• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවයි! රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ වහාම ජනතාවට දෙන්න මැදිහත් වෙන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

June 13, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහිදී සඳහන් කළ අතර එළැඹෙන ජූලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ යටතේ රසායනික විද්‍යාව,භෞතික විද්‍යාව, ජිව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා යන විෂයයන් සඳහා ගුරු පත්විම් 2100ක් සහ 2021 වසරේ දී පවත්වන ලද ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාග ප්‍රතිඵල මත ගුරුවරුන් 500ක් බඳවා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සමඟ එම විෂය ධාරාවන්ට අදාළව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරින්ගේ හිඟය පියවා ගැනීම සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතට ශිෂ්‍යත්ව 16,152ක්, උතුරු පළාතට ශිෂ්‍යත්ව 8,636ක් සහ අනෙකුත් සෑම පළාතකටම ශිෂ්‍යත්ව 10,000 පමණ හිමිවන බව මෙහිදී අනාවරණය කෙරිණි. එම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මසකට රුපියල් 3,000/- බැගින් මාස 12ක කාලයක් ශිෂ්‍යත්ව පිරිනැමේ.
එසේම අ.පො.ස උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහනේ කටයුතු ද මේ වන විට අවසන්ව ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2000ක් වෙනුවෙන් එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම එළැඹෙන ජූනි 19 වනදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් සඳහන් කෙරිණි.
ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන අතර ශිෂ්‍යත්ව ප්‍රදානය කරන දිනයේදීම හිඟ වාරික ද සමඟ සිසුන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කෙරෙනු ඇත. ඉන් පසුව සෑම මසකම පළමු සතියේ online ක්‍රමවේදය යටතේ අදාළ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ ගිණුම වෙත සෘජුව බැර කෙරේ.
පිරිවෙන් හා සිල්මතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වු වහාම ශිෂ්‍යත්ව ප්‍රදානය ආරම්භ කෙරෙන බවත්, අ.පොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන වෙනුවෙන් ද අයදුම් පත් කැදවීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් සඳහන් කෙරිණි.
මේ සියලු ශිෂ්‍යත්ව ප්‍රදානයන් වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 5100ක පමණ මුදලක් වැය වන අතර එම සම්පූර්ණ මුදල ජනාධිපති අරමුදලින් මේ වන විටත් වෙන් කර ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර දිස්ත්‍රික් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබාදිමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමේදී ආණ්ඩුකාරවරුන් වෙත පැවරී ඇති වගකීම ද සාකච්ඡා කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-13

SendShareShare
Previous Post

චන්ද්‍රිකාගේ හොරගොල්ල වලව්වේ වෙඩි තැබීමක්! I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ නායකයෝ හකීම්වත් හම්බවෙන්න ඇවිල්ලා! ‘ඔව් අපි හමුවුණා! ඒ වුණාට සජබෙ දිනන්න තියෙන බර වැඩියි! මුස්ලිම් කොංග්‍රසය හැටියට අපි තීන්දු කරලා තියෙන්නේ සජිත් දිනවන්න වැඩකරන්නයි!’ නැගෙනහිර ලොකුම ඡන්ද බලයක් තියෙන හකීම්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.