• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ රෝයි – සුමනා සලකුණ

April 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිංහල සිනමාවේ රෝයි – සුමනා සලකුණ
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ කැපී පෙනුණු නළු නිළි යුගල ගැන කතා කරන කොට මතකයෙන් ගිලිහී නොයන තවත් යුගලක් ලෙස රෝයි – සුමනා නම් කරන්නට පුළුවන්. කැපී පෙනුණු යොවුන් පෙම් යුවළක් ලෙස හැත්තෑව දශකය මුල පමණ සිට හතර වටේ, මේ දෙඇස කුමටද, ශීලා වගේ චිත්‍රපටවල එක්ව රඟපෑ මෙම දෙදෙනා පෙම් යුවළක් ලෙස වඩාත් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගන්නේ 1973 වසරේ තිරයට පැමිණි ජෝ දේව් ආනන්ද්ගේ ‘සුනේත්‍රා’ චිත්‍රපටයෙන් යැයි පවසතොත් එය ඉතාමත් නිවැරැදියි. මීට කලින් තමාගේ ‘ගීතා’ චිත්‍රපටය සඳහා ජානකී කුරුකුලසූරියත්, ඉන්පසු ‘සුජීවා’ චිත්‍රපටය සඳහා කාන්ති ලංකාත් රෝයි ද සිල්වා සමඟ ප්‍රධාන චරිත සඳහා තෝරා ගන්නා ජෝ දේව් තම තෙවැනි චිත්‍රපටය වන ‘සුනේත්‍රා’ චිත්‍රපටයේ පටන් රෝයිගේ ප්‍රධාන නිළිය ලෙස සුමනා අමරසිංහ අඛණ්ඩව තම මීළඟ චිත්‍රපට තුන සඳහා යොදා ගන්නට මැළි වන්නේ නැහැ.

රෝයි – සුමනා යුගය දෙස බලන විට අමතක නොවන වසරක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන් 1975 වසර. මෙම වසරේ තිරගත වූ චිත්‍රපට දෙක බලන විට වසරේ වඩාත් ඉදිරියෙන් සිටි පෙම් යුවළ ලෙස මෙම දෙදෙනා හඳුන්වන්නට පුළුවන්. එම වසරේ දැක ගැනීමට ලැබුණු අනෙකුත් නළු නිළි යුගල අතර ගාමිණී – මාලිනී (ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි). විජය – මාලිනී (සංගීතා), මාලිනී – තිස්ස (කොහොම කියන්නද? සධානා), ගාමිණී – නීටා (රත්රන් අම්මා, රජගෙදර පරවියෝ), ගාමිණී – ශ්‍රියානි (රත්රන් අම්මා), ගාමිණී – ස්වර්ණා (සිරිල් මල්ලි), තිස්ස – ගීතා (ලස්සන කෙල්ල), ගාමිණී – සෝනියා (හිත හොඳ මිනිහෙක්), විජය – ස්වර්ණා (ලස්සන දවසක්) කැපී පෙනුණු නමුත් වසරේ වැඩිම චිත්‍රපට ගණනක පෙම් යුවළක් ලෙස රෝයි – සුමනා කැපී පෙනුණේ ඔබයි මමයි, සූකිරි කෙල්ල, මගේ නංගි ශ්‍යාමා, රන්වන් රේකා යන චිත්‍රපට හතරේම ප්‍රධාන පෙම් යුවළ ලෙස පෙනී සිටිමින්, ඒ වගේම මෙම චිත්‍රපට හතරම එම වසරේ වඩාත් සාර්ථකව ප්‍රදර්ශනය වූවා යැයි කියන්නට පුළුවන්. කලින් සඳහන් කළ අනෙකුත් ශිල්පීන්ගේ චිත්‍රපටත් සමඟ කරට කර සිටිමින්, මෙම දෙදෙනා පෙනී සිටි ගලගෙදර එම්. හක්ගේ තනුවලට අනුව ජෝති – සුජාතා ගයන ‘අනුරාග ඔටුණු පලන්,’ ‘මධාරා මල් කුමාරි’ (ඔබයි මමයි), සීදේවි ගිම්හාන කාලේ ගියා, (සූකිරි කෙල්ල). පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ජෝතිපාල – ඇන්ජලීන් ගයන ‘කොහේදෝ දුවන්නේ කවුදෝ සොයන්නේ (මගේ නංගී ශ්‍යාමා) වගේ ගීත ජවනිකා අදටත් ප්‍රේක්‍ෂක හදවත් තුළින් මැකී ගොස් නැති බව කිව යුතුයි. මෙම චිත්‍රපට හතර අතරින් ඔබයි මමයි හා සූකිරි කෙල්ල ජෝ දේව් ආනන්ද් අධ්‍යක්‍ෂණය කළ අතර, එම්. එස්. ආනන්දන් මගේ නංගී ශ්‍යාමා චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේය. මෙහි ශ්‍යාමාගේ චරිතය ශ්‍යාමා ආනන්ද රඟපෑ නමුත් ඇය එහි පෙම්වතියක නොවෙයි. මේ අනුව මෙහි ප්‍රධාන පෙම්වතියගේ චරිතය රඟපෑවේ සුමනා අමරසිංහයි. ඩී. එම්. දාස් තමයි රන්වන් රේඛා චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ.

