• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එංගලන්තයේ දෙවැනි ඩයනාට ගේම දුන්න ලංකාවේ ඕෂල බඩු එළියට දායි! අනුරත් බෑ කිව්වා! සජබෙත් බෑ කිව්වා! මම තමයි කළේ! Sri Lanka Latest News

May 20, 2024
in Exclusive
Reading Time: 26 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍යවරියකු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අධිකරණය මගින් පසුගිය 08 වැනිදා අහෝසි කරනු ලැබුවා. ඒ, ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නීත්‍යනුකූල බලයක් නොමැති බව දක්වමින් වසර හතරක කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමගයි. මෙම නඩුවේ ආරම්භයට හේතු වූයේ සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකළ චෝදනාවකි. ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් කියා සිටියේ ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසියකු බැවින් ඇයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ හිමිකමක් නොමැති බවයි. පසුව එම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වුණු අතර අවසානයේදී එම විනිසුරු මඬුල්ලේ බහුතර කැමැත්ත මත අදාළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණා. කෙසේ වෙතත් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඕෂල හේරත් මහතා සහ සමගි ජන බලවේගයේ නීතිඥ මඬුල්ල අදාළ තීන්දුව බල රහිත කරන ලෙසත්, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීතිමය අවසරයක් නොමැති බවටත් කරුණු දක්වමින් පෙත්සමක් ගොනුකරනු ලැබුවා. එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව විනිසුරු මඬුල්ල නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවටයි. මේ අතර, මෙම ආන්දෝලනාත්මක තීන්දුවට බලපෑ නඩුව ගොනුකළ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. පහත පළවන්නේ Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් එම සාකච්ඡාවයි.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් සමගයි අද අපි කතා කරන්නේ. ඔබ ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයටත්, ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. අභියාචනාධිකරණය මේක ප්‍රතික්ෂේප කරපු වෙලාවේ එතැනින් නතර වෙන්න ඔබට හිතුණේ නැත්තේ ඇයි?

මට තිබුණු සාක්ෂි අනුව පැහැදිලිවම ඇය බි්‍රතාන්‍ය පුරවැසියෙක්. තොරතුරු අනුව ඇය පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ. අභියාචනාධිකරණ තීන්දුව මම පිළිගත්තා වුණත් මම ඒ තීන්දුව වැරැදියි කියලා මගේ හෘද සාක්ෂියත් දන්නවා. ඒ වගේම ඒක එහෙම වෙන්න ඉඩ හැරියොත් මම කරන්නේ ලොකු වරදක්. ඒ නිසා අභියාචනාධිකරණය තීන්දුව දීපු වෙලාවේ මම හිතුවා තව සති 2ක් ඇතුළත අනිවාර්යයෙන්ම මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ නඩුව අභියෝගයට ලක්කරනවා කියන එක.

මෙච්චර පන්නන්න මොකක්ද ඔබට ඩයනා එක්ක තියෙන පුද්ගලික වෛරය?

ඩයනාව මම අද වෙනතුරු සජීවීව හමුවෙලා නෑ. ෆෝන් එකෙන්වත් කතා කරලා නෑ. කිසිම පෞද්ගලික වෛරයක් නෑ. ඇයට කාන්තාවක් ලෙස මම ගරුකරනවා. මේ රටේ තවත් ඕනේ තරම් ඇති වීසා වංචා කරපු අය. හැබැයි ඒවා මට අදාළ නෑ, මොකද ඒවා පෞද්ගලික ප්‍රශ්න. නමුත් ඩයනා ඒ බොරුව හරහා පාර්ලිමේන්තුවට ගිහින් මාසෙකට මිලියන 3 – 4ක වරප්‍රසාද භුක්ති විඳිනවා මහජන මුදලින්. අවුරුදු තුනහමාරක් හතරක් කෝටි දෙක තුනක වරප්‍රසාද ඇය ලබාගෙන තිබෙනවා මේ රටේ මිනිස්සුන්ගෙන්.

මේ නඩුවෙන් ඔබ ලබන සතුට මොකක්ද? ඇත්තටම ඔබ පොලිටිකල් බ්‍රෝකර් කෙනෙක් නේද?

ඔය කතාව ගොඩක් අය හිතනවා. අපි මොනවා හරි කළාම අපේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා.

