායනාගාරයක් තුළදීයි. මෙම වෛරසය ගැන කරුණු දැනගත් වහාම චීනයේ කොමියුනිස්ට් පාලනය ඒ තොරතුරු සියල්ලම වසන් කළා. ඒ ක්‍රියාව නිසා මුළු ලෝකයම අනතුරෙහි හෙළුවා. එහිදී චීනය කටයුතු කළේ ආඥාදායකයකු ලෙසයි. සියලු සත්‍ය තොරතුරු සඟවමින් තම ජනතාවත්, ලෝකයත් නොමඟ යැවීමට කටයුතු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නොමඟ යවමින් කටයුතු කළා.’
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගියදා මෙම තදබල ප්‍රකාශය සිදුකර තිබුණත්, මෙසේ ජීව විද්‍යාත්මක රසායනාගාරයකින් නිපදවුණු වෛරසය චීනය විසින් සිතාමතාම සමාජයට මුදාහැරියේ යැයි පැවසෙන මතයක් ප්‍රකාශ කර තිබුණේ නැත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙයට මාසයකට පමණ පෙරදී කොරෝනා වසංගතය පිළිබඳව ඉතාමත් තදබල ලෙස චීනයට දෝෂාරෝපණය කළ අතර, එහෙත් පසුගිය කාලයේ එම තත්ත්වය මඳකට අඩුව ගියේය. එහෙත් දැන් ඇමෙරිකානු බුද්ධි සේවා නවතම වාර්තාව ප්‍රකාශ වීමත් සමඟ ජනාධිපතිවරයා නැවැත දැඩි ලෙස චීනයට දොස් පවරමින් සිටියි. මෙම බුද්ධි අංශ විමර්ශනය සිදුකිරීම සඳහා ඔහු පසුගිය දිනවල තමන්ගේ අධීක්‍ෂණය ඉතාමත් දැඩි ලෙස යොමු කරනු ලැබුවේය. ඒ සඳහා දක්‍ෂ ඔත්තුකරුවන්ගේ සේවය දෙස් – විදෙස්ව ලබා ගන්නා ලෙසට නියෝගකර සිටියේය. ජනාධිපති ට්‍රම්ප් පසුගිය කාලය පුරා නිරන්තරයෙන්ම මාධ්‍ය සමඟද ආරවුල් ඇතිකර ගත්තේය. එහෙත් ඔහු තමන්ට කියන්නට තිබෙන දේ එඩිතරව ප්‍රකාශ කර සිටියේය.
‘ලෝකයේ ලක්‍ෂ 3කට ආසන්න අහිංසක මිනිසුන් දැනට මරණයට පත්කර තිබෙන කොරෝනා වසංගතයට වගකිව යුත්තේ චීනයයි. මේ භයානක වෛරසය වූහාන් නුවර රසායනාගාරයෙන් නිපදවූ එකක් බවට අද මේ විමර්ශනයෙන් ඔප්පු වී තිබෙනවා. ඒ අය මේ ගැන දැනගත්ත ගමන්ම කරුණු වසන් කළා. අද චීනය එයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මුලින් මේ වෛරසය වවුලන්ගෙන් සහ සත්ව මාංශවලින් ඇතිවුණා කියලා විශ්වාසයක් තිබුණා. ඒත් අද ඒ මතය පිළිගන්න බැහැ. වෛරසය වූහාන් රසායනාගාරයෙන් ඇති වුණා යැයි කියන්න අපි ළඟ ඕනෑ තරම් සාක්‍ෂි තිබෙනවා. මේ නිසා ඉදිරියේදී චීනයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවෙනවා.’
