• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ආරුක්කු නවයෙන් එසැවුණු අප්පුහාමිගේ බොරු පාලම

May 9, 2020
in Holiday
Reading Time: 1 min read
A A
ආරුක්කු නවයෙන් එසැවුණු අප්පුහාමිගේ බොරු පාලම
Share on WhatsAppShare on Facebook

දෙමෝදර ආරුක්කු නවයේ පාලම වර්තමානය වන විට සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත. කොරෝනා වසංගතය පැමිණීමට පෙර දෙමෝදර පාලම යනු නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ස්ථානයක් විය. ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ජනප්‍රියතම පාලම මෙය බවට විවාදයක් නැත. මේ ජනප්‍රියත්වයට හේතු වන ප්‍රධාන කරුණ වන්නේ පාලම ඉදිකිරීමේදී දක්නට ඇති සුවිශේෂී බවය. අනෙක් කරුණ වන්නේ මෙහි ඉදිකිරීම් සම්බන්ධව ඇති ජනප්‍රවාදයය. දෙමෝදර පාලම ඉදි කරනු ලැබුවේ “අප්පුහාමි බාස්” නැමැති ශ්‍රී ලාංකිකයකු විසින් බවට මතයක් අපේ සමාජයේ මුල් බැස ගෙන ඇත. මාධ්‍ය ඔස්සේ පවා ඔබ ඒ පිළිබඳව අසා, කියවා තිබෙන බව නිසැකය. රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එම කතාව සත්‍යයක්ද? ඒ පිළිබඳ නිවැරැදි නිගමනයකට එළැඹීමට මේ සටහන අවසානයේ ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

ආරුක්කු නවයේ පාලම, ගල් පාලම, අහස් නවයේ පාලම, දෙමෝදර පාලම, ගොටුවෙල බෝක්කුව වගේ නම්වලින් හඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යා කරන මෙය, අඩි 25ක් පළලට අඩි 300ක් දිගට හා අඩි 80ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3,100ක් ඉහළින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ දුම්රිය පාර සාදාගෙන පැමිණි ඉංග්‍රීසි ජාතික ඉන්ජිනේරුවන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමිය යුතු ස්ථානයක් හමු වූ බවත්, එම ස්ථානයේ භූවිෂමතාවේ තිබුණු සංකීර්ණත්වය නිසා ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන්ට දුම්රිය පාර එතැනින් ඔබ්බට ඉදි කරගැනීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දී සිටි බවත්, එම තත්ත්වය දැක ඒ අසල පදිංචිව සිටි “අප්පුහාමි” නම් බාසුන්නැහේ කෙනෙක් ඔහු සතු වූ තාක්ෂණ දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් තනිකරම කැපූ කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදි කළ බවත් යන කාරණයයි.

එමෙන්ම, ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන් මෙම නිම්නය හරහා සවි කිරීම සඳහා එංගලන්තයේ සිට නිර්මාණය කර ගෙන එන ලද යකඩ පාලම මෙතැන සවි කර ගත නොහැකිව ඉමහත් අපහසුතාවකට පත්වුණු බව කියන අතුරු කතාවක්ද මේ හා බැඳී පවතී. තව ද, අප්පුහාමි බාසුන්නැහේ මෙම කළුගල් පාලම ඉදිකිරීමෙන් පසු ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන් ඒ මතින් දුම්රිය ගමන් කරවීමට බියක් දැක්වූ බවත්, එවිට අප්පුහාමි බාසුන්නැහේ පාලමේ ආරුක්කුවක් යට නිදා ගෙන සිටියදී දුම්රිය එම පාලම මතින් ගමන් කරවා එහි ශක්තිය තහවුරු කරන්නට ඉදිරිපත් වූ බවත් කියවේ. ඒ අනුව වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ මේ අප්පුහාමි බාසුන්නැහේ විශ්වකර්ම නිර්මාපකයකු ලෙසත්, ඔහු විසින් ඉදිකරන ලද ආරුක්කු පාලම ඉංග්‍රීසි ජාතික ඉන්ජිනේරුවන්ද අමන්දානන්දයට පත් කිරීමට සමත් වූ විශ්මයජනක ඉදිකිරීමක් ලෙසත් හඳුන්වන්නට පුරුදු ව සිටිති.

