දශක ගණනාවක් තුළ ඉහළ පාරිභෝගික විශ්වාසය දිනාගත් මැලිබන් ආයතනය, ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මාන උළෙලේ (GPEA) ප්රමුඛතම සම්මානය වන World Class සම්මානය තුන් වරක් දිනාගනිමින් එවැනි ජයග්රහණයක් අත්කරගත් පළමු සමාගම බවට පසුගියදා පත්විය. ආසියා පැසිෆික් තත්ත්ව සංවිධානය (APQO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල අබුඩාබිහි ජුමෙයිරා එතිහාඞ් ටවර් හෝටලයේදී පැවැත්වීය.
ගෝලීය තලයේ ඉහළ පිළිගැනීමට ලක්ව ඇති මෙම සම්මාන උළෙල, ආසියා පැසිෆික් කලාපයේ තුළ සමස්ත කාර්යසාධනය සහ විශිෂ්ටත්වයට පත් ආයතන ඇගයීමට ලක්කරමින් සිදුකරන අතර, එහිදී විශිෂ්ට ක්රියාකාරකම්, රැකියා සඳහා සුදුසු පරිසරය, සමස්ත ගුණාත්මකභාවය, විකුණුම් වර්ධනය සහ පාරිභෝගික තෘප්තිය යන කාණ්ඩ යටතේ ඇගයීම් කාර්යයන් සිදුවේ.
මැලිබන් ආයතනය විසින් මෙම සුවිශේෂී සම්මානය 2016 සහ 2018 වසරවලදී දිනාගත් අතර, මෙවර එය දිනාගනු ලැබුවේ තෙවැනි වරටය. මෙම වැඩසටහන ආසියා පැසිෆික් කලාපයේ ප්රමුඛතම වෘත්තීය තත්ත්ව ආයතන ඒකාබද්ධ සේවා කාර්යයේ නිරත, ලාබ නොලබන සංවිධානයක් වන APQOහි මෙහෙයුම් කාර්යයකින් සිදුවන්නකි.











