• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විගණකාධිපති වාර්තාවෙන් හෙළිවූ බිලියන ගණනක බෙහෙත් ගැහිලි ! Sri Lanka Latest News

May 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රත්‍යක්‍ෂ ආරක්‍ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයේ ඖෂධ මහජනතාවට සැපයීමේ මූලික අභිප්‍රායෙන් ස්ථාපිත ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඒ සඳහා තාක්‍ෂණික කමිටුවක නිර්දේශ අනුව ක්‍රියා කළයුතු වුවද, එහි අවම ක්‍රමවේදයෙන්ද බැහැරවූ විශේෂ ක්‍රමවේදයක් (Special pathway) යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිදහස් කිරීම නිසා අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ ආනයනය කර රෝගී ජනතාව අවදානමට ලක්කර තිබේ. (Sri Lanka Latest News)

ඒ නිසා ඒ විශේෂ ක්‍රමවේදය නිර්දේශ කර තිබුණු ඖෂධ නියාමන අධිකාරියේ එවක සිටි ප්‍රධාන විධායක නිලධාරියාද, එය අනුමත කළ පාලක මණ්ඩලයද සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා චූදිතයනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව 2020-2022 වර්ෂවල ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම බෙදාහැරීම සහ නියාමනය සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ විගණනයේදී අනාවරණ වූ කරුණු පිළිබඳ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවේ නිර්දේශ වශයෙන් අවධාරණය කර තිබේ.

ඖෂධ හතරකට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වෙමින් තිබියදී ඒ ඇණවුම අවලංගු කර දේශීය ඖෂධ නිෂ්පාදන කෙරෙහි යොමුවීම නිසා මහජනතාවට (රජයට) දැරීමට සිදුවී ඇති අතිරේක වියදම රුපියල් දාසය කෝටි හැත්තෑ හත් ලක්‍ෂ දාහත් දහස් නමසිය තිස් පහකි (16,77,17,935).

ඖෂධ එකොළහකට අදාළ සමස්ත තොරතුරු පරිශීලනය කිරීමකින් තොරව හදිසි මිලදී ගැනීමක් නිසා රජයට (මහජනයාට) දරන්නට සිදුවී ඇති අතිරේක වියදම රුපියල් හැත්තෑ කෝටි අනූඑක් ලක්‍ෂ හතළිස් නමදහස් අනූනමයක් (70,91,49,099) බැවින් ඒ මිලදී ගැනීම සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ගෙන් ඒ පිරිවැය (පාඩුව) අයකරගත යුතු බව විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන Meropenem Injection නමැති එන්නත් ඖෂධ කුප්පි ඒකක හාරලක්‍ෂ අසූඅට දහස් පන්සිය අනූවකට (4,88,590) ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයීම් අංශයේ හෝ රෝහල් පද්ධතිය තුළ හෝ තිබියදීත් ඒ ගැන නොසලකා රුපියල් එක්දහස් හැත්තෑපහයි සත හැටක් (1,075.60) වටිනා එන්නත් කුප්පියක් ඉතා අවශ්‍ය හදිසි මිලදී ගැනීමක් වශයෙන් සලකා රුපියල් එක්දහස් අටසිය අනූපහයි සත පනහකට (1,895.50) මිලට ගැනීමෙන් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් තිස්හය කෝටි අසූනම ලක්‍ෂ පනස්පන් දහසක් (36,89,55,000) බව විගණකාධිපතිවරයා කියයි.

එසේම 2022 වර්ෂයේදී රුපියල් එක්දහස් හැත්තෑපහයි සත හැටකට (1,075.60) මිලට ගත හැකි වූ Meropenem වර්ගයේ එන්නත් කුප්පියක් ඇතැම් රෝහල්වලින් රුපියල් හාරදහස් නමසිය පනහේ (4950) සිට නමදහස් හාරසිය පනහ (9450) දක්වාවූ අතර මිලකට එන්නත් කුප්පි දාහතර දහස් හාරසිය පනහක් (14,450) සපයා ගැනීමෙන් රජයට දැරීමට සිදුවී ඇති අලාභය රුපියල් අටකෝටි දාසය ලක්‍ෂ දහනම දහස් හයසිය තිස් හතක් (8,16,19,637) බවද විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගණන වාර්තාවේ පෙන්වා දී ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝලීය උතුරට චෝදනාවක් කරමින් රනිල් බාලිවලදී ලෝක ජල සමුලුව අමතයි! I Sri Lanka Latest News

Next Post

ඩයනා සැකකාරියක්! නීතිපති උපදෙසින් පසු CIDය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper