Ingredients :
★ වෙනස් ආකෘතියක බටහිර චිත්‍රපටයක්
★ කාමරයක්
★ ටැප් එකක්
★ එළවළු කපන පිහියක්
★ පූසෙක්
★ බල්ලෙක්
★ ඔම්ලට් එකක් සකසාගත හැකි පෑන් එකක්
★ ප්‍රසිද්ධියේ ඇඳුම් මාරුකරන්න කැමැති නිළියක්
★ අත වනපු ගමන් ගෙන්න ගන්න පුළුවන් නළුවෙක්
★ හොඳ තත්ත්වයේ පෑන්ටියක් සහ බ්‍රෙෂියරයක්
★ බාත් ටවල් එකක්
★ ඈෂ් හෝල්ඩරයක්
★ සිගරට් එකක්
★ගිනිපෙට්ටියක්
චිත්‍රපටය සාදාගන්නා ආකාරය (Sri Lanka Latest News)
චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හන්දියෙන් කොල්ලකු අල්ලාගෙන ඌට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යැයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම.ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිළියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරුකරන්න සලස්වන්න.
ඉන්පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න…. ඇය කාමරයෙන් එහාට හැරෙද්දී නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න. ඉන් පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඬක් පසුබිමට එකතු කරන්න.
ඉන් පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න (එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.) දැන් බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න. (‘අහෝ ස්ත්‍රී හිස්ටරික බව’ විකල්ප විචාරකයෝ හඬනු ඇත.)
දැන් පූසා මේසය උඩය. ඌ බදින ලද බටු ව්‍යංජනය දෙස බලා සිටී. (එය පුරුෂ ලිංගයේ ස්ත්‍රී පිලිබිඹුවකැයි කේ.කේ. සමන් ලියනු ඇත. අපූර්වයි.)
පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව බිත්තරයක් කඩා පෑන් එකට දමයි. එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය (එය ගබ්සාවේ සංකේතයක් යැයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.)
උයා අවසන් වූ නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි. (ක්‍කදිැමච) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය එල්ලෙයි. (ක්‍කදිැමච) (ස්ත්‍රිය ආත්මය උනාදමා මාක්ස්වාදය ස්නානය කරයි. ඒ, චූලානන්ද සමරනායකය.)
ඉන් පසු ඇය බාත් ටවල් එකකින් හිස කෙස් එකට බැඳ නිරුවතින්ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කළ කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුවපහසු ලෙස දුම් උගුරක් උරයි. (සමාජවාදයට පශ්චාත් භාගය දුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රීත්වය යැයි ජයසිරි අලවත්ත ලියනු ඇත.)
චිත්‍රපටයට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඬ නඟන කෙඳිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කළ හැකිය. (ස්ත්‍රී වැජයිනාවේ කෙඳිරිය සංගීතය පිලිබිඹු කළා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත.)
දැන් ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටයක් නිපදවා තිබේ. එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසි නම් ඔබ කළ යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදාහරින දර්ශනයට සමපාතව බුදු පිළිමයක් ඉදිරියේ හඳුන්කූරක් දැල්වෙන ආකාරය ප්‍රදර්ශනය කිරීමයි. (සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයට ස්ත්‍රීලිංග ප්‍රහාරයක් යැයි චින්තන ධර්මදාස කියනු ඇත)
දැන් ඔබ කළ යුත්තේ ඔබ කොපිකළ චිත්‍රපටය ඒ රටේ තිරගත වන විටම සතියෙන් දෙකෙන් පෝලිම පන්නා මණ්ඩලේට බෝල බස්සා මහජන ප්‍රදර්ශනය කිරීමය.
ඉන්පසු මාකටින් පාරක් දුන් විට මා පෙර කිව් විචාරක ඔස්තාර්ලා ඔබව මෙරට ලෙස්ටර් ජේම්ස් බවට පත්කරනු ඇත. ඉතින් මන්ද පමා,
දැන්ම පටන් ගන්න….
උපේක්ෂා නුවන්ශ්‍රීනි









