• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලකයි – සිකයි නැවතත් එකතු වෙයි?

May 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
ලකයි – සිකයි නැවතත් එකතු වෙයි?
Share on WhatsAppShare on Facebook

ඇත්තටම ලකාටයි සිකාටයි මොකද වුණේ? ඒ ගැන පොඞ්ඩක් හොයලා බලන්නයි මේ හදන්නේ.
ලකා එහෙම නැත්නම් ලක්මාල් වීරසිරි සහ සිකා විදියට රඟපෑ දුමින්ද ශ්‍රී ජනකාන්ත දෙන්නම මීට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කරලා තියෙනවා. එතැනින් පස්සේ ලක්මාල් විසින් වෙළෙඳ දැන්වීම් ප්‍රවර්ධන ආයතනයක් ආරම්භ කරලා තියෙනවා. එහි සේවය සඳහා පසුව දුමින්දත් එකතු වෙලා තියෙනවා. කොහොම හරි ඒ අතරතුරේදී තමයි මේ දෙන්නත් එක්ක ලකයි සිකයි විදියට වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඒ හරහා තමයි මේ දෙන්නම ලංකාව පුරා වේගයෙන් ජනප්‍රිය වෙන්නේ. ඕනම දෙයක් දියුණු වෙද්දී තමයි නැති ප්‍රශ්නත් ඇති වෙන්නේ. ලකා සිකාටත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් කියලයි මේ ප්‍රශ්නය දිහා පිට ඉඳන් බලන අපිට පේන්නේ.
යූටියුබ් නාළිකාව හරහා දෙන්නත් එක්ක එකට වීඩියෝ රඟපෑවට නාළිකාවේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්නේ ලක්මාල්ට. ඒ කියන්නේ ලකාට. ඒක හින්දා මේ දෙන්නා අතර කාලයක ඉඳන් යම් යම් විරසක කම් ඇති වෙලා තියෙනවා. පිටතට නොපෙනුණත් ඒ ගැන ඔවුන්ගේ ළඟම හිතවතුන් දැන ගෙන ඉඳලත් තියෙනවා.

මෙච්චර කල් එකට ඉඳලා වෙන් වෙන්න සිද්ධ වුණු එක ගැන ලක්මාල් වගේම දුමින්දත් තම අදහස් වෙන වෙනම දක්වලා තිබුණා. හැබැයි ඒ දෙන්නම වෙන් වුණු හේතුව ගැන නම් හරියටම කියන්නේ නැහැ.
ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලකා දැක්වුව අදහස තමයි මේ.

“අපේ නාළිකාවේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙන බව දැන් හැමෝම දන්නවා. ගොඩ දෙනෙක් ඒකට කැමැති නැහැ කියලත් අපි දන්නවා. මොකද හැමදාම දැකපු විදියට දිගටම දකින්න තමයි හැමෝම කැමැති. ඇත්තටම ඒ වෙනස අපිටත් දරා ගන්න අමාරුයි. මොකද මෙච්චර කල් බාධකයක් නැතිව ගලා ගෙන ආව විදියට දිගටම යන්න තිබුණ නම් අපිත් ආසයි. නමුත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ චැනල් එක දිගටම කරනවද නැත්නම් මේක නවත්වනද කියන එක තීරණය කරන්න අපිට සිද්ධ වුණා. අවසානයේ අපි මේක නවත්වන්නේ නැතිව අපිට පුළුවන් විදියට කරගෙන යන්න තීරණය කළා. මොකද අපේ වීඩියෝ බලන්න මඟ බලන පිරිසක් ඉන්නවා. මේක නවත්වන එක ඒ අයට කරන අසාධාරණයක් කියලා අපිට හිතුණා. ඒ හින්දා අපිට පුළුවන් විදියට මේක කරගෙන යන යුතුකමක් තියෙනවා කියලා අපිට හිතුණා.