ඔබ කියන ඔය කතාව මිනිස්සු විශ්වාස කරයි කියලා හිතනවද?

විශ්වාස කළත් නොකළත් ඒක තමයි සත්‍යය. අභිනව නිවහල් පක්ෂය ගත්තත්, මේ රටේ පක්ෂ 80ක් තියෙනවා සක්‍රීය මට්ටමේ. ඒවායින් අති බහුතරයක් 2019 ඡන්දෙදී හරි 2015 ඡන්දෙදී ප්‍රධාන පක්ෂයක් සමග සන්ධානගත වෙලා ඉදිරිපත් වුණා. අභිනව නිවහල් පක්ෂය ආරම්භයේ ඉඳන් අද වෙනතුරු කිසිම පක්ෂයක් එක්ක සන්ධානගත වෙලා නෑ.

දැන් ඔබේ නඩුව දිනුවා. ඩයනා ගෙදර. මුජිබර් පාර්ලිමේන්තුවේ. ඒකද ඔබට ඕනේ වුණේ?

මගේ සටන සිස්ටම් චේන්ජ් එකක්. මගේ සටන අධිකරණය ස්වාධීනයි කියන එක රටේ මිනිස්සුන්ට පෙන්වන්න සහ අධිකරණයෙන් හරහා අපිට වැඩක් ගන්න පුළුවන් කියන එක පෙන්වීම.

ඔබ මේ කෙළින්ම කළේ සජිත්ගේ අවශ්‍යතාවනේ?

මුජිබර්ටයි සජිත්ටයි තව දවස් කීයක් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. 2020 අගෝස්තු මාසේ විතර මම උසාවි ගියා සමගි ජන බලවේගය නීති විරෝධී කියලා. ඒක පවරගත්ත විදිය වැරැදියි කියලා. ඒක ඒ කාලේ හිට් වෙච්ච නිවුස් එක. හැබැයි ඒ නඩුව තාක්ෂණික හේතු හින්දා ඉවත් වුණා. නමුත් ඒ කාරණාව සනාථ වෙනවා ඩයනාගේ මේ වෙච්ච දේත් එක්ක. අද ඩයනාගේ සැමියා සේනකම ඇවිල්ලා කියනවා සජබය ඇතුළේ ව්‍යවස්ථාවේ ලොකු අර්බුද තියෙනවා කියලා. එදා මට විරුද්ධව පම්පෝරි ගහපු කණ්ඩායම අද ඇවිල්ලා කියනවා තව ටික දවසක් යනකොට සජිත් ඇතුළු සජබය ගෙදර යවලා ඒගොල්ලන්ට ඕනේ කට්ටියක් පාර්ලිමේන්තු යවනවා කියලා.

ඔබ සජිත්ට විරුද්ධව නඩු දැම්මා. ඊට පස්සේ ඩයනා පක්ෂය විකුණුවා කියලා විවිධ අර්ථකථන දුන්නා. ඊට පස්සේ ඩයනාට විරුද්ධව නඩු දැම්මා. යූ.ඇන්.පී. ලිස්ට් එකෙන් ඡන්දේ ඉල්ලුවා. ඔබව තේරුම් ගන්න අමාරුයි?

මම ස්වාධීන පුරවැසියෙක්. මේ සමාජයේ තියෙන අසාධාරණයට දේශපාලනඥයන්ගේ මජරකමට විරුද්ධව මම සටන් කරනවා. මම කරන වැඩවලදී එක මොහොතක එක දේශපාලනඥයෙක්ට වාසියි, තව කෙනකුට අවාසියි කියලා මාව නිර්වචනය කරන්න බෑ. මම හැම තිස්සෙම තීන්දු ගන්නේ හරි තීන්දු.

ඩයනා පක්ෂය දුන්නම සජිත්ට විරුද්ධව ගැහුවා. ඩයනා ගෝඨාභයට ඡන්දේ දීලා 20 වැනි සංශෝධනයට ඒ පැත්තට ගියාට පස්සේ සජිත් එක්ක එකතු වෙලා ඩයනාට ගැහුවා. ගෝඨාභයගේ පාලනයට විරුද්ධව ගෝඨාභයට ගැහුවා. ඇත්තටම ඔබ කවුද?

මම ස්වාධීන පුරවැසියෙක්. මගේ කාර් එකෙත් ගහලා තියෙන්නේ ‘225ම ගෙදර යවමු’ කියලා. මම ඒ 225න් එකෙක් ගෙදර යැව්වා. මට ඒකයි තියෙන ආඩම්බරය. මට පුළුවන් නම් 225ම ගෙදර යවනවා. ඩයනාගේ ප්‍රශ්නේ හරි නම් මම නෙවෙයිනේ ගේන්න ඕනේ. ජාතික ජන බලවේගයට, යූ.ඇන්.පී. එකට හෝ අනිත් ඕනේ කෙනකුට ඒක ගේන්න පුළුවන්. නමුත් කවුරුත් ඒක ඇද්දේ නෑනේ.

ඒ කියන්නේ සජබෙ ඇද්දෙත් නෑ, අනුර දිසානායක ඇද්දෙත් නෑ?

නෑ. ඒගොල්ලෝ කෙළින්ම බෑ කිව්වා.

කාවද ඔබ මුණගැහුණේ?

මම සජිත්ට යැව්වා මේ විස්තර. සජිත් මට ෆෝන් ආන්සර් කරන්නේ නෑ, කතා කරන්නේ නෑ, ීැැබ ීැැබ කියලා වැටෙනවා. මම හර්ෂට කතා කළා. රංජිත් මද්දුමබණ්ඩාරට කතා කළා.

ඔයා ඉන්නේ සජිත් සහ ඉරාන්ගේ ටීම් එකත් එක්කනේ?

අපෝ නෑ. ඔයා සමහර විට තව සතියකින් විතර ඔය කතාව වෙනස් කරයි. මොකද සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය චැලෙන්ජ් කරලා මම උසාවි යන්න ඉඩ තියෙනවා.

ඔබ අනුර දිසානායකටත් ඕක යැව්වද?

යැව්වා. අනුරට කතාකරලම කිව්වා. ඔහු කිව්වා මේකට මැදිහත් වෙන්න බෑ, මේ අනවශ්‍ය ප්‍රශ්නයක්, අපිට ගැළපෙන්නේ නෑ කියලා. මම ඉල්ලුවේ මේ ‘බී’ රිපෝට් එක පාර්ලිමේන්තුවේ සභාගත කරලා හැන්සාඩ් එකට දාන්න. එතකොට රටම ඒක දැනගන්නවා.

ඒක කරන්න කවුරුවත් කැමැති වුණේ නැද්ද?

නෑ.

එතකොට ‘බී’ රිපෝට් එක හැන්සාඩ්ගත කළෙත් නැද්ද?

හැන්සාඩ් කළා මුජිබර් ගෙදර ගියාටත් පස්සේ, මේ මෑතකදී.

ඒක කවුද කළේ?

නලින් හරි මුජිබර් හරි දෙන්නගෙන් කෙනෙක් කළේ.

ඇයි ඒ හැමෝම මේක ප්‍රතික්ෂේප කළේ?

මේකේ අන්තිම ප්‍රතිඵලය පැහැදිලියිනේ. වංචනික ලෙස පාර්ලිමේන්තුවේ අසුන්ගෙන හිටපු ඩයනා ගෙදර ගියා. ඒ කියන්නේ කාටහරි ඍජුව පහරක් වදින ප්‍රශ්නයක් වෙන දෙයක් පාර්ලිමේන්තුවේ 225 අතරේ සම්මුතියක් තියෙනවා අපි ගන්නෑ කියලා. එක එකාට මඩ ගහගහන්න ටික කරනවා.

ඒ කියන්නේ ඩයනා, අනුර, සජිත් මේ ඔක්කොම ඩීල් එකක් යන්නේ?

ඒ සම්මුතියක් තියෙනවා.

සේනක මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා පාර්ලිමේන්තුවේ 50%ක් මගේ ගෙදර ඇවිල්ලා තියෙනවා, මගේ ගෙදරින් කෑම කාලා තියෙනවා, ඔය ඔක්කොම අපි දන්න කට්ටිය කියලා? ඩීල් එකක් ද මේ යන්නේ?

ඔව් ඩීල් එකක්. ඩයනාව පහුගිය අවුරුද්ද පුරාම රැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඒක ඩයනාම කියනවා.

