• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයේ කුඩාම ඩයිනෝසර් මතුවෙයි

April 25, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයේ කුඩාම ඩයිනෝසර් මතුවෙයි
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයම “covid 19” හෙවත් “කොරෝනා” වසංගතය තුළින් දියවී යමින් තිබේ. ඉතාලිය වැනි රටවල මිනිසුන් මියයන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යාවලිනි. මෙම වසංගතය අද එතරම් දුරට දරුණුය. ශ්‍රී ලංකාව තුළ දැනට පුද්ගල මරණ හතක් වාර්තා වුවත් මේ වන විට අනෙකුත් රටවල තත්ත්වය සෑහෙන්න වෙනස්ය. දැනටත් ලෝකයේ තත්ත්වය එසේ වන විට මියන්මාරය පැත්තෙන් අද ඇසෙන්නේ ඊට වෙනස් කතාවකි. ඒ නව සොයා ගැනීමක් සම්බන්ධයෙනි. ඒ අනුව ඔවුන් මෙසේ සොයාගෙන තිබෙන්නේ වසර මිලියන අනූ නවයක් පැරණි ලොව කුඩාම ඩයිනෝසර් පොසීලයයි. එය මියන්මාර් රටේ උතුරු ප්‍රදේශයකින් හමුවී ඇති අතර දැනට ලෝකයේ හමුවී ඇති කුඩාම “ඩයිනෝසර්” පොසීලය මෙය බව එරට විද්‍යාඥයන්ගේ අදහසයි. ඔවුන් වැඩිදුර පවසා සිටින්නේ මෙය ඔවුන් මෙතෙක් සම්බන්ධ කැණීම්වලදී හමුවූ අරුමම පුදුම පොසීලය බවයි.

මියන්මාරයේ උතුරු ප්‍රදේශයකින් හමුවූ මෙම පොසීලය දුම්මල විශේෂයක් අතරින් හමු වී ඇති කහ පැහැයට හුරු පොසීලයකි. මෙම පොසීල ආදර්ශය පක්ෂියෙකුගේ හිසක හැඩයෙන් යුතු වෙන අතර එය වසර මිලියන අනූ නවයක් තරම් දිගු කාලයක් පැරණි බව එය සොයාගත් විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. එම සොයාගැනීම සම්බන්ධයෙන් “නේචර්” නම් සඟරාවට ලිපියක් සම්පාදනය කරන ඔවුන් පවසා සිටින්නේ තමන්ට හමුවූ පොසීලය දැනට ලෝකයේ ජීවමාන කුඩාම පක්ෂියා වන “හමින්” නම් පක්ෂියා තරම් වෙන පොසීලයක් බවයි. මෙම නව සොයාගැනීමත් සමඟ ඔවුන්ගේ ඊළඟ පර්යේෂණය වන්නේ එවකට සිටි බව පැවසෙන දැවැන්ත ගණයේ ඩයිනෝසරයන් මෙසේ කුඩා කුරුල්ලන් දක්වා කුඩාම ලෙස පරිණාමය වූයේ කෙසේද යන්නයි.

මේ අතර වර්තමාන සමය වන විට සොයාගෙන ඇති ලොව කුඩාම ඩයිනෝසරයන් “මයික්‍රෝරැප්ටර්” පක්ෂීන් මෙන් ග්‍රෑම් සිය ගණනක් බරින් යුක්ත වෙන අතර “හමින්” පක්ෂියා සතු බර වන්නේ ග්‍රෑම් දෙකක් පමණි. කෙසේ වුවත් පසුගියදා සොයාගනු ලැබූ වසර මිලියන අනූ නවයක් පැරණි ලොව කුඩාම ඩයිනෝසර් පොසීලයේ පොසීල හිසෙහි දිව ආරක්ෂාවීම ජීව විද්‍යාත්මක ඉදිරි හැදෑරීම් මෙන්ම පර්යේෂණ සඳහා උපකාරී වෙනු ඇතැයි එය සොයාගත් විද්‍යාඥයන්ගේ අදහසයි. මෙම අපූරු නව සොයාගැනීමත් සමඟම බේජිං නඟරයේ පිහිටි චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය “ජින්ග්මායි ඕ‘කොනර්” මහතා පවසන්නේ මෙවන් කතාවකි.

“ඉතා කුඩා ශරීර සහිත සත්වයන්ට සුවිශේෂී ගැටලු සමඟ කටයුතු කරන්න සිදු වෙනවා. එක ප්‍රශ්නයක් තමයි සියලුම සංවේදී ඉන්ද්‍රියන් ඉතාම කුඩා හිසකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. ඒත් නැත්නම් ශරීර උෂ්ණත්වය පවත්වා ගනු ලබන්නේ කොහොමද කියන කාරණය….”

