• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රට ගොඩගන්නේ කොහොමද? රටම දන්න ආර්ථික විශේෂඥයන් දෙදෙනෙකු කරන විග්‍රහය මෙන්න

April 27, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
රට ගොඩගන්නේ කොහොමද? රටම දන්න ආර්ථික විශේෂඥයන් දෙදෙනෙකු කරන විග්‍රහය මෙන්න
Share on WhatsAppShare on Facebook

‘කොවිඞ්-19’ නොහොත් කොරෝනා රෝගය නමැති ගෝලීය මාරක වසංගතය හමුවේ අද අපට වෙනත් යමක් ගැන සිතන්නටවත් ඉඩක් ලැබී නොමැත. ලෝකයේම ජනී, ජනයා දිවා, රෑ කල්පනා කරන්නේ තමන් මාරයාගෙන් ගැලවෙන හැටිය. කුසට ලැබෙන යම් අහරකින් දාහය නිවාගෙන මාරයා පරදවන්නට ලෝකයම පෙළගැසී සිටිති. එහෙත් එවන් තත්ත්වයක් තිබියදීත් අපට නොදැනුවත්වම මහ පොළොව පළාගෙන අප අභිමුව එන තවත් මාරයෙකි. එම මාරයා තවම හරිහැටි අප ගිලගන්නට පැමිණ නොසිටියත්, හෙට අනිද්දාම එම නොපෙනෙන බලවේගයේ මහා බලපුළුවන්කාරකම අපට පෙන්වනු ඇතිය. මේ ගැන අද ලෝකයේ නන් දෙසින් විවිධ කතාන්දරද රාශියක් ඇසෙයි. අප ගිල ගන්නට එන එම මහා බලවේගය වෙනත් කිසිවකුත් නොව ආර්ථිකයයි. ලොව ඕනෑම රටක සංවර්ධනය සඳහා අදාළවන ප්‍රධානතම සාධකය වන්නේ එරට ආර්ථිකයයි. සරුසාර ආර්ථිකයකට අඩිතාලම වැටෙන්නේද මූල්‍යමය රටාවක් හරහාය. එහෙත් දැන් මුළු මහත් ලෝකයේම රටවල ආර්ථිකයට ‘කණකොකා’ හඬා හමාරය. එම ලැයිස්තුවේ අපද ඉහළින්ම සිටියි. මේ හෙයින් අපට කොරෝනා වසංගතය මධ්‍යයේම මෙම සිදුවන්නට යන විනාශය ගැන කරුණු, කාරණා සෙවීම අත්‍යාවශ්‍යය. මේ සඳහා දැනට දිවයිනේ සිටින ආර්ථික සහ මූල්‍යමය ක්‍ෂේත්‍රවල දක්‍ෂ, ප්‍රකට විද්වතුන් දෙදෙනකු තම අදහස් දක්වා තිබුණේ ‘ඬේලි එෆ්. ටී.’ පුවත්පතටය. එම අදහස් අනුසාරයෙන් මෙම ලිපිය සකස් කරන්නට යෙදිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය ක්‍ෂේත්‍රවල සිටින මෙම විද්වතුන්ගේ අදහස් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන – ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකි. ආර්ථික විද්‍යාව මෙන්ම මූල්‍ය කළමනාකරණය ගැන විශේෂඥයකි.

අද අප මහා සොඛ්‍යමය අර්බුදයකට පත්ව, ආර්ථිකමය විනාශකාරී තත්ත්වයකටද පත්වෙමින් සිටිනවා. ඉදිරියේදී අප රට මුහුණ දෙන්නට වන මෙම දරුණු ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඔබට යෝජනා කළ හැකි පිළියම් මොනවාද?

