• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

22 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කෙරේ!

May 14, 2024
in Business
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

DSI සමාගම විසින් 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කරන බව 2024 මැයි 07 වැනිදා කොළඹ 02 නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් මෙම පාසල් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලබයි. (Sri Lanka Latest News)

ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන දියුණුවකට මග හෙළි කළ සංධිස්ථානයකි. ආරම්භයෙදී ශූරතාවය සඳහා කණ්ඩායම් 198 ක් තරග වැදුණු  DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය හරහා එදාමෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙම වසරේ තරගාවලියට මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින්  “DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලියට වසර 22 ක් සම්පූර්ණ වෙන 2024 අවුරුද්ද අපිට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැදගත්ම සංධිස්ථානයක් වෙනුවෙන් DSI අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමට හැකිවීම අප සමාගමට මහත් ගෞරවයක්. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කොට සංවර්ධනය කරන්නටත් මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සමත්ව තිබෙනවා.” යැයි පැවසීය.

වයස අවුරුදු 11 න් පහල, 13 න් පහල, 15න් පහල, 17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් මෙවර DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරග 2024 ජූනි 15, 16, 22, 23, 29, 30 සහ ජූලි 6, 7, 13, 14, 20, 21 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් කණ්ඩායම් අතරින් 01 සහ 02 ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා තෝරා ගැනේ. ජාතික තලයේ තරග 2024 අගෝස්තු 7 සිට 11 වැනිදා දක්වා පැවැත්වේ. 2024 DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 2 සහ 3 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා ඇතුලත් වීමේ අයදුම්පත් දිවයින පුරා සියළු DSI ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකිය. වැඩි විස්තර 011-2669344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින්, 0773329702 අංකයෙන් පාසැල් වොලිබෝල් අනුකමිටු ලේඛකාධිකාරී සී. එල්. කුමාර මහතා වෙතින් හෝ [email protected] ඊමේල් ලිපිනයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා වෙතින් ලබාගත හැකිය. 

DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා සම්පූර්ණ කළ අයදුම්පත් ළඟම පිහිටි DSI ප්‍රදර්ශනාගාරයකට ගෙනැවිත් භාර දිය හැකි අතර අලෙවි අංශය, අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම ලිපිනයට තැපැල් මගින් එවීමද සිදු කළ හැකිය. අයදුම්පත් භාරගැනීම 2024 මැයි මස 31 දායින් අවසන් කෙරේ.

SendShareShare
Previous Post

ගිලන් රථ 322න් 56ක් කැඩිලා! නිලධාරීන් සහ රියැදුරන් රට අතහැර ගිහින්! ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට පිහිට වූ සුවසැරියට මැරෙන්න දෙන්න එපා! වහාම මැදිහත් වෙන්න! ජනතාව වෙනුවෙන් විපක්ෂනායකගෙන් ඉල්ලීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව බාර් ලයිසන් ලබාදීම දේශපාලන සූදුවක් කරගෙන! මේක ‌මන්ත්‍රීවරුන්ට දෙන්නේ සල්ලි හොයාගන්න පුලුවන් අල්ලසක් විදිහට! පහුගිය දවස් ටිකේ බාර් ලයිසන් දීපු අයගේ නම් ලයිස්තුව සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.