මේ වන විට මියන්මාරයේ උතුරු ප්‍රදේශයකින් හමුවී ඇති දැනට ලෝකයේ හමුවී ඇති ඉතා කුඩාම “ඩයිනෝසර්” පොසීලය දැනට නම් කර තිබෙන්නේ “OCULUDENTAVIS KHAUNGRAAE” යනුවෙනි. එසේ නම් කර ඇති එම නව සත්ව පොසිලය ඉතාමත්ම අසාමාන්‍ය ලෙසින් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ආරක්ෂා වී ඇත. නිදසුනක් ලෙස එම කුරුළු ඇසේ තරම සහ එහි හැඩය විද්‍යාඥයන් විස්මයට පත් කිරීමට තරම් හේතුවකි. එම පොසීලයේ පක්ෂී සිරුර අස්ථි වළල්ලකින් සමන්විත වෙන අතර මෙම අස්ථි පටලය ඇසෙහි ආධාරකයට උදව් කෙරෙයි. බොහෝ පක්ෂීන්ගේ වෙන් වෙන් අස්ථි ඉතා සරල ව්‍යුහයක් වෙන අතර ඒවා පැහැදිලිව හතරැස් වී තිබේ. නමුත් මෙම පොසීලයට අයත් අස්ථි හැන්දක හැඩයක් ගනු ලබන අතර ඒවා සමාන වන්නේ කලින් සොයා ගන්නා ලද ඇතැම් ජීවමාන උරග වර්ග සමඟින්ම පමණි.

මෙම “OCULUDENTAVIS KHAUNGRAAE” යනුවෙන් නම් කර ඇති පොසීලයේ ඇසෙහි අස්ථි බස්සෙකුගේ ඇසෙහි අස්ථි මෙන් කේතුවක හැඩයක් ගනියි. මෙම ඩයිනෝසරයන්ට ඉතා ඉහළ මට්ටමේ පෙනුමක් තිබූ බවක් එමඟින් පෙන්නුම් කෙරෙයි. නමුත් බස්සන්ට වෙනස්ව යමින් එම ඇස් සිරුරේ හිසෙහි පැතිවලට බර වෙන්නට පිහිටා ඇති අතර අස්ථි කේන්ද්‍රය පටු ස්වභාවයක් ගනු ලබයි. බොහෝ විට එය එසේම වී තිබෙන්නේ ඇසට පතිත වෙන ඒ ආලෝක ප්‍රමාණය පාලනය කිරීමක් නිසා විය හැක. පොසීලය සොයාගත් විද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙම පොසීලය අයත් සත්වයා දිවා කාලය තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ ඩයිනෝසර් සත්වයෙකු බවයි. මේ අතර සත්වයාගේ ඇස් සත්වයාගේ හිසෙන් පිටතට නෙරා තිබේ. එවැනි පිහිටීමක් ජීවමාන වෙනත් සත්වයින් තුළ දක්නට නොමැත. එම අමුතු පිහිටීම නිසා ඒවා ක්‍රියාත්මක වූ ආකාරය තේරුම් ගැනීමත් දුෂ්කර බව විද්‍යාඥයන්ගේ එකම පොදු මතයයි.

අප ඉහතින් සඳහන් කළ බේජිං නඟරයේ පිහිටි චීන විද්‍යා ඇකඩමියේ සිටිනා මහාචාර්ය “ජින්ග්මායි ඕ‘කොනර්” මහතා පවසා සිටින්නේ ඔහුට හදාරන්න ලැබුනු ඉතාම අපූරු පොසිලය මෙම පොසීලය බවයි. එසේම සොබාදහමේ තෝරාගැනීම් වෙන මෙවැනි වූ විස්මිත විකාරරූපී නිර්මාණවලට ඔහු කැමති බවත් අවුරුදු මිලියන අනූ නවයක් එය ආරක්ෂා වී තිබීම විශාල වාසනාවක් බවත් ඔහු පවසයි. මේ අතර ලොස් ඇන්ජලීස්හි තිබෙනා ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය “ලුවිස් චියප්පේ” මහතා පවසන්නේ මෙම සොයාගැනීම හරහා ඩයිනෝසර් යුගයේ ඝර්ම කලාපීය වනාන්තරයක ජීවත් වූ ඉතා කුඩා සතුන් පිළිබඳව චිත්‍රයක් නිර්මාණය කෙරෙන බවයි. තවද දුම්මල අතර වූ මෙම කුඩා ජීවියාගේ පොසීලය ආරක්ෂාවීම වාසනාවක් බවත් මෙතරම් කුඩා එසේම විනාශ වී යාමට බොහෝ ඉඩකඩ සහිත ජීවීන් පොසීල මට්ටමින් හමුවීම අසාමාන්‍ය දෙයක් බවත් ඔහුගේ අදහසයි. කෙසේ වුවද සොයාගනු ලැබ ඇති පොසීලයේ ඉතිරිව පවතින්නේ නම් හිස කොටස පමණි. එම හිස් කබලෙහි ඇතැම් මෘදු පටක පවා අද සුරක්ෂිතව පවතින අතර මුඛයේ දිව පවා එහි අදටත් ඉතිරිව පැවතීම පුදුමයට කරුණකි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කොසොල් රජු අන්තිම සිහිනෙන් දැක්කෙ කොරෝනාද

Next Post

ඉතිහාසයේ සැඟවුණු රහස් යාපහුවෙන් මතුවෙයිද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.