• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිතේ ගැනවත් නොහිතා අඩි 60ක් ගැඹුරු ජලාශයට පැන තරුණියක් බේරාගත් විශේෂ බළකා සෙබළා! Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගැනීමට තැත් කිරීමේදී සිය ජීවිතය පිළිබඳවද නොතකමින් නිර්භීතව අඩි 60ක් පමණ ගැඹුරු ජලාශයට පැන එම කාන්තාව බේරාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එච්. පසිඳු ප්‍රභාත් නමැති ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා සෙබළාය. ඔහු කළ සේවය සහ කැපකිරීම අගය කරනු වස් ඔහු වෙනුවෙන් යුද හමුදාපති ප්‍රශංසා පදක්කම පැළඳවීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් සිදුකෙරිණි. මේ පසිඳු ප්‍රභාත් සමග අප කළ සම්මුඛ සාකච්ඡාවකි. (Sri Lanka Latest News)

ඔබ කවුද?
මම ශ්‍රීලංකා යුද හමුදාවේ 4 විශේෂ බළකායේ ලන්ස් කෝප්‍රල් එච්.එච්. පසිඳු ප්‍රභාත්. මම ඉගෙන ගත්තේ තලවාකැලේ සුමන ද්විතීක පාසලේ.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගේ තාත්තා එච්.එච්. නිමල්. අම්මා එච්.එච්. නන්දනී සීතා කුමාරි. මට ඉන්නවා අයියෙක්. එයා ප්ලාන්ට් ඔපරේටර් කෙනෙක් විදියට වැඩකරනවා.

කවද්ද ඔබ හමුදාවට බැඳුණේ? ඇයි ඔබ හමුදාවට බැඳුණේ?
මම පොඩි කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියා හමුදාවට බැඳෙන්න. ඒ ආසාව නිසාම මම 2021 ජනවාරි 12 හමුදාවට බැඳුණා. ඊට පස්සේ මම මගේ මූලික පුහුණුව මාදුරුඔය දී ලබාගත්තා. ඊට පස්සේ මම 4 විශේෂ බළකායට එකතු වුණා. ඇත්තටම මගේ ඔළුවේ තිබ්බ ලොකුම හීනේ ඉටුකරගත්තා හමුදාවට බැඳිලා.

ඇත්තටම මොකක්ද එදා සිදුවුණේ?
පහුගිය 15 වැනිදා මම යාළුවෙක් එක්ක තවත් යාළුවෙක් හමුවෙන්න තලවාකැලේ නගරයට යමින් හිටියේ. මගේ ඉස්කෝලේ ළඟින් යද්දී අපිට විශාල ශබ්දයක් ඇහුණා යමක් වතුරට දානවා වගේ. එතකොටම මගේ යාළුවත් කිව්වා කවුරු හරි ජලාශෙට පැන්නා කියලා. ඒ සැණින්ම අපි ඒ පැත්තට දිව්වා. එතකොට එතැන මිනිස්සු කීප දෙනකුත් පොලීසියේ කීප දෙනකුත් හිටියා. සෙනග ඈත් මෑත් කරගෙන බලද්දී ගෑනු කෙනෙක් ජලාශයේ ඉන්නවා දැක්කා.

ඉතින් ඔබ මොකද කළේ?
මම ඇත්තටම දෙපාරක් හිතුවේ නෑ. මම ජලාශයට පැන්නා. මොකද ඒ වෙද්දිත් ඒ ගෑනු කෙනා බොහොම අමාරුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක හිටියේ. මම ටිෂර්ට් එක ගලවලා යාළුවගේ අතට දීලා ඩෙනිමත් එතැනම ගලවලා පැන්නේ.

කවරු හරි ඔබට පනින්න කිව්වාද?
නෑ. කවුරුත් කිව්වේ නෑ. ඒ වෙද්දී මම නයාරුවලදී සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව අවසන් කරලා තමයි නිවාඩු ඇවිත් හිටියේ. ඒ පුහුණුවේදී අපිට වතුරට තියෙන බය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ නිසා තමා මම පැන්නේ.