මෙම චිත්‍රපට හතර සඳහා තවත් සුවිශේෂී කලාකරුවන් දෙදෙනකු රෝයි හා සුමනා සමඟ සිටි බව මෙහිදී අමතක කළ නොහැකියි. ඒ එච්. ආර්. ජෝතිපාල හා ෆ්‍රෙඩී සිල්වා වන අතර, මෙයින් ජෝති ගායනයෙන් වගේම රංගනයෙනුත් මෙම චිත්‍රපට හතර ආලෝකවත් කළේ ඔබයි මමයි චිත්‍රපටයේ දුෂ්ටයා වශයෙනුත්, සූකිරි කෙල්ල චිත්‍රපටයේ සුමනාගේ අවංක පෙම්වතා ලෙසත් මගේ නංගි ශ්‍යාමා චිත්‍රපටයේ උසස් පොලිස් නිලධාරියා ලෙසත්, රන්වන් රේඛා චිත්‍රපටයේ ප්‍රේමයෙන් මනස අවුල් කරගත් පෙම්වතකු ලෙසත් විවිධ චරිතවලට පණ පොවමින්ය. මීට අමතරව වර්ණ චිත්‍රපට නොතිබූ එම යුගයේ ඔහු සුමනා සමඟ සූකිරි කෙල්ල චිත්‍රපටයේ ‘මනමෝහන ප්‍රිය සාධන’ නම් වර්ණයෙන් රූගැන්වූ ගීත ජවනිකාවේ පෙනී සිටීමත් අමතක කළ නොහැකියි. ඒ වගේම තමයි ෆ්‍රෙඩී සිල්වාත් ඔහුත් තම විකට රංගනයෙන්, ගායනයෙන් මෙම චිත්‍රපට සඳහා ලබාදුන්නේ හොඳ දායකත්වයකි. සූකිරි කෙල්ල චිත්‍රපටයේ සුමනා අමරසිංහ, ගීතා හා සුජී නමින් ද්විත්ව චරිත නිරූපණය කරන විට ඔහුත් එහි ද්විත්ව චරිතයක් නිරූපණය කිරීම අමතක කළ නෙැහැකියි.

මීට අමතරව ගායනයෙන් එච්. ආර්. ජෝතිපාල, අන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක, ලතා වල්පොළ, ධර්මදාස වල්පොළ, මිල්ටන් පෙරේරා 1975 රෝයි – සුමනා ස්වර්ණමය වසර හැඩකළා යැයි පවසන්න පුළුවන්. එමෙන්ම ගලගෙදර හක්, ටී. එෆ්. ලතීෆ්, පී. එල්. ඒ. සෝමපාල, එම්. කේ. රොක්සාමි සංගීතයෙනුත්, කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අයත් මෙම චිත්‍රපටවල එන මධුර ගීත රචනා කරමින් ලබා දුන්නේ විශාල ශක්තියක්. මෙම චිත්‍රපට අතරින් ඔබයි මමයි හා සූකිරි කෙල්ල බොරැල්ලේ රිට්ස් ඇතුළු සිලෝන් තියටර්ස්, දෙවැනි මණ්ඩලයේත් මගේ නංගි ශ්‍යාමා හා රන්වන් රේඛා, මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමාහල්වලත් තිරගත වුණා.
අනිල් වීරසිංහ

SendShareShare
Previous Post

ඔරුවේ පැද්දි පැද්දි නෙලුම් වැවේ උණුදිය උල්පතට

Next Post

හච් රීචාර්ජ් කාඞ්පත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහරී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.