දුර්වල ආර්ථික තත්ත්වයක් තිබුණු අපේ රටට මෙම කොවිඞ්-19 වසංගතය නිසා තවත් දරුණු ආර්ථික අහේනියක් හෙට අනිද්දාම ඇති වෙනවා. මෙය හරියට කබලෙන් ළිපට වැටීමක් වගේ. මෙම ආර්ථික කඩාවැටීම මාස 12ක් ඇතුළත ඇතිවුණු දෙවැනි විනාශයයි. එනම් 2019 අප්‍රේල් මාසයේ සිදුවුණු පාස්කු ප්‍රහාරය ඉන් පළමුවැන්නයි. එම ව්‍යසනයෙන් සිදුවූ ආර්ථික විනාශය යම් තරමින් හෝ යථා තත්ත්වයට පත්වෙන්නට නොදී මෙම වසංගත විනාශය සිදුවෙන්න ගත්තා. පාස්කු ප්‍රහාරය සිදුවන විටදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතාමත් උච්ච, සාර්ථක මට්ටමක තිබී එයින් හොඳ ආර්ථිකයක්ද ගොඩනැඟී තිබුණා. එහෙත් ප්‍රහාරයත් සමඟ එම තත්ත්වය ක්‍ෂණයකින් විනාශ වී ගියා. ඒ නිසා 2018 වසරේදී තිබුණු 3.3%ක ආර්ථික වර්ධන වේගය 2019 වසරේදී 2.3% දක්වා පහත වැටුණා. ඩොලර් තක්සේරුවකින් ගත් කල ඩොලර් බිලියන 88ක තිබූ අගය ඩොලර් බිලිය 84 දක්වා පහත වැටුණා. මෙයින් වන හානිය නම් ලාංකිකයන් තවත් දුප්පත්ම ආර්ථික දරිද්‍රතාවකට පත්වීමයි. මේ නිසා රටේ අභ්‍යන්තර ආර්ථිකය මෙන්ම විදෙස් ණය ගෙවීම්ද අහස උසට නැග්ගා. කෙසේ හෝ මෙවැනි දරුණු ආර්ථික තත්ත්වයක් තිබියදී 2019 වසර අග බලයට පත්වූ නව රජය බොහෝ නිර්ලෝභීව ජනතාවට විවිධ බදු සහන ලබා දුන්නා. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේ පරමාර්ථයෙන් මෙසේ කළා. එහෙත් මෙසේ අක්‍රමවත් ආකාරයෙන් බදු සහන ලබා දීම නිසා ආර්ථිකයට අවසාන මරු පහරද එල්ල වුණා.
සියලු ජාති, ආගම් භේදයකින් තොරව ජනතාව මහත් කැපවීමකින් කටයුතු කළ යුතුයි. තමන්ගේ එදිනෙදා වියදම් අවම කර ගන්න ඕනෑ. ආයෝජකයන් සඳහා මුදල් යොදවා ගන්න ඕනෑ. මෙවැනි බුද්ධිමත් වැඩපිළිවෙළක් රජය මඟින් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. රට තුළ තිබෙන සම්පත්වල උපරිම දායකත්වය ලබාගන්න ඕනෑ. රජය විසින් දැනට සිදුකර ඇති බදු ක්‍රමවේදය අහෝසි කර රටේ ආර්ථිකය ගොඩනැඟිය හැකි බදු ක්‍රමවේදයක් වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ. ගෝලීය වශයෙන් ගත්විටද ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ප්‍රබල සංවිධාන විසින්ද ආර්ථිකය කඩාවැටී ඇති රටවලට අනිවාර්යයෙන්ම උදව් කළ යුතුයි.’

දිනේෂ් වීරක්කොඩි
ව්‍යාපාරික සහ මූල්‍යමය ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු කිහිපයක් දරන ඔහු ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා වෙයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා පර්ෂදයේ සභාපතිත්වයද උසුලන දිනේශ් වීරක්කොඩි මහතා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකද තනතුරු දරයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී අප රටේ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් අසන්නට ලැබෙන වගතුග ඉතාම අවමයි. විවිධ මුදල් පරිත්‍යාගයන් සහ භාවිත නොකරන හෝටල් ආදිය කොරෝනා රෝග නිවාරණ කටයුතු සඳහා ලබා දුන් පුවත් අසන්නට ලැබුණා. එහෙත් රජය සමඟ එක්ව කටයුතු කිරීමේදී පෞද්ගලික අංශයේ සහයෝගිතාව සහ දැක්මක් ගැන කිසිම ප්‍රකාශයක් සිදුවෙලා නැහැ. රජය සමඟ සුදුසු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම ගැනද කිසිම තොරතුරක් වාර්තා වන්නේද නැහැ. පෞද්ගලික අංශයේ හඬ සහ නායකත්වය මෙයට වඩා හිමිවිය යුතු නේද?

