සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදු කරන්නේ මාධ්‍යවල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්, කොරෝනා වෛරසය පාලනය කිරීමට අද වන විට කිසිවකුත් නැති බවත් කියමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ දැඩි විවේචනයක් එල්ල කළහ.
එනිසා තවදුරටත් මාධ්‍යවලින් පෙනී සිටීමෙන් වැළකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියටද දොස් පැවරූ ආනන්ද හිමියෝ මීට වඩා කැපවීමක් මේ සම්බන්ධයෙන් පැවතිය යුතු බවද කියා සිටියහ.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.