මෙම විමර්ශන වාර්තාව ප්‍රකාශ වීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීනයට එරෙහිව ඉතා තදබල ප්‍රකාශයක් සිදුකළේය. එනම් චීනයට එරෙහිව පළිගැනීමක් ලෙස, තම රජය විසින් චීනය වෙත ඩොලර් ටි්‍රලියන 1ක බදු ගාස්තු සම්බාධකයක් පනවනු ලබන බවය. මෙම ප්‍රකාශය ඔහු ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එහිදී එක් මාධ්‍යවේදියකු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, කොරෝනා වෛරසය වූහාන් රසායනාගාරයෙන් පිටවුණු එකක් බවට ප්‍රකාශ කිරීමට ඇති සාක්‍ෂි මොනවා දැයි යනුවෙනි. එවිට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ, ’ඔව්, ඔව් ඒ සියලු තොරතුරු මා ළඟ තිබෙනවා, ඒත් දැන්ම ඒවා ප්‍රසිද්ධියේ හෙළි කරන්න බැහැ’ යනුවෙනි. එවැනි තොරතුරු හෙළි කිරීමට තමන්ට අවසරයක්ද නැතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම බුද්ධි විමර්ශන වාර්තාවේ වගතුග කියා සිටින විටදී තවත් අපූරු සිදුවීමක් වාර්තා වූයේය. එනම් මෙවැනි විමර්ශනයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය තම දැඩි අවධානය යොමු කරන බවත්, යටකී ඇමෙරිකානු විමර්ශනයේ නිගමන තම සංවිධානයේ බලවත් අවධානයටද ලක්වන බවත්ය. එසේම චීනය විසින් සිදු කිරීමට නියමිත කොරෝනා වෛරසය විමර්ශනයට තම සහභාගිත්වය ලබා දෙන බැව්ය. ඒ සඳහා චීන රජයෙන් තම සංවිධානය වෙත නිල ආරාධනයක් ලැබෙන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය බලා සිටින බැව්ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීනය මෙම විමර්ශනය සිදුකිරීමට නියමිතව ඇත්තේ, කොරෝනා වෛරසය සතුන්ගෙන් ව්‍යාප්ත වුණු වසංගතයක් යන මතයෙහි සිටය. සතුන්ගේ සිට මිනිසුන් දක්වා එම වෛරසය පැමිණි ආකාරය ගැන විනා, වූහාන්වල රසායනාගාරය තුළින් එම වෛරසය ව්‍යාප්ත වීමක් ගැන චීනය විමර්ශන සිදුකරන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව මෙම විමර්ශනයන් සිදුකිරීමට කැමැති බැව්, එම සංවිධානයේ ප්‍රකාශක ටැරික් ජසරේවික් පසුගියදා ප්‍රකාශ කර සිටියේය. එහෙත් මේ වන විට චීනය හෝ ඇමෙරිකාව කිසිදු නිල ආරාධනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කර නැත. මෙම තත්ත්වය ගැන සමහර බුද්ධිමත් පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාවත්, චීනයත්, ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා සේ’ තම තමන්ගේ විමර්ශන තමන්ට වාසි වන ආකාරයෙන් සිදුකරන බැව්ය.
ඇමෙරිකානු විමර්ශන වාර්තාව එළිදැක්වීමට සතියකට පමණ පෙරදී තවත් විශේෂිත සිදුවීමක් සිදුවිය.
එනම් නොබෙල් සම්මානලාභී ප්‍රංශ ජාතික දක්‍ෂ විද්‍යාඥයකු වූ මහාචාර්ය ලූක් මොන්ටේග්නියර් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසය නිර්මාණය වූයේ චීනයේ වූහාන් නුවර ජීව විද්‍යාත්මක පර්යේෂණාගාරය තුළදී බැව්ය. එසේම කුමන හෝ ආකාරයකින් එම වෛරසය අදාළ රසායනාගාරයෙන් පිටතට පැමිණ ඇතැයිද මෙම මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියේය. විද්‍යාත්මක ක්‍ෂේත්‍රය ආශ්‍රිතව නොබෙල් සම්මානයක් හිමිවීම යනු ඉතාමත්ම උත්කෘෂ්ට සිදුවීමක් වන අතර, මෙම මහාචාර්යවරයාද එවැනි අවස්ථාවක් හිමිව ඇති කීර්තිමත් විද්‍යාඥයකු වෙයි. ඒ හෙයින් පසුගියදා ඔහු සිදුකළ ප්‍රකාශය ලෝකයේ බොහෝ ක්‍ෂේත්‍රයන් උඩුයටිකුරු කිරීමට සමත් වූයේය. මහාචාර්ය ලූක් මොන්ටේග්නියර්ට 2008 වසරේදී වෛi විද්‍යාවට අදාළව නොබෙල් සම්මානය හිමිවූයේ, ඒඞ්ස් වෛරසය විනාශ කිරීම සඳහා ක්‍රියාකාරිත්වයක් ඇති ඖෂධයක් සොයා ගැනීම උදෙසාය. ඔහු මෙවැනි කීර්තිමත් විද්වතකු වූ අතර, ඔහු සිදු කළ ප්‍රකාශය මෙසේය.
