කොරෝනා අර්බූදය පාලනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඊළග ඉලක්කය ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ බැඳුම්කර වංචාව පිළිබදව පරීක්ෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සටන් පාඨ දෙක වූයේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පිරිස් හට නීතියෙන් දඩුවම් කිරීමය.
නමුත් ජනාධිපතිවරණය නිමාවී මේ වනවිට මාස 5කට අධික කාලයක් ගතවී තිබුණද ඒ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ කොරෝනා අර්බූදය පාලනය කිරීමත් සමග මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් වහාම සොයා බැලීමටය.