එහෙම රැක්කා නම් ස්වාධීන අධිකරණ තීන්දුවක් ලැබෙනවද?

ඒක තමයි මට ඔප්පු කරන්න ඕනේ මේ රටේ අධිකරණය ස්වාධීනයි. ස්වාධීන නැත්තේ පොලිසියයි නීතිපති එකයි.

සේනක කියන්නේ ලබන ආත්මෙත් මට මෙයාවම ලැබෙන්න ඕනේ කියලා. එයා ගෙදරදී පූසෙක් වගේ, හැබැයි පූසා අවුස්ස ගත්තොත් කොටියෙක් වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ කරලා තියෙන්නේ ඒ කොටියාව අවුස්ස ගැනීමක් කියලයි ඔහු කියන්නේ?

සේනක කරන එක පැහැදිලිවම තර්ජනයක්.

මොකක්ද තර්ජනය?

ඔහු ඔය නොකියා කියන්නේ ඩයනා කියන්නේ පළිගන්නා කෙනෙක් කියන එකනේ. මේ කාරණාවත් එක්ක ඔවුන්ගේ හිත්වල මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ.

ඩයනා ගැන හොඳටම දන්නේ ඔබ නෙවෙයි, සේනක. සේනක ඩයනාගේ විවාහක සැමියා?

මට සේනකගෙයි ඩයනාගෙයි පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න අදාළ නෑ.

මොකක්ද ඒ දෙන්නගේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන්නේ?

(ලිපියක් පෙන්වමින්) මට ලියුම එනවා ඩයනාට නඩුව දාලා ටික කාලෙකින්. ඒකේ මෙහෙම සඳහන් වෙනවා. “Mr Oshala, This is for your information about Diana Gamage. She is a British citizen and Doesn’t have dual citizenship in Sri Lanka. Another thing is Senaka de Silva is not a husband. Senaka has been using her since many years. They never married. Some years ago they were living together. And he married a foreign woman….” කියලා මට එවනවා විවාහ සහතිකයේ පිටපතක්. මේකේ ස්වාමිපුරුෂයා ආචාර්ය සේනක හරිප්‍රිය ආනර්ල්ඩ් ද සිල්වා. බිරිය ඔලේනා බිලෝන්මා. වයස 26යි. සේනකට 56යි. 2015 විවාහ වෙලා තියෙන්නේ. මම මේ ගැන හෙව්වා. මේක සත්‍ය පිටපතක්. මේක පාවිච්චි කරලා තියෙනවා බිලෝමා කියන කාන්තාවට සේනකගේ බිරිය විදියට ස්පවුස් වීසා එකක් ලබාගැනීමට පවා.

ඒ කියන්නේ සේනක සහ ඩයනා අතර නීත්‍යනුකූල විවාහයක් නෑ කියලානේ ඔබ කියන්නේ?

මට මේක අදාළ නෑ. හැබැයි ඔහු මාධ්‍යයට ඇවිල්ලා ජනතාවට බොරුවක් කියනවනේ. දැන් ඒක නිවැරැදි කරන්න මම මේක කියනවා.
ඔබ කියන්නේ සේනක සහ ඩයනා ලිවිංටුගෙදර් ඉන්නවා කියන එක මේකට අදාළ වෙන්නේ කොහොමද? අපිට මොකද ලිවිංටුගෙදර් හිටියාම?

අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔහු ජනතාවට කියනවා තමන් ඩයනාගේ ස්වාමිපුරුෂයා කියලා. ඒක බොරුවක්.

ඔබ කියන්නේ සේනක ඩයනාව බැඳලා නෑ කියලද?

ඔව්.

ඒ විවාහ සහතිකය ඔවුන් ඔප්පු කළොත් මොකද වෙන්නේ?

එහෙනම් බහු විවාහයට සේනක තවත් වැරැදිකාරයෙක් වෙනවා.

ඒක ඩිවෝස් වෙලාද කියලා කවුද දන්නේ?

නෑ ඩිවෝස් වෙලා නෑ. තවමත් තියෙනවා. මේ 2015.

එයා කොයි රටේ කෙනෙක්ද?

යුක්රේන ජාතිකයෙක්. මට ආරංචි විදියට බබාලා දෙන්නෙකුත් ඉන්නවා. එපාර්ට්මන්ට් එකක සේනක තියාගෙන ඉන්නේ.

