සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබාදීමේ පහසුකම සලසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමඟ එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වූ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැකිය.
පහසු පියවර කිහිපයක් අවසානයේ ගනුදෙනුකරුවන් හට Mobile Cash ගනුදෙනුවක් නිර්මාණය කර ගැනීමෙන් පසු PickMe සේවාව වෙත පිවිස එහි Flash යටතේ ඇති I want to receive යන්න තෝරාගෙන Cash from ATM ක්ලික් කරන්න. ඉන් පසුව සම්පත් බැංකුවෙන් ගනුදෙනුකරු වෙත කෙටි පණිවිඩයක් එවනු ලබන අතර ගනුදෙනුකරු විසින් අදාළ PickMe රියදුරු වෙත කෙටි පණිවිඩය යොමු කළ යුතුය. PickMe රියදුරු ගනුදෙනුකරු විසින් ඉල්ලුම් කළ මුදල් ඔහුගේ අතටම ලබා දෙනු ඇත. එහිදී මුදල් ලබා ගත් රිසිට් පත සමඟ ගනුදෙනුකරු වෙත මුදල් ලබා දීමෙන් පසු, කිසිඳු ගැටලුවකින් තොරව තමන් අතට මුදල් ලැබුණු බවට පාරිභෝගිකයා සහතික කළ යුතුය. ගනුදෙනුකරු විසින් PickMe රියදුරු වෙත මුදල් ගෙවා PickMe සේවාව හරහා සේවාවෙහි තත්ත්වය පිළිබඳව ඇගයීමක් ලබා දීමෙන් පසු ගනුදෙනුව සම්පූර්ණ වේ.











