• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කතාවට මහින්ද උත්තර දෙයි

May 3, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කතාවට මහින්ද උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව යළි රැස් කිරීම සදහා විපක්ෂය දරන උත්සාහය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

කොරෝනා උවදුර පසෙක තබා දේශපාලනය කතා කිරීම

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්,  දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අවස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත. ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්‍ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යලිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්‍ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය.

කොරෝනා උවදුර ඒමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මේ යහපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි බහුතරය පාවිච්චි කොට ආණ්ඩුවේ පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැලැක්වීම තුළින් රටේ පොහොර හා බෙහෙත් හිඟයක් ඇතිකොට අලුත් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට දැරූ උත්සාහය මුලු රටම දුටුවේය. දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වෙන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට රටේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වැය කිරීමට බලය පවරා ඇත්තේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති ආණ්ඩුව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත නොකර තිබෙන අවස්ථාවක පමණක් බවයි. කලින් පැවති යහපාලන ආණ්ඩුව 2020 අප්‍රේල් 30 වෙනිදා දක්වා   අතුරු සම්මත  ගිණුමක් සම්මත කර තිබුණු නිසා, අප්‍රේල් 30 වෙනිදායින් පසු ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලයක්  නැතැයි ඔවුන් තර්ක කරයි.

මෙය විකාර ස්වරූපී තර්කයකි. ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. අදාල කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ,  කොරෝනා මර්ධනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි. ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාල පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමතිවරු  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක.

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු,  පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය. මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්,  ජන ජීවිතය  සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය.

කොරෝනා රෝගීන් සෙවීමේ මෙහෙයුමට එකතු වීම හේතුවෙන් නාවුක හමුදාවේ ඇති වූ කොරෝනා පොකුරේ තරම අපි කවුරුත් දුටුවෙමු. ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරමි.

අපේ සෞඛ්‍ය සේවකයන්, යුද, නාවුක, ගුවන් හමුදාව, පොලීසිය ඇතුලු මේ සටනේ පෙරමුණේම සිටින පිරිස් ජනතා සේවය වෙනුවෙන් මොන තරම් අවදානමක්  දරණවාද යන්න කාටත් පැහැදිලිවේ. මේ විරුවන්ට  ඔවුන්ගේ රාජකාරිය කිරීමට අපි කවුරුත්  උපරිම සහයෝගය දැක්විය යුතුය යන කාරණයත් මම මෙහිදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

SendShareShare
Previous Post

එක පාරටම ආපු කැබිනට් පත්‍රිකාව ගැන චම්පිකගෙන් හෙළි කිරීමක් (VIDEO)

Next Post

ලකයි – සිකයි නැවතත් එකතු වෙයි?

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.