කොහෙද?

ලංකාවේ. එයා කියනවා දවස් තුන්සිය ගානක් හිරේ හිටපු මිනිහෙක්, දේශපාලන පන්නරයක් තියෙන මිනිහෙක්, ඇයි ඔයා එහෙම මිනිස්සුන්ට මඩ ගහන්නේ?
මම හිතන්නේ සේනක දවස් තුන්සිය ගානක් නෙවෙයි අවුරුදු ගානක් හිරේ ඉඳලා තියෙනවා.

නෑ එයා කියනවනේ දවස් තුන්සිය ගානක් කියලා?

ලංකාදීප පත්තරේ 1993 පුළුවන් නම් අරගෙන බලන්න. දවස ගානේ මහාධිකරණයේ ගිය නඩුවක් ඇති පත්තරවල. ඒ කාලේ ඉඳලා තියෙනවා ස්ටැන්ලි සිල්වා කියලා බුකී හිමිකරුවෙක්. මුහුණු වහගෙන ඇවිල්ලා ඔහුගේ නිවෙස මංකොල්ල කාලා ලක්ෂ 20ක රොබරියක් දෙනවා. ස්ටැන්ලි සිල්වා කියන්නේ ආර්. ප්‍රේමදාසගේ හොඳ මිත්‍රයෙක්. කොහොම හරි මේ ස්ටැන්ලි සිල්වාගේ ගෙදර කොල්ලකාපු එකට සේනක සම්බන්ධයි කියලා ඒකට මහාධිකරණයේ නඩුවක් ගිහිල්ලා ඒකෙන් වැරැදිකාරයා වෙලා සේනක අච්චු වෙලත් තියෙනවා. අවුරුදු හතක වගේ කාලයක සිර දඬුවමක් විඳලා තියෙනවා.

ඩයනාගේ හස්බන්ඩ් සේනක අවුරුදු හතක් හිරේ ඉඳලා තියෙනවා මංකොල්ලෙකට?

ඔව්. මම වගකීමක් ඇතුව කියන්නේ. 1993-94 දිනපතා ලංකාදීපේ මේ නඩුවේ විස්තර පළවුණා. මේවා පත්තරේට වාර්තාකරපු වාර්තාකාරයාගෙන් විස්තර අහගෙන තමයි මම කතාකරන්නේ.

මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් මම කතාකළා සේනකට. ඔහු කිව්වා තමන්ට ගෝඨාභය රාජපක්ෂ කතාකළ බව. ගෝඨාභය කිව්වලු ඕෂලගේ තාත්තාගේ ප්‍රශ්නේ බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය වෙලාවේ ඕෂල ගෝඨාභය මුණගැහිලා වැඳලා කිව්වලු තාත්තට ඇප අරන් දෙන්න කියලා. පස්සේ ගෝඨාභය ඇප අරන් දුන්නලු. නඩුවේ තීන්දුවෙන් පස්සේ ගෝඨාභය සේනකට කතාකරලා කිව්වලු ‘අයියෝ සේනක ඕක සීරියස් කියලා දන්නවා නම් මට කියන්න තිබුණනේ, මම ඕෂලට කියලා නඩුව ඉල්ලා අස්කරගන්නවනේ, එයා මට වැඳලා සමාව ගත්ත මිනිහෙක්නේ’ කියලා. සේනක මට කිව්වේ?

සේනක කියන්නේ සම්පූර්ණ බොරුවක්. ගෝඨාභය රාජපක්ෂ මට ජීවිතේටම මුණගැහුණේ මේ අරගලයෙනුත් පස්සේ. මගේ තාත්තගේ කාලෙවත්, අරගලයට කලින්වත් මම ගෝඨාභයව හම්බවෙලා කතාකරලා නෑ. හැබැයි මගේ තාත්තගේ ප්‍රශ්නේ වෙලාවේ, 20 ගෙනාපු වෙලාවේ මම ගෝඨාභයට ලියුම් ලියලා තියෙනවා.

ඔයා ගෝඨාභයට වැඳලා තාත්තා නිදහස් කරලා දෙන්න කියලා කිව්වේ නැද්ද?