මේ අයුරින් ඉහත කී ජනප්‍රවාද ගත කරුණු කාරණා එසේ වුවත්, ලංකාණ්ඩුවේ දුම්රිය සේවය සතු ඉදිකිරීම් සහ ඉංජිනේරුමය වාර්තා මෙන්ම, ලංකා ඉංජිනේරු සංගමය සතු යටත් විජිත සමයේ ඉදිකිරීම් වාර්තා පාදක කර ගෙන මේ සම්බන්ධයෙන් ගවේෂණය කරන විට හෙළි වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ අනුව මේ දෙමෝදර ගොටුවෙල පිහිටි ආරුක්කු නවයේ පාලමේ සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම භාරවන්නේ එවකට එංගලන්තයේ දුම්රිය මාර්ග සඳහා මෙවැනි ආරුක්කු පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහ අත්දැකීමක් සහිත ඉංජිනේරුවරයෙකු වූ හැරල්ඞ් කුත්බර්ට් මාවුඞ් (්‍ය්රරදකා ක්‍මඑයඉැරඑ ඵ්රඅදදා) නම් ඉන්ජිනේරුවා හටය.

එමෙන්ම, දුම්රිය මාර්ග ඉදිකිරීමේදී බහුල වශයෙන් භාවිතා කළ යකඩ පාලම් වෙනුවට ආරුක්කු පාලමක් මෙම ස්ථානයේ ඉදිකිරීම සඳහා යෝජනා වීමට ද හේතුවක් තිබුණි. වර්ෂ 1864 දී කොළඹින් ඉදිකිරීම ඇරඹුණ උඩරට දුම්රිය මාර්ගය වර්තමාන දෙමෝදර ආරුක්කු පාලමට මඳක් මෙපිටෙහි පිහිටා ඇති ඇල්ල දුම්රිය ස්ථානය තෙක් ඉදිකොට අවසන් වූයේ වර්ෂ 1918 දීය. වාර්තාවන්ට අනුව එවකට ඇල්ල, දෙමෝදර යන ප්‍රදේශ ගමනාගමන පහසුකම් ඉතා අවම ප්‍රදේශ විය. තිබුණු හොඳම ප්‍රවාහන මාධ්‍යය වූයේ ගොනුන් බැඳි බර කරත්තය. ඒ අනුව අදාළ ස්ථානයේ යකඩ පාලමක් ඉදිකරන්නේ නම් දුම්රිය මාර්ගය ඒ වනතෙක් එළීමට පෙර එතැනට පාලමක් සඳහා අවශ්‍ය යකඩ කොටස් ප්‍රවාහනය කළ යුතුව තිබූ අතර, එවකට තිබූ ප්‍රවාහන මාධ්‍ය භාවිතයෙන් එය සිදු කිරීම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණි. එමෙන්ම, ඒ වනවිට පැවති පළමු ලෝක යුද්ධයේ බලපෑම නිසා පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය වන යකඩ හිඟයක්ද උද්ගතව තිබේ. මෙම ගැටලුවලට පිළියම් ලෙස කළයුතු විකල්ප ඉදිකිරීම වූයේ යකඩ භාවිතයෙන් තොරව 1:44 ආතතියක් සහිතව ආරුක්කු පාලමක් ඉදිකිරීමයි.