ඇත්තටම මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. ගෙදර වෙන දේවල් පිටට කියන්න හොඳ නැහැ. ඒ හින්දා ඒ ගැන මොකුත් අපි කතා කරන්නේ නැහැ. ඒත් මම එක ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් ගොඩ දෙනෙක් අපිට බනිනවා. විශේෂයෙන් මට. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕනෑ තරම් බනින්න. ඒත් සමහර අය මගේ අහිංසක දරුවන්ටත් ශාප කරනවා. මම වැඳලා කියන්නේ. මේක උන් කවුරුවත් දන්නේ නැහැ. ඒ හින්දා මගේ ළමයින්ව මේකට ගාව ගන්න එපා. මට ඕන තරම් බනින්න.”

ලකා ඒ විදියට මේ ගැන අදහස් දක්වද්දී, සිකා එහෙම නැත්නම් දුමින්ද සිද්ධ වුණු දේ ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙමයි.

“ඇත්තටම මෙහෙම දෙයක් වුණා කියලා මම දැන ගත්තෙත් අප්‍රේල් 14 වැනිදා තමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන ගත්ත දවසෙම තමයි. ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා මටත් හිතා ගන්න බැරි වුණා. හරියට එක පාරට උඩ ඉඳන් බිමට ඇද වැටුණා වගේ. තාමත් ඇත්තටම මට දැනෙන්නේ ඒ වගේ. මේ හැම දෙයකින්ම ඈත් වෙලා වෙනම ජීවිතයක් පටන් ගන්නවා කියලා මම හිතුවා. ආයේ යූටියුබ් චැනල් එකකට නම් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතුවා. ඒත් අප්‍රේල් 14 වැනිදා ඉඳන් මට කතා කෙරුව බොහෝ දෙනෙක් හින්දා ඒ අදහස වෙනස් වුණා. මේ ලෝකේ මට ආදරය කරන විශාල පිරිසක් ඉන්න බව මට තේරුම් ගියා. ඉතින් ඇයි මම නෑවිත් ඉන්නේ. ඒ හින්දා පරණ විදියටම අලුත් ගමනක් යන්න මම තීරණය කළා. ඒක කවදද කොහොමද කියලා කියන්න තාම මට බැහැ. ඒත් ඉක්මනටම නැවත අපි හම්බ වෙමු.” ඒ තමයි සිකාගේ අදහස.

කොහොම වුණත් මේ දෙන්නගේ විරසකයට හේතුව හරියටම මේකයි කියන්න කාටවත් බැහැ. මොකද දෙන්නගේ හිතවතුන් ඒ ගැන කියන්නේ දෙවිදියකට. මේ දෙන්නම ඒ ගැන කතා කරන්න කැමැති නැති හින්දා අපිට මීට වැඩිය ඒ ගැන හොයන්නත් බැහැ. ඔවුන්ගේ හිතවතුන් කියන දේවල් අපි මෙහි සඳහන් කරන්නෙත් නැහැ.

ඒත් එක දෙයක්. දුමින්ද ඉවත් වෙලා සිකාගේ චරිතයට අලුත් කෙනෙක් ආව දවසේ ඉඳන් ලකාටයි සිකාටයි ආදරය කරපු හැමෝගෙම තිබුණේ එකම ඉල්ලීමක්. ඒ තමයි පරණ සිකා ඕනෙමයි කියන එක. ඒත් ඒ දේ ආයේ වෙන්නේ නැහැ කියන එක නම් ස්ථිරයි. අලුත් සිකා එක්ක ලකා ඉදිරිපත් කෙරුව වීඩියෝ කිහිපයක්ම දැන් අන්තර්ජාලයට එකතු වෙලා. ඒ වීඩියෝත් දැන් ජනප්‍රිය වෙමින් තියෙනවා. ඒ වගේම පැරැණි සිකා අලුත් විදියකට ළඟදීම අපි අතරට එන බව දුමින්ද කියනවා. දෙන්නගේ විරසකයන් කොයි හැටි වුණත්, මේ වෙනස්කම් හරහා ඉස්සරහට මීට වැඩිය හොඳ නිර්මාණ බිහි වෙන්නත් ඉඩ කඩ තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කතාවට මහින්ද උත්තර දෙයි

Next Post

තාත්තා වෙනුවෙන් තාත්තගෙ රෝහලට පුතාගෙන් තෑග්ගක්… (VIDEO & PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.