නෑ. ඔහු ජනාධිපති වෙලාවේ මම යවපු ඊමේල් පණිවුඩ මට පෙන්වන්න පුළුවන්. ජනාධිපතිතුමා පී.ටී.අයි. එක දාපු එක වැරැදියි. මේක අසාධාරණයි. මගේ තාත්තා අහිංසකයි. ඒ නිසා පී.ටී.අයි. එකෙන් ඔහුව ඉවත් කරන්න කියලා.

හරි සේනක දැනගන්න ඕනේ ඒක ඔප්පු කරලා පෙන්වන්න. ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින්. තියමු. ඔයා සේනකට කතාකරලා මේ නඩුව ඉල්ලා අස්කරගන්න ඩීල් එකකට කතා කළානේ?

ජීවිතේට කතාකරලා නෑ.

සේනක මට කිව්වා ඩොක්ටර් අරෝෂ් හරහා ඔයා ඩීල් එකකට ආවා කියලා. මියගිය කර්නල් විජේසුන්දර හරහා නඩුව ඉල්ලා අස්කරගන්න මිලියන 5ක් ඉල්ලුවා කිව්වා?

අමූලික බොරු. ඔය ඩොක්ටර් අරෝෂ් මට කතාකළා තමයි. ඒ වොයිස් රෙකෝඩ් එකත් මා ළඟ තියෙනවා. කර්නල් විජේසුන්දර කෙනෙක් එක්ක මම ජීවිතේට ඩීල් දාලා නෑ. ඩොක්ටර් අරෝෂ් මට කතාකරලා කිව්වා සේනකට මාව මුණගැහෙන්න ඕනේ එළියේ තැනකදී කියලා. මම කිව්වා කොහෙවත් පිට තැනකදී මාව හම්බෙන්න ඕනේ නෑ, ඕනෙම කෙනකුට මාව මුණගැහෙන්න පුළුවන් අපේ ගෙදරට එන්න කියලා.

මොකක්ද හේතුව?

මේ ඩයනාගේ ප්‍රශ්නේ හරි මොකක් හරි හේතුවක්.

එයාද මුලින්ම ඔයාට කෝල් කළේ?

ඔව්.

ඔයා ළඟ කෝල් රෙකෝඩින් තියෙනවද?

ඔව්. ඒක විතරක් නෙවෙයි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිෂන් සභාවෙන් මම ආරක්ෂාව ගත්තා මම මේ නඩුව හින්දා මට තර්ජනයක් එන්න පුළුවන් කියලා හැම පැත්තෙන්ම කියපු නිසා. මම එතැනට මේ ඩොක්ටර් අරෝෂ්ගේ වොයිස් රෙකෝඩින් එක දීලා පැමිණිල්ලක් කරලා තියෙනවා.

වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයෙන් ආරක්ෂාවක් ගත්තේ ඒ කියන්නේ ඔයාව මරයි කියලා ප්ලෑන් එකක් තිබුණද? ඔයාට එහෙම තොරතුරක් ආවද?

මේ නඩුව මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් අද තියෙන ආණ්ඩුවටත් දේශපාලන අස්ථාවරය කරන්නත් ක්‍රියාත්මක වෙන නඩුවක්. එහෙම අවස්ථාවකදී මට කොහෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.

ඔයාව මරන්න කවුරු හරි සෙටප් එකක් තිබුණද?

මට ඍජුව කවුරුවත් එහෙම කියලා නැති වුණාට මට කට්ටිය කියලා තිබුණා පරිස්සම් වෙන්න කියලා. එක පාරක් රංජිත් මද්දුමබණ්ඩාර කතා කරලා කිව්වා ඕෂල ඔයා කරලා තියෙන දේ අපිට කරන්න බෑ. හරි භයානක වැඩක් ඔයා කරලා තියෙන්නේ, ඔයාට අපි ස්තුතිවන්ත වෙනවා කියලා.

ඔයා නඩුවක් දැම්මා. ඒක තීරණාත්මක නඩුවක්. මම අහන්නේ සේනක සහ ඩයනාට ඕනෙ නම් ඔයාව මරන්න තරම් හයියක් ඒගොල්ලන්ට තියෙනවද?