ආණ්ඩුවලට, මහබැංකුවලට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් එකතු වෙලා කොරෝනා වෛරසය පරදවන්න බැහැ. ලෝකයේ ඕනෑම රටක පෞද්ගලික අංශය පවා මේ සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටුකළ යුතුයි. රජයේ මූලික ඉලක්කය වී ඇත්තේ කොරෝනා වෛරසය වැළැක්වීම වුවත්, එම කාර්ය භාරය මෙහෙයවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ගැන අවධානයක් ලබාගත යුතු වෙනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සහ වගකීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙනවා. තත්ත්වය එසේ වුවද මේ වන විට පෞද්ගලික අංශයද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ වන විට බොහෝ පෞද්ගලික සමාගම්වල ප්‍රමුඛතාවය වී ඇත්තේ තම සේවකයන් ආරක්‍ෂා කර ගැනීමත්, ඒ සමඟම එම සමාගම්වල ඇති සුවිශේෂී හැකියාවන් සමාජයේ වත්මන් අවශ්‍යතාවයන් වෙනුවෙන් යෙදවීමත්ය. රජයට මෙම අවස්ථාවේදී පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය නම් එම කාර්ය භාරය උපරිම අයුරින් ඉටු කරදිය හැකිය. මෙය පෞද්ගලික අංශයෙන් මුදල් ආධාර එකතු කිරීමේ ක්‍රියාවලියක්ම පමණක් නොව, රජය සමඟ එකතු වී පොදු සමකාලීක ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළක්ද වනු ඇතිය. මෙම දිනවල ගොවි ජනතාව ඉතාමත් ප්‍රබලව මුහුණදී ඇති ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ කෘෂි අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමය. මේ අර්බුදය විසඳීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික ක්‍ෂේත්‍රයේද කාර්ය භාරය අත්‍යවශ්‍යයි. අපගේ වාණිජ මණ්ඩලය මේ වන විට මෙම අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනවා. සාමාජික සමාගම්වල ස්ථාවරත්වයද, ආරක්‍ෂාකර ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.’
නැවැත ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා වෙත යොමු කෙරෙන ප්‍රශ්නයකි.

මෙම අර්බුද සමයේදී ඇතිවිය හැකි මූලධර්මවාදයක් ගැන ඔබ අනතුරු හැඟවීමේ සීනුව නාදකර තිබෙනවා. ඔබට මේ තත්ත්වය ගැන පැහැදිලි කළ හැකිද? එසේම එවැනි තත්ත්වයකදී අප කුමක් කළයුතු වෙනවාද?

රටක ආර්ථිකය අවුල්සහගත තත්ත්වයක තිබෙන විටදී සෑම දෙනකුටම කුසගින්දර ඇති වෙනවා. මෙවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට සරු භූමියක් ඇතිවනවා මෙන්ම, එවිට නොයෙකුත් කුමන්ත්‍රණකාරී කතා ඇසීමටද ජනතාවට සිදුවෙනවා. මෙහිදී තමන්ට ආර්ථික භේදයන් ඇති වීමට හේතුව තමන්ගේ අසල්වැසියා විසින් තමන් සූරාකෑම යැයි මතයක් පිළිගැනීමටද පුද්ගලයන් කටයුතු කරනවා. එසේම එවිට යම් කණ්ඩායම් විසින් ධනවත් රටවල ඇති ආකල්පයන්ද අපේ රටට ආදේශකර ගන්නවා. එසේම අනෙකා කෙරෙහි අන්තවාදී අදහස්ද ඇතිකර ගන්නවා. මෙවැනි තත්ත්වයක් ඇති වීම රටට ඉතාම අහිතකරයි. එසේම එවිට නැවැත රට සියවස් ගණනාවක් ආපස්සට යනවා.
යම් දේශයක සෞභාග්‍ය ළඟාකර ගැනීම සඳහා එම දේශය තුළ ඇති ආකෘතිය ඉතාමත් වැදගත් වෙනවා. සිංගප්පූරුවේ මහා ආශ්චර්යය නිර්මාණය කිරීමට එරට පාලකයන් අනුගමනය කළේ එවැනි වැඩපිළිවෙළක්. චීන, මැලේ, දමිළ කියලා ජාතීන් සිංගප්පූරුවේ සිටියත් ඔවුන් තමන්ගේ ජාති හෝ ආගම් හෝ වශයෙන් හඳුන්වා ගත්තේ නැහැ. ඔවුන් සියල්ලන්ම එක හඬින් කිව්වේ තමන් ‘සිංගප්පූරුවන්’ ලෙසිනුයි. ආගම් අතරේ පවා ඔවුන් භේදයක් පෙන්නුවේ නැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින මූලධර්මවාදීන් පිරිසකගේ ක්‍රියාවලින් නිසා එවැනි පරිසරයක් ගොඩනැඟීමට බාධා ඇති වනවා.’