ඔබට බයක් දැනුණෙම නැද්ද?
නෑ. මට අවශ්‍යතාව තිබ්බේ මේ ගෑනු කෙනා බේරගන්නම විතරයි. මොකද එහෙම බේරගන්න බැරි වුණා නම් මම ඉගෙන ගත්තු දේවලින් වැඩක් නෑ කියලා මට හිතුණා.

එතැන කොච්චර විතර ගැඹුරු තැනක්ද?
උඩ ඉඳන් වතුරට අඩි විසිපහක් විතර තියෙනවා. වතුරත් අඩි හැටක් විතර ගැඹුරුයි. ඔක්කොම ඉතින් අඩි අසූවක් විතර ඇති.

පැනපු ගමන් ඔබට පුළුවන් වුණාද ඒ කාන්තාව අල්ල ගන්න?
උඩදී මට එයාව පෙනුණට වතුරට පැන්නට පස්සේ මට එයාව හොයාගන්න බැරි වුණා එකපාරම. මම වතුරෙ කිමිදුණා. ඒත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම වතුර උඩට මතුවෙන්න උඩට ආවා. ඒ එද්දී මට ඒ කාන්තාව අල්ලගන්න පුළුවන් වුණා. වතුර උඩට ආවෙත් හුස්මක් අරන් ආයෙත් කිමිදෙන්න. ඒත් එහෙම ඕනෙ වුණේ නෑ.

ඔබ ඒ කාන්තාව අල්ලා ගත්තට පස්සේ මොකද කළේ?
මම එයාව අල්ලාගත්ත ගමන්ම උඩින් කඹයක් දැම්මා. ඒකේ එයාව එල්ලිලා උඩට ගන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නෑ. පස්සේ කඹයෙන් එයාගේ ඇඟ වටේ ගැටයක් දාලා උඩට යැව්වා. මම තව මීටර් විස්සක් විසිපහක් පීනගෙන ගිහින් ගොඩට ආවා.

ඊට පස්සේ ඔබට මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?
එතැන හිටපු අය මට ස්තුති කළා. මට ඕනෙ වුණා ඒ කාන්තාවට කතා කරන්න. නමුත් ඒ වෙද්දිත් එයා රෝහලට අරන් ගිහින්. ඊට පස්සේ මට එතැන හිටපු පොලිස් නිලධාරීන් කිව්වා පොලීසියට ගිහින් කටඋත්තරයක් දෙන්න කියලා.

ඉතින් ඔබ ගියාද?
ඔව්. මම ගිහින් කටඋත්තරය දෙද්දී ඔවුන් මගෙන් රැකියාව මොකක්ද කියලා ඇහුවා. මම යුද හමුදා විශේෂ බළකායේ කියලා කිව්වට පස්සේ ඔවුන් කටඋත්තරය ගන්නෙත් නැතිව මාව පොලිස් ස්ථානාධිපතිතුමා ළඟට යොමුකරලා කිව්වා මම හමුදාවේ කෙනෙක් කියලා.

ඊට පස්සේ?
එතුමා මට අතට අත දීලා සුබපතලා විස්තර අහලා මගෙ අණදෙන නිලධාරිතුමාගේ දුරකතන අංකය ඉල්ලා සිටියා. මම මගේ අණදෙන නිලධාරිතුමාගේ දුරකතන අංකය ලබාදුන්නාට පස්සේ පොලිස් ස්ථානාධිපතිතුමා අපේ අණදෙන නිලධාරීතුමාට කතාකරලා මේ ගැන දැනුවත් කළා.

