• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පාසල් සිසුන්ට මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරයි! මුලින්ම පාසල් 31ක ළමුන් 158ක් තෝරාගනී! PHOTOS I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.Sri Lanka Latest News

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්, මාධ්‍ය ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර වැඩසටහන මාර්තු 20 වනදා ආරම්භ කෙරේ.

මෙහි පළමු අදියර සඳහා සක්‍රීය මාධ්‍ය ඒකක සහිත පාසල් තිස් එකකින් සිසුන් 158 ක් තෝරාගෙන ඇති අතර, Unilever ලංකා සමාගම, SLIT අධ්‍යාපන ආයතනය, Lanka IOC සමාගම සහ මහවැලි කේන්ද්‍රය මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ තම මතය පමණක් සන්නිවේදනය කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම සමාජය නොමඟ යවමින් තිබෙන බවයි. එබැවින් පාසල් දරුවන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් බව පැවසූ ජනාධිපති ලේකම්වරයා මෙහි උපරිම ඵල නෙළා ගන්නා ලෙස ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්ව සිටි පාසල් සිසු දරු දැරියන් සහ ගුරුභවතුන් මෙම වටිනා අවස්ථාව හිමිවීම පිළිබඳව සිය සතුට සහ ස්තුතිය පළ කර සිටියහ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය

මේ පාඨමාලාවේ විෂය නිර්දේශය පිළිබඳ අවධානය යොමු කළ විට තාක්ෂණික කරුණු ගණනාවක් තිබෙනවා. ආයතන කිහිපයකට ගොස් ලබාගන්නා දැනුම මෙම එක පාඨමාලාවක් මගින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
පාසල් දරු දැරියන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදිය යුත්තේ ඇයි? පාසල් දරු දැරියන් මාධ්‍ය අධ්‍යාපනය ලබා ගත යුත්තේ ඇයි? ලංකාවේ තිබෙන බහුතර මාධ්‍ය ආයතන ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ මතය රටට සන්නිවේදනය කිරීමයි.

