• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාක් කලාපයේ අයට තිබ්බේ ඩොලර් 20ට! දැන් 58 කරලා! සාර්ක් නොවන අයට තිබ්බේ ඩොලර් 50ට! දැන් 100ත් පැනලා! සංචාරකයො එන්න පටන් ගත්තා විතරයි ආණ්ඩුව හිටිහැටියේ වීසා ගාස්තු වැඩි කරලා! සංචාරක කර්මාන්තය අනතුරේ! දැනටමත් රුසියාවෙන් එන්න හිටපු සංචාරකයන් 800ක් නැවතිලා! ආණ්ඩුව සංචාරක ක්ෂේත්‍රයට කරන්න යන වින්නැහිය සජිත් මහරගමදී පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 19, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වන විට ක්‍රම-ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත් සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවත් මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ නිසා රෙඩ් වින්ග්ස් කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේ වන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවත් තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අලුත් ක්‍රමය නිසා අනවශ්‍ය ප්‍රශ්න ගොඩයි

එසේම ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඔටොමේෂන් ක්‍රමයෙන් බැහැර වී වී.එෆ්.එස්. ග්ලෝබල් වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා වීසා ලබා ගැනීමේ වැඩපිළිවෙළ අකාර්යක්ෂම වී ඇති බවත් පහසුවෙන් වීසා ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර අලුත් ක්‍රමය තුළ අනවශ්‍ය ප්‍රශ්නත් ඇති කර ඇති බවත් මේ තත්ත්වය තුළ දින 30 වීසා එකට පවා අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ නිසා දීර්ඝ කාලයක් සිටීමට ලබා දෙන වීසා සමහර විදේශිකයන් උපයෝගී කර ගෙන මෙරට කූඨ ව්‍යාපාර රැකියා කර බවත් පොලි රහිත ඔන්ලයින් ණය ලබා දී එය මාෆියාවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අත්තනෝමතික අමනෝඥ තීන්දු තීරණ ගැනීම තුළ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වරුවන් කළකිරිමට ලක්ව ඇති බවත් මේ ගැන කිසිදු කතාවක් නොකර මෙවැනි වැඩි කිරීමක් තුළ රටේ සංචාරක කර්මාන්තය කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංහල පමණයි දමිළ පමණයි කියන්නේ රටේ දරුවන් ගැන හිතලා නොවේ

අප රටේ භාෂාව මුල් කර ගෙන විවිධ පාලකයෝ සහ දේශපාලනඥයෝ ඡන්ද එකතු කරන බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන අය මෙම ප්‍රතිපත්තියේ සිටින්නේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා නොව තමන්ගේ අනාගතය ගැන සිතා බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාවලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතුයි

ප්‍රභූ පන්තිය සහ පහළ පන්තිය ලෙස සමාජයේ බෙදීමක් ඇතිව තිබෙන බවත් ආර්ථික බෙදීම හා බංකොලොත්භාවයට අමතරව නැති බැරි ඇති හැකි බෙදීමක් අධ්‍යාපනයේත් නිර්මාණය වී ඇති බවත් අධ්‍යාපනයේ ගැටලුවලට ඇති එකම විසඳුම සිංහල හෝ දමිළ පමණයි කියන එක නොව මව් භාෂා දැනුම සමඟ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කතා කියන විට මම විජාතිකයි කියා පහර ගැසිය හැකි නිසා මේ කාඩ්බෝඩ් බොරු දේශප්‍රේමීත්වයට රූකඩ ජාති ආලයට නොරැවටෙන ලෙසයි.

දේශපාලනඥයෝ නිසා තමයි පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ

තමාට පාසලේ දේශපාලනය කතා කරනවා කියා චෝදනාවක් එල්ල වන බවත් දේශපාලනය නිසා මේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොලැබීම සහ රජයේ පාසල් සම්පත්වලින් හිඟවීම සිදුවන බවත්, එකම පාසලේ දරුවන්ට බෙදා දිවා ආහාරය ලබා දෙන්නේ මේ දේශපාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මගේ බෙදිල්ල නරකයි කියන අයගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාවලට

තමා බඩු බෙදන නායකයකු බවට චෝදනාවක් එල්ල වී ඇති බවත් මේ බෙදිල්ලෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවට පවසන අයගෙන් අහන්න ඇත්තේ පරිගණකයක්, සුහුරු පුවරුවක්, ශබ්දකෝෂ, නර්තන ඇදුම්, පුස්තකාලයට ග්‍රන්ථ ලබා දීම නරක දෙයක්ද කියා ප්‍රශ්න කරන බවත් මෙසේ බෙදිල්ල නරකැයි කියන අය මහපාරේ කොමියුනිස්ට්වාදය අන්ත සමාජවාදය ගැන කතා කරමින් තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ගේ දරුවන්ට දිවා ආහාර ගැටලු, සුහුරු දුරකථනයක, පරිගණකයක ගැටලු නොමැති බවත් එසේ ගැටලු නොමැතිව රටේ සවිබල නොගැන්වූ පාසල්වලට යමක් ලබා දීම වැරදි කියා කියන බවත් මෙය කුහකකමේ සහ ඊර්ෂයාවට හොඳම උදාහරණය බවත් කවුරු විරුද්ධ වුවත් විවේචන කළත් මේ රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න බෙදන්න පුළුවන් හැමදේම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 159 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1737ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඊශ්‍රායලය එකට එක කරන්න පටන් ගනී! ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ප්‍රදේශයකට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කරයි! යළි ලෝක යුද්ධයක ආරම්භයක්ද?  I Sri Lanka Latest News

Next Post

රුසියන්-යුක්‍රේන යුද්ධයට ගිහින් නිරපරාදේ මැරෙන අපේ සොල්දාදුවන්ගේ මරණවලට රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා-අනුර-චම්පික-මංගල වග කියන්න ඕනෑ! එදා මේ වගේම වැටුපක් ඇවන්ගාඩ් සමාගමෙන් දීලා තිබ්බා! ඒක නැති කළේ මේ අය! ඇවන්ගාඩ් එක විනාශ කළා! දැන් අපේ සොල්දාදුවන් මැරෙනවා! මෙන්න ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.