හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ වත්තට ඇතුළු වී පොල් සොරකම් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් දෙදෙනාව ගිනිඅවිය ද සමඟ නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
නිට්ටඹුව හොරගොල්ලාගම පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්ත්වය අයහපත් වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
මෙම වෙඩි තැබීම බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම සිදුකර ඇත.
වෙඩි වැදී රෝහල් ගතකර සිටින පුද්ගලයා මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි.
පසුගිය පෙබරවාරි 24 වැනිදා ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය වී පැමිණි අයෙක් බව පැවසේ. -දිනමිණ