ඒ අනුව, හැරල්ඞ් මාවුඞ් ප්‍රමුඛ බි්‍රතාන්‍ය ඉංජිනේරුවන් විසින් මෙහි ඉදිකිරීම් සිදුකිරීම ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඇල්ල හා දෙමෝදර අවට දේශීය කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට පවරා දී තිබේ. එමෙන්ම, බි්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවන්ට අමතරව ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කිහිප දෙනෙකුම මේ කර්තව්‍යයට සහභාගි වී ඇත්තේ දේශීය කොන්ත්‍රාත්කරුවන් සමඟ කටයුතු කිරීම පහසු කරවීමටත්, ලංකාවේ ඉදිකිරීම් කටයුතු කෙරෙහි බලපාන ස්වභාවික කරුණු කාරණා ගැන යම් පැහැදිලි වැටහීමක් ලබාගැනීමේ අරමුණ සහිතවත් වියහැකි බව අනුමාන කළ හැකිය. එලෙස මේ සඳහා ලංකාවේ ජලවිදුලිය නිපදවීමේ පුරෝගාමියා ලෙස ප්‍රචලිත ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාද දායක වී ඇති බවට කියැවේ.

(එතුමා දෙමෝදර රේල් ගැටයේ ඉදිකිරීම සඳහාද ඉංජිනේරුමය දායකත්වය දුන් ප්‍රමුඛතම ඉන්ජිනේරුවා වන අතර ඒ සම්බන්ධයෙන් ද ගොපල්ලෙකුගේ ජටාවක් සම්බන්ධ කරගත් මිත්‍යා මතයක් ලාංකික ජනතාව තුළ පවතී).

දැන් අපි මේ ආරුක්කු පාලම ඉදිකිරීම සම්බන්ධ ජනප්‍රවාදගත මතයත් ලේඛනගතව ඇති ඉතිහාස කරුණු කාරණාත් සංසන්දනය කර බලමු.

අප්පුහාමි බාසුන්නැහේ සම්බන්ධයෙන් පවතින කතාවට අනුව ඔහු එම ප්‍රදේශයේ සෙල්මුවා ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අයෙකි. ඒ අනුසාරයෙන් ඔහු මෙම පාලම තනි කළුගල් කුට්ටි සහ සිමෙන්ති බදාම පමණක්ම යොදාගෙන ඉදි කරන්නට බි්‍රතාන්‍ය ඉන්ජිනේරුවන්ට යෝජනා කර එය එසේ සිදු කර ඇත. නමුත් සත්‍ය කරුණ වන්නේ දෙමෝදර ආරුක්කු පාලම ඉදිකිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කොට ඇත්තේ කළුගල් කුට්ටි නොවන බවය. ඇත්ත වශයෙන්ම එය මුළුමනින්ම පාහේ ඉදිකොට ඇත්තේ 3:2:1 අනුපාතයෙන් මිශ්‍ර කරගත් කොන්ක්‍රීට් මිශ්‍රණයක් කලින් සැකසූ අච්චුවලට වත්කර සකස් කරගත් කොන්ක්‍රීට් ගල් එකක් මත එකක් තබා සිමෙන්ති බදාම යොදාගෙන බැඳීමෙනි. මෙම කරුණ එම ස්ථානයට යන අයෙකුට පිරික්සා වුවද බැලිය හැකිය.

එලෙසම තවත් ජනප්‍රවාදයේ කියවෙන මතයක් වන්නේ මෙම පාලම ඉදිකිරීම සඳහා එහි පාදම සකස් කිරීමට අප්පුහාමි බාසුන්නැහේ විසින් කන්ද උඩ සිට මහා වේගයකින් ගල් පෙරළා එම නිම්නයට ගිලාබසින්නට සැලැස්සවූ බවයි. ජනප්‍රවාදය එසේ වන නමුත් ඇත්ත වශයෙන්ම මෙම පාලමේ කුලුනුවල පාදම් සකස්කොට ඇත්තේ පොළොව මතුපිටින් අඩි ගණනාවක් යටට කැණ, ස්ථර කිහිපයක් වන සේ කැපූ කබොක් ගල් කුට්ටි සහ මයිකා මිශ්‍රකොට සිමෙන්තියෙන් සකසාගත් සවිමත් කොන්ක්‍රීට් වැනි බදාම මිශ්‍රණයක් භාවිතයෙනි. මෙය ඉදිකිරීම සඳහා යකඩ කම්බි ද යම්කිසි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවට ඉන්ජිනේරුමය වාර්තාවල සඳහන් වන අතර, ආරුක්කු සහිත කොටස් ඉදිකිරීමේදී මුක්කු ගැසීමට සහ කුලුනු ඉදිකිරීමේදී අටවනු ලබන පලංචි සඳහා අවශ්‍ය තේක්ක දැව බුරුමයෙන් ආනයනය කොට ඇත. මෙම ආරුක්කු ඉදිකිරීම සඳහා මුක්කු රැඳවූ කොන්ක්‍රීට් ආධාරක දැනුදු එක් එක් ආරුක්කු කවය අවසන් වන තැන්හි පාලම් කුලුනුවල දැකගත හැකිය.

