කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව සදහා ආණ්ඩුවට අමතර රුපියල් බිලියන 24ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මුලින් ආණ්ඩුව තීන්දු කර තිබුණේ ලක්ෂ 18ක් වන සමෘද්ධිලාභීන්ට පමණක් මෙම රුපියල් 5000 දීමනාව ලබා දීමටය. නමුත් පසුව පොරොත්තු ලේඛනයේ සිටින සමෘද්ධිලාභීන්ටද මෙම මුදල ලබා දීමට තීන්දු කෙරිණ.
ඉන් අනතුරුව අනෙකුත් ක්ෂේත්‍රවල ජනතාවටද මෙම මුදල ලබා දීමට තීන්දු කිරීමත් සමග රුපියල් බිලියන 24ක මුදලක් ඊට වැයවනු ඇති බවට ගණන් බලා තිබේ.