එය ජනතාව නොමඟ යවනවායැයි පැවසීම වරදක් නොවේ. තම තමන්ගේ මාධ්‍ය අභිමතාර්ථ මත එම මාධ්‍ය ආයතන මාධ්‍ය හැසිරවීම සිදු කරනවා. ජනතාව ලෙස අප එය තේරුම් නොගතහොත් වැරදි පාරක යාමට සිදු වෙනවා. මෙම පාඨමාලාවේ තිබෙන වැදගත්කම වන්නේ එම තර්කය තේරුම් ගැනීමයි.
අප අංක ගණිතය ඉගෙන ගනු ලබන කාලයේ විදුහල්පතිතුමා විසින් අපට එම විෂය උගන්වනු ලැබුවා. එතුමා උස ජාතික ඇඳුම් අඳින ගුරුවරයෙක්. එතුමා කළු ලෑල්ල මත අංක ගණිත ප්‍රශ්නය විසඳනවා. නමුත් එම ප්‍රශ්නය විසඳන තර්කය අපට ඉගැන්වුයේ නැහැ. අපගේ පාසල් සමයේත්, විශ්වවිද්‍යාල සමයේත් ප්‍රශ්න පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා දුන්නට එය විසඳන තර්කය කියා දුන්නේ නැහැ.
එම ලබා නොදුන් දැනුම අද මේ දරු දැරියන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එවිට මාධ්‍ය ආයතන හැසිරෙන අන්දම සහ ඔවුන්ගේ අභිමතාර්ථ මේ දරුවන්ටම තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා.
ජනමාධ්‍ය ආයතන විසින් පෙන්වන සොසේජස් එකම අපි කන්න ඕනද? පත්තරේ ලියා තිබෙන ප්‍රවෘත්තිය කියවා ඊට එහා ගිය ආලවට්ටම් අප පිළිගත යුතුද යන්න දැන ගැනීමට මෙමගින් හැකියාව තිබෙනවා. එසේ නොමැති නම් අප අපේම මතයක් තේරුම් ගන්නවද කියන කාරණාව මෙම පාඨමාලාව හරහා ඔබට තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් තැනකට ගෙන යා හැකියි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය
අපේ දරුවන්ගේ අධ්‍යාපන දැනුම වගේම මානසික සුවය ඉතා වැදගත් වෙනවා. මානසික සුවය දරුවාට නැත්නම් රජකම ලැබුණත් වැඩක් නැහැ. එබැවින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ඉතාම අගය කළ යුතු කරුණක්. මෙවැනි අගනා වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශයට මෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ස්තුතිවන්ත වෙනවා.
අද අපට පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් නවක සේවකයන් සම්බන්ධයෙන් අහන්න ලැබෙන්නේ සුබදායක කරුණු නොමෙයි. සහයෝගයෙන් වැඩ කරන්න බැහැ. නිර්මාණශීලීත්වයක් නැහැ. ඔවුන් උපාධි සහතිකයට පමණක් සීමා වෙලා. ඉන් ඔබ්බට දෙයක් ලබන්න නම් මෙවැනි අමතර වැඩසටහනක් සංවිධානය කිරීම අවශ්‍යයි. පොත පතේ දැනුමට වඩා තර්කානුකූලව සිතන, සහයෝගයෙන් වැඩ කරන දරු පරපුරක් අද අපට අවශ්‍ය්‍යයි.
තර්කානුකූලව සිතීමට, සහයෝගයෙන් වැඩ කිරීමට හෝ නිර්මාණශීලිත්වය නොමැති නම් දරුවන් ඉගෙන ගන්නා දෙයක් නිසියාකාරව සමාජගත වන්නේ නැහැ. ඒ නිසා කටපාඩමින් කියවන, අන් අයෙක් අනුකරණය කරන මාධ්‍ය පිරිසක් බිහි නොවිය යුතුයි. අපි අන් කිසිවෙක්ව අනුකරණය කළයුතු නැහැ.ඔබට අනන්‍ය වූ රටාවක් ඔබට තිබෙනවා. ඔබටම අනන්‍ය වූ එම රටාව සොයා ගන්න. ඔබ වෙනස් කෙනෙක්, විශේෂ කෙනෙක් වෙන්න. ඔබ කියවන දේ අනිත් අයට නිසියාකාරව සන්නිවේදනය කරන්න. ඇසූ. දුටු පමණින් යමක් පිළිගන්න එපා. විවේචනාත්මකව තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. තනිවම දෙයක් කරනවාට වඩා සාමූහිකව යමක් කරන්න උත්සාහ කරන්න.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා
ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩකටයුතු ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් ගත වන විට ජනාධිපති මාධ්‍ය අංශයට ICT අංශයේ සිටි මහත්මයෙක් පුංචි ලිපියක් ගෙනවිත් දුන්නා. ඒ ලිපියේ තිබුණේ අපේ කැකිරාව විද්‍යාලයට මාධ්‍ය පුහුණු වැඩසටහනක් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස සහ මාධ්‍ය අංශය නැරඹීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි. එම පුංචි පත්‍රිකාව අද දවසේ දින ගණනාවක්, මාස ගණනාවක් ගත වුණාට, ඉතාමත් සැලසුම් සහගත, සකසා සපුරා ඉටු කරගත හැකි ව්‍යපෘතියක් බවට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපේ උත්සාහය පැවතියද මේ මොහොත නිර්මාණය වුණේ පාර්ශ්වකරුවන් තිදෙනෙක් නිසයි. එම ආයතනවල ප්‍රධානීන්ට අප ස්තුතිවන්ත වෙනවා.
අප මේ පිළිබඳ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිතුමා දන්වා සිටියේ එය ක්‍රියාත්මක කළයුතු බවයි. ඒ අනුව පෞද්ගලික අරමුදල් ආශ්‍රයෙන් මේ සුවිශේෂී වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. මෙම වැඩසටහන දරුවන් වෙනුවෙන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් වැඩිහිටි ඔබ සැමගේ ආශිර්වාදය සහ මගපෙන්වීම ද අත්‍යාවශ්‍යයි. මෙම වැඩසටහන සති 16ක වැඩසටහනක්. සතියකට එක් දිනය බැගින් දින 16ක් ක්‍රියාත්මක වෙනවා.
මෙහි පළමු අදියර යටතේ මාධ්‍ය පිළිබඳ පසුබිම මූලිකව හඳුනා ගැනීම සිදු කෙරෙනවා. ඒ වගේම දෙවැනි අදියර යටතේ අප විසින් සහ දරුවන් විසින් හඳුනා ගන්නා තමාට කුසලතාවක් ඇති ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දින 06ක් වැඩිදුර අධ්‍යාපනය ලබා දීම සිදු කෙරෙනවා. විද්වත් ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් එම අධ්‍යාපන ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරනු ඇතියි.
ඒ වගේම මේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයට ගැළපෙන පරිදි විෂය ක්‍රියාකාරකම් ලබාදීමට සම්බන්ධ කර ගන්නා ලෙස අප ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ආරාධනා කළා. එම සියලු මාධ්‍ය ආයතන අපත් සමග එක් වී සිටිනවා. ඒ අනුව මේ දරුවන්ට එම මාධ්‍ය ආයතනවලට ගොස් දින දෙකක කාලයක් එහි ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා.
ඒ වගේම ඕනෑම මාධ්‍යවේදියෙකු තමන්ගේ සන්නාමය සහ අළෙවිකරණය පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ඉහළම අත්දැකීම් ඇති ආයතන පරිශ්‍ර තුළ එම අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
අද පවතින ලෝකයට පමණක් නෙවෙයි නව්‍යතාව සමඟ හෙට ලෝකයට අවශ්‍ය දැනුම අප එක් කර ගත යුතුයි. ඒ සඳහා වන ප්‍රායෝගික දැනුම ලබාදීමට SLIT අධ්‍යාපන ආයතනය අපත් සමග එක්වී සිටින අතර ඒ අනුව දරුවන්ට වගේම ගුරුවරුන්ටත් සුවිශේෂ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මාධ්‍ය ලෝකයේ මුල් අංකුර බවට පත් වන්නේ පාසල් මාධ්‍යවේදීන්. මේ කතා කරන මමත් පාසලක මාධ්‍ය සමාජයක සාමාජිකයෙක්. මෙතන සිටින අප බොහෝ වැඩිහිටි මාධ්‍යවේදීන් මාධ්‍ය හඳුනා ගත්තේ පාසලින් හෝ දහම් පාසලින්. නමුත් අපේ වෘත්තීය ජිවිතය ආරම්භ වීමත් සමඟ අප මෙම ගමන අතහැර ගන්නවා. මාධ්‍ය ක්ෂේත්‍රය තෝරාගනු ලබන්නේ ඉන් අතළොස්සයි. කුමන ක්ෂේත්‍රයක තම ඉදිරි කටයුතු සැළසුම් කළද සන්නිවේදකයෙකු වීම කිසිදු ආකාරයක වරදක් නොවන බව මා විශ්වාස කරනවා. නිවැරදි සන්නිවේදකයෙකුගෙන් ආයතනයටත්, සමාජයටත්, රටටත් විශාල පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතාව වන්නේ යහපත්, නිවැරදි මාධ්‍යවේදියෙකු සේම මනා සන්නිවේදකයෙකු මෙම වැඩසටහන අවසානයේ බිහි කිරීම බව මම ප්‍රකාශ කරනවා.
එපමණක් නොව මෙම දරුවන් අතරින් විශිෂ්ට කුසලතා දක්වන දරුවන්ට එළැඹෙන ජුනි මාසයේ දී ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු ඒකකවල වගකීම අවම මට්ටමකින් දින දෙකකටවත් පැවරීමට බලාපොරොත්තු වෙනවා. රටේ රාජ්‍ය නායකයාගේ මාධ්‍ය ආවරණය මෙහයවීමේ වගකීම දැරීමට එවිට ඔවුන්ට අවස්ථාව උදා වෙනවා. එවන් වගකීමක් දැරිය හැකි මාධ්‍යවේදින් පිරිසක් සමාජයට බිහි කිරීමේ පළමු පියවර ලෙස මෙම Kaleidoscope 2024 වැඩසටහන අප ආරම්භ කරනු ලබනවා.
මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනි වසන්ති නානායක්කාර මහත්මිය විසින් සිදු කළ අතර යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මාධ්‍ය හා ක්‍රියාකාරකම් ප්‍රධානී චමින්ද සමරකෝන් මහතා ද දේශනයක් සිදු කළේය.

