දිවයින්පුරා covid-19 වෛරසය පැතිරයාමේ වේගය අවමකිරීමේ එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රජය සහ Uber ආයතනය ඒකාබද්ධ වෙමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට ඉදිරිපත්ව ඇත.
Uber Eatsමගින් සපයනු ලබන මෙම සේවාව තුළින් නිවසේම රැඳෙමින්, සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගනිමින්, රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මාර්ගෝපදේශ මනාව අනුගමනය කිරීමේ පරිසරය නිර්මාණය කරදී ඇත. තවද මෙම සේවාව සමඟින් මනා සනීපාරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවාහනය කරනු ලබන සියලුම සිල්ලර භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, ඒ සඳහා වන ගෙවුම් කාර්යයන් කාඞ් හෝ මුදල් භාවිතයෙන් සිදුකිරීමටද අවස්ථාව සලසාදී ඇත.
පවතින තත්ත්වය යටතේ සියලුම සුපිරි වෙළෙඳසැල් සහ කුඩා පරිමාණ වෙළෙඳසැල් තාවකාලිකව වසා ඇති පසුබිමක Uber Eats විසින් සුපිරි වෙළෙඳසැල් සහ ස්වාධීන ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්වෙමින් පුරවැසියන්ගේ පාරිභෝගික භාණ්ඩ අවශ්‍යතා මෙසේ සුරාලනු ලබයි.











