අද (19) පෙ.ව 11.38 ට උදා වූ සුබ නැකතින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව ලක්ෂ උයන නිවසේ ගෙවත්තේ කොස් පැළයක් සිටුවා, සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ එක් විය.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පැළයක් සිටුවිම නැකත් චාරිත්‍රයක් ලෙස එක්කරනු ලැබුවේ ඉකුත් 2019 වසරේ සිටය.










