‘රිසර්ව් බෑන්ක් ඔෆ් ඉන්ඩියා’ වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා ගැනීම සදහා අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අඩු පොලී අනුපාතිකයක් යටතේ ඉතා කෙටි කාලසීමාවකට යටත්ව මෙම ණය මුදල ලබා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කොට ඇත.
ලබා ලන්නා මෙම ණය මුදල විදේශ සංචිතවල තැන්පත් කොට ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
ලබන බදාදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම ණය මුදලේ පොලී අනුපාත සහ ගෙවන කාල පරිච්ජේදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.