කෙසේ වුව ද හැරල්ඞ් මාවුඞ් ඉන්ජිනේරුවරයා විසින් වර්ෂ 1923දී නිකුත් කරන ලද පාලමේ ව්‍යාපෘති වාර්තාව මගින් ඉන්ජිනේරුවන් සහ පළපුරුදු ශ්‍රමිකයින්ගේ හිඟතාවය නිසා ඉදිකිරීම් කටයුතුවලදී සිදු වූ සුළු මිනුම් වෙනස්කම් සහ නිර්මාණ වෙනස්කම් පිළිබඳවත් කරුණු දක්වා තිබේ. අදද එම වෙනස්කම් පාලමේ සත්‍ය මිනුම් සහ වාස්තු ආකෘතීන් එහි සැලසුමත් සමඟ සංසන්දනය කිරීමේදී හඳුනාගත හැකිය. කෙසේ නමුත් ඒවා පාලමේ සවිශක්තියට හෝ ප්‍රයෝජ්‍යතාවයට බලපෑමක් ඇතිකරන කරුණු නොවන බවට එකී වාර්තාවේ මාවුඞ් ඉන්ජිනේරුවරයා සඳහන් කොට තිබේ.

මෙම සටහන කියවන අයෙකුට ලංකාවේ ආරුක්කු පාලමකට තිබෙන්නේ මේ දෙමෝදර ආරුක්කු නවයේ පාලම පමණක්ද යන ගැටලුව සිතෙහි මතුවන්නට පිළිවන. නමුත් බොහෝ දෙනෙකු නොදන්නවාට ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මීට පෙර ඉහළකෝට්ටේ ප්‍රදේශයේ මෙවැනිම,නමුත් මීට වඩා මඳක් කුඩා කළුගලින් ඉදිකරන ලද ආරුක්කු පාලම් දෙකක් ඉදිකොට තිබේ. ඉන් ප්‍රධානතම වන්නේ කොළඹ සිට සැතපුම් 56, දම්වැල් ¼ ස්ථානයේ ඉදිකරන ලද ආරුක්කු 5 කින් සමන්විත අලගල්ල බෝක්කුවයි. වර්තමානයේ මෙහි දෙපස පැති බැමි දකින්නට ඇතත්, එහි මැද වූ ආරුක්කුවක් හැරුණු කොට අනෙකුත් ආරුක්කු පස් සහ ගල් පුරවා වසා දමා තිබේ. මීට අමතරව අංක 9 බිම්ගෙයට ඔබ්බෙන් පැවති පැරණි දුම්රිය මාර්ග කොටසේද ඉතා අවදානම් ස්ථානයක ආරුක්කු 3ක් සහිත තවත් කළුගලින් නිමවූ ආරුක්කු පාලමක් ඉදිකර ඇත. :9් බිම්ගෙය පසුකාලීනව එම ස්ථානයේ තිබූ අවදානම්සහගත ස්වභාවය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බි්‍රතාන්‍ය ඉන්ජිනේරුවන් විසින්ම ඉදිකරන ලද්දකි).