නැවැත වතාවක් දිනේෂ් වීරක්කොඩි මහතා වෙත යොමු කෙරෙන ප්‍රශ්නයකි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේදී ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළදී ‘අධි සන්නිවේදන’ ක්‍රියාවලියක යෙදීම වැදගත් සිද්ධාන්තයක් ලෙස සැලකිය හැකි නේද? එනම් සම්බන්ධීකාරක කණ්ඩායම්, විශේෂිත ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් සමඟද එම කටයුත්ත කළ යුතු නේද? ඔබ වත්මන් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ වැදගත්, ඉහළ තනතුරු දරන්නකු ලෙස එවැනි ක්‍රියාවලියක් කාර්යක්‍ෂමව සිදුකෙරෙනවාද?
ඒක වැදගත් ප්‍රශ්නයක්. රටේ තිබෙන මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් යටතේ අප ප්‍රශ්න ගණනාවකටම මුහුණ දෙනවා. ඒත් මේ සෑම පැනයකටම උත්තර සෙවීම පහසු කාරියක් නෙවෙයි. කෙසේ හෝ මෙම අර්බුදකාරී සමය තුළදී අත්‍යවශ්‍ය ලෙස සිදුකළ යුතු කාර්යයක් වන්නේ, නිරන්තරයෙන්ම තමන්ගේ ගනුදෙනුකාර කණ්ඩායම් සමඟ සන්නිවේදනය කිරීමයි. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට අදාළව එය කළයුතු වැදගත් කාර්ය භාරයක්ද වෙනවා. මේ සඳහා පියවර කිහිපයක් ගතයුතුයි.

  1. පාරිභෝගිකයන් සමඟ නිරන්තරයෙන්ම ගනුදෙනු කරමින් ඔවුන් අතර විශ්වාස යළි තහවුරු කළ යුතුයි –
  2. ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය වන රැස්වීම් නිරන්තරයෙන්ම පැවැත්වීම ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් වන අතර, එම රැස්වීම් ඉතා කෙටි න්‍යාය පත්‍රයක් යටතේ සිදුකළ යුතුයි. ඒ මඟින් උත්ගතව තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නිවැරැදි ඉලක්කයක් කරා යා හැකියි.
  3. පවත්වනු ලබන එම රැස්වීම් මාණ්ඩලික මට්ටමේ ඒවා විය යුතුයි. ඒවා අනිවාර්යයෙන්ම සතියකට වරක් පැවැත්විය යුතුය. එවිට ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ උද්ගතව ඇති ප්‍රශ්න සඳහා ඉතා කඩිනමින් විසඳුම් සෙවිය හැකියි. අර්බුදය සඳහා වැදගත් වන කුඩා අභියෝගයේ සිට විශාල අභියෝගය දක්වා යෑමේ ක්‍රියාවලිය මේ මඟින් සාර්ථක කරගත හැකියි. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට මෙන්ම පාරිභෝගික ප්‍රජාවටද මෙය ඉතාමත්ම වැදගත් වෙනවා.

පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා වැඩිවෙනවා: 5000 මදි: තව 15,000ක්වත් දෙන්න: සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් (VIDEO)

Next Post

මහින්ද ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ඉල්ලයි

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.