කොරෝනා වයිරසය වේගයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් පවත්න බවත්, මේ හේතුවෙන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන සහන තවත් ඉහළ දැමිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දැනට ලබා දෙන රුපියල් 5000ට අමතරව පවුලක් වෙනුවෙන් තවත් රුපියල් 15,000ක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවකි.
පවතින තත්ත්වය යටතේ කෙසේවත් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, මළමිනී මතින් දේශපාලනය කිරීමට කිසිවකුත් සූදානම් විය යුතු නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.