පාසල් සිසු සිසුවියන් සහ ගුරුභවතුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර එම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර යන මහත්වරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් , මාධ්‍යවේදීන් සහ අනුග්‍රාහක ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.‍

ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-13

SendShareShare
Previous Post

අද හාල් මාෆියාව ගැන කතාකරන අනුර කුමාර එදා කෘෂිකර්ම ඇමැති කාලෙ හැමදාම උදේ 6ට ඩඩ්ලි සිරිසේනට කතා කරලා හාල් මිල ගැන උපදෙස් අරගෙන! හරිනම් අනුර කතා කරන්න තිබ්බේ ගොවි මහත්තයෙකුටනේ! ඔන්න අනුර එදා හාල් මාෆියාව කඩපු හැටි! කබීර් අද හෙළිකරපු රහස! VIDEO I Sri Lanka Latest News

Next Post

පාසල් යන දරුවන්ගේ පෝෂණය අඩුවෙලා! දරුවෝ කලන්තෙ දාලා වැටෙනවා! මම දරුවන්ට දිවා ආහාරය දෙනවා කියනකොට මම මේ රටේ දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙළක් ගෙනවා කිව්වම මම බෙදනවා විතරයි කියලා මට ගහනවා! මම ඕවට බය නෑ! මේ රටේ දරුවෝ වෙනුවෙන් මම ඒ දේ කරනවාමයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.