සමගි ජන බලවේගය විසින් අද කන්තලේ නගරයේ දී සංවිධානය කර තිබූ සමගි ජන බලවේග ගොවිජන සමුළුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලව්ගය හා එක්විය.Sri Lanka Latest News
ඒ අතර ත්‍රීකුණාමලය නගර සභා මන්ත්‍රීවරියක් මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිවරිය ලෙසත් නැගෙනහිර පළාත් සභාවේ වනිතා කටයුතු ළමා ආරක්ෂක මහාමාර්ග ඉඩම් පළාත් පෙර පාසල් සංවර්ධන, සංස්කෘතික කලා කටයුතු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රීකුණාමලය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් මෙහි දී එක්විය.
එසේම හිටපු අමාත්‍ය M.K.D.S. ගුණවර්ධන මහතාගේ පුත් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නලින් ගුණවර්ධන මහතා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මෙන්ම ශ්‍රීලංනිප සහ පොහොට්ටු සංවිධායක ASM සාජිත්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී MI සලීම් සහ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී එස්. පරමේශ්වරම් මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන සංසදයේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සීතා රංජනී මහත්මිය ද අද සමගි ජන බලවේගය හා එක්විය.









