• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද පොලිසියේ කෙනෙක් නාරම්මලදී ලොරි රථ රියැදුරකුට නිරපරාදේ වෙඩි තියලා මැරුවා! ඒ රියැදුරුගෙ බිරිඳ ගොනු කළ පෙත්සමක් විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා!  I Sri Lanka Latest News

April 5, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
නාරම්මල පොලිස් වෙඩිල්ලෙන් මියගිය අහිංසකයාගේ බිරිය රු. මිලියන 200ක වන්දියක් ඉල්ලා පොලිසියට නඩු දමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.Sri Lanka Latest News

ඒ අනුව මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර යන අයට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට එරෙහිව පෙත්සම් විභාගයක් නොපැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් වෙත නොතිසි නිකුත් නොකිරීමට ද නියෝග කර ඇත.

මෙම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ කමණී රූපිකා ප්‍රියංගනී විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම ඉදිරිපත් කර තිබූ මියගිය තැනැත්තාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුක්තිය මෙහෙයුමේ නිරත වූ පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩිතැබීම සිදුකළ බවත් සිවිල් ඇඳුමින් සිටි මෙම නිලධාරීන්ට ආයුධ රැගෙන යාමට අවසර දුන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කර ඇත.

මෙම සිද්ධියට නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාත් වගකිවයුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට මේ කරුණු දක්වමින් මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.

එහෙත් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින බවත් සඳහන් කළේය.

මෙම අපරාධයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරියාට එරෙහිව ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කර ඇති බවත් අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් රජය නීතිඥවරයා පැවසීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ලබාදුන්නේය.

පොලිස් වෙඩි පහරකින් සිය සැමියා මරණයට පත්වීම තුළින් පොලීසිය විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200ක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණාය.

පොලිසිය තැබූ වෙඩිල්ලකින් තිදරු පියෙක් මරුට! ‘අනේ මම වෙඩි තිබ්බේ බය කරන්න..! වෙඩිල්ල තියපු පොලිස් නිලධාරියා ඔළුවේ අතගහගෙන දිව්රයි! කැළඹුණු ගම්මු නාරම්මල පොලිසිය වට කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

පක්ෂ සභාපතිකමෙන් ඉවත් කෙරුණු මෛත්‍රීපාල කතා කරයි! ඉදිරියට කරන්න යන දේ පැහැදිලි කරයි! චන්ද්‍රිකාට ප්‍රහාරයක්! පක්ෂයේ මතයට පිටින් ගිහින් ඇමැතිකම් ගත්ත අයට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල CIDයට දුන් ප්‍රකාශයේ අතිසංවේදී කොටස් රැසක්! දුරකතන අංක රැසක් හෙළිකරලා! CCTV ගැනත් තොරතුරු කියලා! මහේස්ත්‍රාත්වරියත් මෛත්‍රිපාලගේ ප්‍රකාශය සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගන්නා ලෙස නියම කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.