රටේ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගත් Daraz විසින් මේ වනවිට විවිධ අසීරුතාවයන්ට මුහුණපා ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් ආවරණය වන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම උදෙසා ‘එක්සත්ව ශක්තිමත්ව’ යන තේමාව පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාකාරී වැඩසටහනක් අරඹා ඇත.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර අන්තර්ජාල වෙළෙඳපොළ වෙත රැගෙන එන්නට ආරාධනා කර සිටින Daraz ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 30ක වටිනාකමකින් යුතු පහසුකම් රැසක් පිරිනමයි. Daraz වෙතින් ඔවුන් වෙත සැලසෙන සහන අතර මාස 2ක් විකුණුම් සඳහා වන පහසුකම් සේවා ගාස්තුවෙන් නිදහස් කිරීම වඩාත් කැපී පෙනෙයි. Daraz මඟින් කෙරෙන අලෙවියන් සඳහා ඉතා අඩු දින ගණනක් ඇතුළත මුදල් තම බැංකු ගිණුමට ලබා ගැනීමේ හැකියාව ද ඔවුන්ට හිමි වේ. ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා අධ්‍යාපනය හා පුහුණු අවස්ථා සැලසීම වෙනුවෙන් Daraz University වෙතින් නොමිලේ අවස්ථාව හිමිවේ. එමෙන්ම මෙම කාලසීමාව තුළ ව්‍යවසායකයන්ගේ වියදම් පාර්ශ්වය අඩුකරලීම උදෙසා Daraz විසින් ඇසුරුම්කරණ ගාස්තු අයකිරීමක්ද නොවේ.











