මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින් තොරව මත්පැන් අලෙවිසැල් ආරම්භ කිරීම නිසා බොහෝ මහජන කැලබිලි පසුගිය කාලයේ සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
ආගමික සිද්ධස්ථාන අසල මත්පැන් බලපත්‍ර ලබා දීම සිදුවන බවත් මෙය දේශපාලන සූදුවක් බැවින් මේ ගැන රජයේ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2022 ජූලිමස සිට මේ දක්වා මත්පැන් අලෙවිය සදහා බලපත්‍ර ලබා ගැනීමට ලැබුණු ඉල්ලීම් ප්‍රමාණය සහ ඒ සම්බන්ධ තොරතුරුත් මෙම ආයතනවල අධ්‍යක්ෂකවරුන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ඉල්ලීම් අතරින් බලපත්‍ර ලැබුණු අය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මේවා ලබා දීමේදී සලසා බැලු නිර්ණායක සහ ප්‍රතික්ෂේප වූ ඒවා කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මත්පැන් බලපත්‍ර දේශපාලන සූදුවේ නියැලි සිටින අය කවුරුන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මත්පැන් බලපත්‍ර හිමි පුද්ගලයන් සහ ආයතන ගෙවිය යුතු බදු වර්ගත් එම බදු වර්ග අය කරන ආයතන සහ එම මත්පැන් සමාගම් 2023 වසරට අදාලව ගෙවිය යුතු බදු නිවැරදිව ගෙවා ඇත්ද සහ එය 2022 වසරට සාපේක්ෂව වැඩි වීමක් හා අඩුවීමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම මත්පැන් ආයතන බදු පැහැර හැර ඇත්නම් එම හිග බදු ප්‍රමාණය ආදියත් මේවට හවුල් කවුද කියා දැන ගැවීමට අවශය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමිනි.