එහෙම තියෙනවා කියලා කරුණු කාරණා දන්න කට්ටිය කියනවා. මම දන්න මාධ්‍යවේදීන්, යූටියුබ් කරන සමහර මාධ්‍යවේදීන්ට ඊයේ පණිවුඩය ඇවිල්ලා තියෙනවා මේ ගැන කතාකරන්න එපා, කතාකළොත් ප්‍රශ්නයක් වෙයි කියලා.

මේ ගැන කතාකරන්න එපා කියන්නේ?

සේනක ගැන කතාකරන්න එපා කියලා. ප්‍රෝග්‍රෑම් කරන්න එපා කියලා.

කවුද එහෙම කියලා තියෙන්නේ?
සේනකට හිතවත් පාර්ශ්ව විසින්.

ඒක තර්ජනයක්ද?
ඉතා කාරුණික ඉල්ලීමක් විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාගේ වචනයෙන්ම කියනවා නම් ඔයාටත් චෙක් එකක් ලියලා තියෙනවා කියලා.

ඒ කියන්නේ සල්ලි දෙනවා කියලා?

සල්ලි දෙනවා හෝ කොන්තරාත්තුවක් දෙනවා කියලා. ඔයා මේකට මැදිහත් වෙන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ.

සේනකද කියලා තියෙන්නේ?
සේනක දන්නා පාර්ශ්වයක්. මට ඒ මාධ්‍යවේදියාගේ අවසරයක් නැතුව ඔහුගේ නම කියන්න බෑ. හැබැයි අවශ්‍ය වුණොත් පොලිසියට මම ඒ විස්තර දෙන්නම්.

ඔයා ඩොක්ටර් අරෝෂ්ගෙන් ලක්ෂ 50ක් ඉල්ලුවා නේද මේ ඩීල් එක ක්ලෝස් කරන්න?

අමු බොරුවක්.

කර්නල් විජේසුන්දරගෙන් ඉල්ලුවා නේද?

අමු බොරුවක්. මගේ ෆෝන් කෝල් ඔක්කොම රෙකෝඩ් වෙනවා මේ ෆෝන් එකේ. කර්නල් විජේසුන්දර මට කිහිප විටක්ම කතාකරලා මම කරන වැඩේ හොඳයි කියලා කියලා තියෙනවා පළාත් පාලන මැතිවරණ කළේ මම මැතිවරණ කොමිසමට ලියලා කරපු වැඩ ගැන. එයා ඩයනාව දන්නවා කියලත් මට කියලා තියෙනවා. හැබැයි කිසි විටෙක එහෙම කතාබහක් වෙලා නෑ.

මේ නඩුව කියන්න ඔයාට සල්ලි කොහෙන්ද? මම දැක්කා ඔයා ඇඩ් දාලා ජාත්‍යන්තර වශයෙන් මේකට ආධාර කරන්න කියලා කියනවා. ඒ ලැබුණු සල්ලි කෝ? ඔයා තමයි නාගානන්ද කොඩිතුවක්කුගේ එකවුන්ට්ස් ගැන ගහගෙන ගිය මනුස්සයා. එතකොට ඔයාට ලැබුණු සල්ලිවල ඔඩිට් රිපෝට්ස් කෝ?

ඒ සියල්ල මගේ ෆේස්බුක් එකේ පළකරලා තියෙනවා. Diana Donors කියලා මගේ වට්ස්ඇප් ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකට ගියාම ගෲප් ඉන්ෆොමේෂන් එකේ නම් 40කට කිට්ටු නම් ගොඩක් තියෙනවා. මේ ඔක්කොම තමයි ඩෝනර්ස්ලා. මට සත පහක් හරි දීපු හැමෝම එක වට්ස්ඇප් ගෲප් එකට දාලා තියෙනවා. මම පොරොන්දුවක් වුණා මම නඩුව පැරැදුණොත් මේ හැම සතයක්ම ආපහු දෙනවා කියලා.

දැන් ඔයාට නඩු ගාස්තුව සමග සියලු වියදම් ගෙවන්න කිව්වනේ. එතකොට ඔයා ඒ මුදල් රිටර්න් කරන්න සූදානම්ද?

