දේශයට අත්‍යාවශ්‍යම සමයකදී රාජකාරියකට වඩා මානුෂීයත්වයේ නාමයෙන් සිදුකරනු ලබන සොඳුරු සේවාව වෙනුවෙන් NDB බැංකුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තුති ප්‍රණාම පිරිනමයි.
දිවයින පුරා උද්ගතව ඇති covid-19 වසංගතයේ පැතිරයාම නිසා ජනතාව නිවෙස්වලටම වී සිටීමට සිදුව ඇති අතර, බැංකු කටයුතුද ඇනහිට තිබේ. එවන් තත්ත්වයක් යටතේ, කාලීන අවශ්‍යතාවයක් වශයෙන් NDB බැංකුව තම පාරිභෝගිකයන්ගේ ගනුදෙනු පහසුවෙන් සහ ආරක්ෂිතව නිවෙසේ සිටම කරගැනීමට NDB බෑන්ක් ඔන් වීල්ස් නමින් ජංගම බැංකු සේවාවක් හඳුන්වාදී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොසිටින්නට මේ කර්තව්‍යයන් සිහිනයක් බඳු වනු ඇත.
NDB අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඩිමන්ත සෙනෙවිරත්න මහතා කියා සිටියේ NDB බැංකුව වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද සහයෝගය, ශ්‍රමය පිළිබඳව බැංකුව බෙහෙවින් කෘතඥ පූර්වක වන බවයි.