මේ සිද්ධිය ගැන ඔබේ පවුලේ අයට කිව්වට පස්සේ මොකද එයාලා කිව්වේ?
අමමා හොඳටම බැන්නා. මොකද ඔතැනින් ජලාශෙට පැන්න කෙනෙක් බේරගන්න ගියපු කෙනෙක් මීට කලින් මැරුණා. ඒ සිද්ධිය මතක් කරලා අම්මා හොඳටම බැන්නා. ළඟ හිටියනම් ගහනවා කියලත් කිව්වා. ඒත් දැන් එයා සතුටු වෙනවා මම කරපු දේ ගැන. අනිත් කාරණේ තමා හමුදාපතිතුමා මට සේවය අගය කරලා පදක්කමක් දුන්නනේ. ඒක ගැනත් අම්මට හරිම සතුටුයි.

මොකක්ද ඔබට යුද හමුදාපතිතුමා ලබාදුන්නු පදක්කම?
මේ කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කරපු නිසා මට යුද හමදාපතිතුමන් විසින් යුද හමුදාපති ප්‍රශංසා පදක්කම ලබාදුන්නා යුද හමුදා මූලස්ථානයේදී. ඒක මට ලොකු සතුටක්. මොකද එදා ජලාශෙට පනිනකොට මගෙ එකම අරමුණ වුණේ මේ ගෑනු කෙනා බේරගන්න එක. ඒ දේ ඇගයීමකට ලක්කිරීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

ඒ වෙලාවේ යුද හමුදාපතිතුමා ඔබට මොනවද කිවුවේ?
මට හමුදාපතිතුමා හමුවීමම ලොකු සතුටක්. මොකද ඒක කාටවත් ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි. එදා මම හමුදාපතිතුමා ගාවට යද්දී ලොකු චකිතයක් තිබුණා. එතුමා මට කිව්වා මම කරපු දේ සමාජයට ලොකු ආදර්ශයක් කියලා. මගේ නිර්භීතකම ගැන එතුමා සතුටු වෙනවා කිව්වා.

මේ දේවල්වලින් පස්සෙ ඔබේ කඳවුරෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?
මගේ අණදෙන නිලධාරිතුමා මාව අගය කළා කඳවුරේ සියලු දෙනා ඉදිරියේ. ඔහු මාගේ නිර්භීතකම සහ විශේෂ බළකා සෙබළෙක් විදිහට ඒ පෙන්නපු දක්ෂතාව අගය කළා.

දැන් මේ සිද්ධිය ගැන ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
මම මේ දේ කළේ හමුදාවෙන් අපිට ලැබුණු පුහුණුව උපයෝගී කරගෙනයි. ඒ වගේම තමයි අපි යම් දෙයක් සද්භාවයෙන් යුතුව කරනවා නම් සොබාදහමත් අපිට ආශීර්වාද කරනවා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

අනුරට කෘෂිකර්ම ඇමැතිකම දෙන්න ඇමැති ධූරයෙන් මමනෙ අයින් වුණේ! අපි හිතුවේ මුන් වැඩකාරයෝ කියලනේ..! අම්මට සිරි බලද්දි චරිත නෙමෙයිනේ මල්ලි හාල් කෑලිනේ…! සොයිසා චන්ද්‍රිකාගේ කැබිනට් එකේ රහසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නීති හදාගැනීමේ බලය-නීති ක්‍රියාත්මක කිරීමේ බලය-යුක්තිය පසිඳලීමේ බලය ගමට දෙනවා කියපු ලාල්කාන්තගේ කතාව පත්තු වෙයි! මේක ඉතාම බරපතළයි! ජවිපෙ මේ යන්න හදන්නේ ආයෙමත් 88-89 නාඳුනන තුවක්කුකරුවාගේ යුගයටමයි! එදත් මේ අය ගමේ කමිටු හදලා නඩු ඇහුවා! දඬුවම් කළා! අතපය කැපුවා! මිනිස්සු මැරුවා! මේක නීතියට පටහැනි-ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි-අනතුරුදායක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.