OPPO සිය නවතම ජංගම දුරකතනය වන OPPO F15 ශ්‍රී ලංකාවේදී එළිදැක්වීය. OPPO F15 එහි 8GB RAM සහ 128GB ROM සමන්විත නිසා විශිෂ්ට අත්දැකීමක් සහ ප්‍රමාණවත් දත්ත ගබඩා ප්‍රමාණයක් ලබා දෙමින් OPPO F15 දුරකතනය කෙනෙකුට වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු මෙන් විශිෂ්ට මට්ටමේ ඡායාරූප ගැනීමටද උපකාරී වෙයි.
බොහෝ විප්ලවීය හඳුන්වාදීම් සහ නවෝත්පාදනයන් වෙත යොමුවී ඇති OPPO F15 එළිදැක්වීම ඔන්ලයින් දියත් කිරීමක් ලෙස සිදුකිරීම එහි විචිත්‍රවත් ගමනේ තවත් විප්ලවීය කටයුත්තක් වූ අතර අන්තර්ජාලය හරහා සිදුවූ මෙම අවස්ථාවට මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන රවීන් කණිෂ්ක, ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ රශ්මිගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන සඳනි ප්‍රනාන්දු සහ රටේ ප්‍රමුඛතම තාක්ෂණික බ්ලොග්කරුවෙක් වන Chanux Bro සහභාගී වූහ.