‘චීනයේ වූහාන් ජීව විද්‍යාත්මක පර්යේෂණාගාරය දැනට වසර ගණනාවක සිටම වෛරසය ගැන විවිධ පර්යේෂණ සිදුකරන ස්ථානයක්. මම අධ්‍යයනය කළ කරුණු අනුව කොරෝනා වෛරසය මෙම රසායනාගාරයෙන් පිටතට ආපු එකක්. මෙය ඒඞ්ස් රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කරන්න පර්යේෂණ සිදුකරන අවස්ථාවකදී පිටතට නිකුත් වුණු වෛරසයක් යැයි සිතන්නට පුළුවන්. 2000 වසරේදී සිට දැනට වසර 20ක්ම වූහාන් පර්යේෂණාගාරය විවිධ කොරෝනා වෛරස ගණනාවක් පිළිබඳව පර්යේෂණ පවත්වනවා. ඔවුන් මේ කටයුතුවල විශේෂඥයන්. එහෙත් මෙවර මේ වෛරසය කුමන ආකාරයකින් සමාජය වෙත මුදා හැරුණි. මෙය සමහරවිට අත්වැරැදීමකින් සිදුවුණු දෙයක් වෙන්නත් පුළුවන්. මෙම වෛරසය සතුන්ගෙන් ඇති වුණා කියලා මතයක්ද දැනට තිබුණත්, මා විශ්වාස කරන්නේ මෙය ස්ථිර ලෙසම වූහාන් රසායනාගාරයෙන් නිපදවූ එකක් බවයි.’ මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ හෝ මෙම ප්‍රංශ මහාචාර්යවරයාගේ මතය සමහරුන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඔහු කිසිදු පදනමක් නැතිව මෙම ප්‍රකාශය සිදුකර ඇතැයිද එම පාර්ශ්ව සඳහන් කර සිටියේය.
කෙසේ හෝ ලෝක රාජ්‍ය පරිපාලකයන් මෙන්ම මහා වියතුන්ද මෙසේ දොස් පවරන චීනයේ වූහාන් නුවර පිහිටා ඇති මෙම ආන්දෝලනාත්මක වෛi පර්යේෂණාගාරය කුමක්ද? ‘වූහාන් වෛරස විද්‍යා ආයතනය’ මෙම ප්‍රකට ආයතනය වෙයි. චීන රජය විසින් පූර්ණව පරිපාලනය වන මෙම පර්යේෂණාගාරය, Chinese Academy of Sciences නමැති රාජ්‍ය ආයතනය යටතට අයත් වන අතර, මෙම පර්යේෂණාගාරය ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීය. මෙම වෛi ආයතනයට ඉතාමත් කෙටි ඉතිහාසයක් තිබුණත් එහි පසුගිය වසර 4ක කාලයක් පුරා ඉතාමත් සංකීර්ණ පර්යේෂණ රැසක් සිදුකර ඇත. කොරෝනා වෛරස වර්ග කිහිපයක්ම ඇති අතර, එම වෛරස වර්ග ගැන විවිධ පර්යේෂණද පසුගිය කාලය පුරා මෙම ආයතනයේදී සිදුකර ඇත. මෙවර කොරෝනා වසංගතයට මුල්වූ SARS-COV-2 නමැති වෛරසයද ඉන් එකකි. දැන් චෝදනා එල්ල වන්නේ ඉහත පර්යේෂණ කටයුතුවලදී මෙම වෛරසය දැන හෝ නොදැන සමාජය වෙත නිකුත්ව පැතිරීම සිදුවූ බැව්ය.
වූහාන් ජීව විද්‍යාත්මක පර්යේෂණාගාරය ස්වාභාවික වෛරස සහ කෘත්‍රිම වෛරස ගැනද පර්යේෂණ සිදු කරන ආයතනයකි. ඒ හෙයින් සමහරු චෝදනා කරන්නේ මෙය කෘත්‍රිමව නිපදවූ ජීව විද්‍යාත්මක අවියක් බැව්ය. එහෙත් බුද්ධිමත්ව සහ ගැඹුරින් සොයා බලන විටදී එම තර්කය නිවැරැදි නොවනු ඇතිය. එනම් SARS-COV-2 නැමති නවීනතම වෛරසය ඇත්තේ වවුලන් විශේෂයකගේ ශරීර තුළ බවට දැන් කරුණු ඔප්පු වී ඇත. එනම් මෙය ස්වාභාවික වෛරසයක් බවට කරුණු ප්‍රකාශ වී ඇත. කෙසේ හෝ පසුගිය කාලයේ වූහාන් රසායනාගාරය තුළදී මෙම වෛරසයට අදාළව සංකීර්ණ පර්යේෂණ කිහිපයක්ම සිදුකර ඇත. ඉහත ප්‍රංශ මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියේද, මෙම වෛරස වර්ග ආශ්‍රිත කරගනිමින් ඒඞ්ස් රෝගය සඳහා නව එන්නතක් අත්හදා බැලීමේදී යටකී වෛරසය අනුදැනුමක් ඇතිව හෝ නැතිව සමාජයට විවෘත වූ බැව්ය. කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. එහෙත් මේ වන විටත් වූහාන් රසායනාගාරය පවසා සිටින්නේ කොරෝනා වෛරසය තමන්ගේ පර්යේෂණවලින් නිකුත් වූ එකක් නොවන බැව්ය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්

Next Post

සති 2යි: ස්වර්ණවාහිනී ‘පත්තරේ’ අංක එකට එයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.