රට ඇතුළේ දැවැන්ත මූල්‍ය අර්බූදයක් තිබියදී අධිවේගී මාර්ග ගණනාවක් සදහා හදිසියේම ආණ්ඩුව රුපියල් බිලියන 31ක කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇති බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මෙසේ කෝටි 3100ක මුදලක් මේ අවස්ථාවේ වැය කිරීම හරහා නැවතත් ආණ්ඩුව පරණ පුරුදු මෙගා ඩීල් ආරම්භ කොට ඇති බවද ඒ මහතා සදහන් කළේය.
පාර්ලිමේන්තුව යළි නොකැදවීමේ රහස මෙය බවත්, පාර්ලිමේන්තුව වසා මෙවැනි ගනුදෙනු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රණවක මහතා පැවසීය.










