පාරිභෝගිකයින්ගේ ඬේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100%ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම්දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day time Data අවසන් වීමෙන් පසු ඉතිරිවී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච් පාරිභෝගිකයින්ට තවදුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවේ.
මෙම හච් Anytime Data වෙනස සමග, පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට සම්පූර්ණ ඬේටා ප්‍රමාණය වැය කරමින් දවසේ ඕනෑම කාල වේලාවක් තුළ නිදහසේ අන්තර්ජාලයේ සැරිසැරීමට දැන් අවස්ථාව සැලසී තිබේ.
මෙමගින් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන්ට සරිලන සේවාවක් ලබා දීමේ අඛණ්ඩ හච් වෑයමද, ගුණාත්මක භාවයෙන් ඉහළම සේවාවක් ලබා දීමට ඇති කැප වීමද යළිත් වරක් ප්‍රදර්ශනය කෙරේ.