තව ද, දෙමෝදර ආරුක්කු නවයේ පාලමට දෙපසින්ද මෙවැනිම ආරුක්කු පාලම් 3ක් පිහිටා තිබුණත් ඒවා සම්බන්ධයෙන් ජනප්‍රවාද ගොඩනැගී නොමැත්තේ එවා ජනී ජනයාට පැහැදිලිව දර්ශනය නොවීම නිසා විය හැකිය. ඒ අනුව ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේම එය පසුවූ විගසම කොන්ක්‍රීට් ගල්වලින් නිමවන ලද ආරුක්කු 3ක පාලමකුත්, දෙමෝදර ආරුක්කු නවයේ පාලම පසුවූ විට තවත් ඉදිරියට යාමේදී කළුගල් කුට්ටිවලින් සැකසූ ආරුක්කු 4 කින් සමන්විත තවත් අලංකාර පාලමකුත් ඉදිකොට ඇත. නමුත් මේ එකක්වත් දුම්රියේ යනවිට හෝ ඒ ඔස්සේ ඇවිද යනවිට මහත් වුවමනාවෙන් පිරික්සීමට ලක් කළහොත් මිසෙක පැහැදිලිව නොපෙනේ.

මේ සියලු කරුණු කාරණා සැලකීමේදී අපට නිගමන කිහිපයකට එළඹිය හැකිය. එනම් අප්පුහාමි බාසුන්නැහේ යනු බි්‍රතාන්‍ය ඉන්ජිනේරුවන්ගේ කොන්ත්‍රාත්තුව බාරගත් ප්‍රධාන දේශීය කොන්ත්‍රාත්කරු හෝ ඔහු යටතේ වැඩකළ “හෙඞ්බාස්” වියහැකි බවය. ජනප්‍රවාදයේ කියවෙන තරමටම නොවන නමුත් ඔහුත් ඔහුගේ ඉදිකිරීම් සම්බන්ධ දැනුම යම් මට්ටමකට පාලම ඉදිකිරීම සඳහා නියත වශයෙන්ම දායක කරන්නට ඇති බව අප සැවොම පිළිගත යුතු වේ.
අනෙක් කරුණ නම් ආරුක්කු සහිත ඉදිකිරීම් ශිල්පය ලංකාවට ආවේණික ඉදිකිරීම් කලාවක් නොව, පුරාතන රෝමානු සහ බටහිර සංස්කෘතියට අනන්‍ය වූ නිර්මාණ විශේෂයකි (ලංකාවේ ගොඩනැගිලිවලද ආරුක්කු ඉදිකරන්නට පටන් ගත්තේ පෘතුගීසි සහ ලන්දේසි යුගවලයි). එමෙන්ම ලංකාවේ ආරුක්කු පාලම් දුම්රිය මාර්ග සහ මහාමාර්ග සඳහා ඉදිකිරීමට පෙර ඊටත් වඩා විශාල ආරුක්කු පාලම් බි්‍රතාන්‍යයින් විසින් එංගලන්තය පුරා ඉදිකොට අත්දැකීම්ද තිබී ඇත.

එහෙයින් අවධාරණය කළ යුත්තේ අපේ ලාංකික මුතුන්මිත්තන් අනුරාධපුර, පොළොන්නරුව වැනි යුගවල දේශීය තාක්ෂණය යොදාගෙන ලොව මවිත කළ නිර්මාණ සිදුකර ඒවා තහවුරුද කර ඇති පසුබිමක, අන්‍ය ජාතිකයින් විසින් නිර්මාණය කරන ලද එකක් අපේ බවට පත්කරගෙන උදම් ඇනීම ලාංකිකයින් වශයෙන් අපට තරම් නොවන බවය.

දෙමෝදර වනාහී ඡායාරූප ශිල්පීන්ට තෝතැන්නකි. එහිදී ලබාගත් වටිනා ඓතිහාසික ඡායාරූප රැසක් ලිපිය වෙනුවෙන් ලබාදුන් මිලූෂ් රන්දිම, කුෂාන් වන්නිආරච්චි, ගෙහාන් චන්දික, අකිල ආරියප්පෙරුම, රුමේෂ් ජයවර්ධන, නිවන්ත කසුන් ජයමාන්න යන මහත්වරුන්ට විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුමය.
ලහිරු කන්නන්ගර

SendShareShare
Previous Post

Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටලු සඳහා විසඳුම්

Next Post

පීපල්ස් ලීසිං Business Today ශ්‍රේණිගත කිරීම්වල පළමු සමාගම් 30 අතරට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.