රුසියානු යුක්‍රේන් යුද්ධයට ගොස් කුලී හේවායින් ලෙස ජීවිතය අහිමිකර ගන්නා ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එහි වගකීම යහපාලන රජය ප්‍රමුඛ ජවිපෙ, හෙළ උරුමය දැරිය යුතු බවයි.Sri Lanka Latest News
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
“හමුදාවෙන් විශ්‍රාම යන අයට එදා රක්නා ලංකා සමාගමෙන් සහ ඇවන්ගාට් සමාගමෙන් රැකියා අවස්ථා ලබාදී තිබුන. ව්ශේෂයෙන්ම ඇවන්ගාට් සමාගමෙන් ඔය කියන රුසියානු හා යුක්‍රේන කුලී හේවායන්ට ලැබෙන වැටුපක් හා සමාන වැටුපක් එදා, 2015 ට පෙර ලබාදී තිබුන. යහපාලන රජයෙන් එම අවස්ථාව නැතිකළා. විශේෂයෙන්ම, ඇවන්ගාට් සමාගමට විරුද්ධව ජවිපෙ විශාල මඩ ව්‍යාපාරයක් ගෙනගියා. ඇවන්ගාට් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා වරක් ප්‍රකාශ කරා ජවිපෙ ගෙනගිය මැක්සිකන් කාටල් ක්‍රමයේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියට ඇවන්ගාට් එකඟ නොවූ බැවින් ජවිපෙ ඇවන්ගාට් ව්‍යාපෘති විනාශ කළා කියල.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එදා යහපාලන රජය, විවිධ පුවත් මවමින් නැවතත් බලයට එන්න දඟලන යහපාලන රජයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇස් ගසා සංඥාකර යහපාලන රජය ඇටවීමට කපුකම් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අභාවප්‍රාප්ත මංගල සමරවීර, හෙළ උරුමයේ පා.ච. රණවක, අතුරලියේ රතන හිමි, ජවිපෙ අනුර කුමාර දිසානායක ඇතුලු යහපාලන රජය ගෙන ඒමට, පවත්වා ගැනීමට කැපවූ සියල්ලම මේ අපරාදේ කුලී හේවායින් ලෙස මියැදෙන අපේ රණවිරුවන්ගේ මරණවලට වගකිව යුතුයි.
මෙහි ඇති තවත් විරෝධාභාසයක් වන්නේ විශ්‍රාමික රණවිරුවන් යැයි හඳුන්වා ගන්නා කිහිප දෙනෙක්ම තමුන්ට වළ කැපූ පක්ෂ සමග කටයුතු කිරීමට මූලිකවී තිබීමයි. ඔවුන් නොදන්නව ඇති යහපාලන රජයේ සම අනුග්‍රහයෙන් 2015 දී ජිනීවාහිදී ඔවුන්ව යුද අපරාධකරුවන් ලෙසට හංවඩු ගැසුව බවට. ඔවුන්වත් එක්තරා ආකාරයේ “එන්ගේජ්” කර ගැනීමකට හසුවී ඇති බවයි පෙනෙන්නෙ. එයත් 2010 නෝර්වේ ව්‍යාපෘතියේ දිගුවක් විය හැකියි.
කුලී හේවායින්ට යුද බිමේ අත්වෙන ඉරණම පිළිබඳව දැන දැනත් ඔවුන්ව ඒ සඳහා පොළඹවන ආයතන මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන්ද මේ අභාග්‍ය සම්පන්න මරණවලට වගකිව යුතුයි”.