මුලින් පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයද යන්න පිළිබදව කතිකාවක් සමාජය තුළ නිර්මාණය වී තිබේ.Sri Lanka Latest News
මුලින් මහමැතිවරණයක් පැවැත් වීමට සියළු පාර්ශ්ව එකග වුවද, නියමිත කාලය තුළ පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණය කිසිසේත්ම කල් දැමීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද අයිලන්ඩ් පුවත්පත සමග පවසා තිබේ.
මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා, 2024 අයවැය ලේඛනයෙන් දැනටමත් මුදල් වෙන් කර තිබේ.
එසේ වෙන්කර තිබෙන මුදල් කිසිදු හේතුවක් නිසාවත් මහමැතිවරණය වෙනුවෙන් වියදම් කළ නොහැකි බවද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියද, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර නොමැති නිසා, ඒ සදහා වූ අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් ජනාධිපතිවරයා විසින් ලබා දිය යුතු යැයි සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.