කවුරු හරි මගෙන් සල්ලි ඉල්ලුවොත් මම ඒ මුදල් දෙනවා. නමුත් ඒ අය කියන්නේ මගේ දේශපාලන කටයුතුවලට මේ මුදල් පාවිච්චි කරන්න කියලා. මේ එකතු වෙච්ච සල්ලි මේ නඩුවට වැයවෙච්ච සල්ලිවලින් ඕනේ නම් 70%ක් විතර වෙන්න ඇති. නමුත් එතැනින් එහාට එකතු වෙලා නෑ. මගේ අතින් ලක්ෂ 5ක් 6ක් ගිහින් තියෙනවා.

මේ නඩුව පෙන්නලා ඔයා සල්ලි ගරාගෙන පොලිටිකල් ගේම් එකක් ගැහුවේ නෑ කියලද කියන්නේ? ඔයා නාගානන්දට චෝදනා කළා නම් සල්ලි ගහගත්තා කියලා, ඔයා පිරිසිදු වෙලා ඉන්න ඕනනේ?

ඔව් මම පිරිසිදුයි.

එතකොට නාගානන්දට චෝදනා කළේ මොකටද?

නාගානන්ද කරපු හින්දා.

මොකක්ද කළේ?

නාගානන්ද මිලියන 13ක විතර මුදලක් මිනිස්සුන්ගෙන් එකතු කරගෙන, ඒකෙන් එයා ගුවන් ටිකට්පත් අරගෙන තියෙනවා. යාපනේ ගිහින් තියෙනවා, වෙනත් එක එක අයට මුදල් දීලා තියෙනවා. නමුත් මට එකතු වෙච්ච සල්ලිවලින් ප්ලේන්ටියක් බොන්නවත් වියදම් කරලා නෑ. මගේ ගමන් බිමන්වලටවත් පාවිච්චි කරලා නෑ. මගේ හැම වියදමක්ම, ෆොටෝකොපිවලට ගෙවපු බිල පවා වට්ස්ඇප් ගෲප් එකට දාලා තියෙනවා. ඒ වියදම් ටික එකතු කළාම එනවා ලැබුණු මුදල.

ඔයා අභිනව නිවහල් පෙරමුණ කියලා කොහුවල ඔෆිස් එකක් දාගෙන ඉන්නවා සපුමල් තැඹිලිමුල්ල එක්ක, ඒ පෙරමුණේ ඔයා සභාපති වුණා. ඔයා මේ පක්ෂය අරගෙන යන්නේ සජිත් ගාවටනේ?

නෑ. අපි මේ පක්ෂය හැමදාමත් ස්වාධීනව තියාගෙන ඉන්නේ.

මේ තැඹිලිමුල්ල කියන පුද්ගලයාට චෝදනා තියෙනවා. එයයි නැන්දම්මයි හොර සල්ලි ගෙනල්ලා එයාර්පෝට් එකේදී අහුවෙලා තියෙනවා. නාගානන්ද මේක අල්ලලා තියෙනවා. එහෙම කෙනෙක් එක්ක මොකක්ද ඔබ කරන දේශපාලනය?

ඒවා සම්පූර්ණ බොරු කතා. ඒ නඩුවලින් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. නාගානන්ද කියන්නේ ගල් පැළෙන බොරු.

දැන් ඔබේ තවත් නඩුවක් උඩට ඇවිල්ලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව පත්කිරීමේදී ක්‍රියාත්මක වෙච්ච ආකාරය සම්බන්ධයෙන් 225ට දාපු නඩුවක්?

ඔව්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සැප්තැම්බර් මාසේ ඒකට උත්තර බඳින්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඒ නඩුවෙන් මම ඉල්ලුවේ මෛත්‍රීපාල සිරිසේන ගත්ත ඒ තීරණයෙන් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩවුණා කියන එක. මොකද දවස් 52ක් මේ රට අකර්මණ්‍ය කරපු තීන්දුවක් ඒක. තව ටික දවසක් ඒක තිබුණා නම් රජයේ සේවකයන්ට මාස දෙකක පඩිත් නැතුව යනවා.

SendShareShare
Previous Post

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් වහාම හෙළිකරන්න! සියලුම පක්ෂ මහලේකම්වරුන්ට ලියුමක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

දැන් වේදිකා ගානේ වෙන වෙන බයිලා කියන්න එපා! ඔන්න අපි දින 10ක්ම දුන්නා! දැන් එන්න විවාදයට! හර්ෂට පස්සේ හර්ෂණත් ජවිපෙට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.