ලංකාවේ කොරෝනා වයිරසය වැළදී සිටින ප්‍රමාණය 30,000ක් පමණ විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇති බැවින් දැනට දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වහාම ඉහළ නැංවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
දැනට ලංකාවේ සිදුකරන්නේ දිනකට පරීක්ෂණ 1000ක් බවත් එය 3000 දක්වා වර්ධනය කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
අනෙක් රටවල මෙන් ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති විය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතු බවද ඒ් මහතා පෙන්වා දී ඇත.
එම වීඩියෝව මෙසේය.










