• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයන්ගේ පඩිය 20000කින් වැඩිකරන්න බෑ කිව්වා! රාජ්‍ය සේවකයන් ඇතුලු ලක්ෂ 220ක් ජනතාව අසරණ වෙලා ඉද්දී මහබැංකු සේවකයන් විතරක් 70%කින් පඩි වැඩි කරගැනීම සාධාරණද? සදාචාරාත්මකද? ආණ්ඩුව මේක අනුමත කරනවාද? මේ අසාධාරණය ආපහු හරවන්නේ කවදාද? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

March 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

මහබැංකු නිලධාරින්ගේ වැටුප් වැඩිවීම ගැන සමාජයේ ආන්දෝලනයක් ඇතිව තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ ගත නොහැකි ලෙස මහබැංකු පනතට සංශෝධන ඉදිරිපත් කිරිමට රජය කටයුතු කරන්නේද කියා ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ මහබැංකුවේ වැටුප් වැඩි වීම ගැන ප්‍රශ්න කරමිනි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කවදාද?

පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් අද වන විට එම සහනය යම් පමණකින් ලැබුණේ වෛද්‍යවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බවත් රාජ්‍ය සේවයේ සිටින වෘත්තීය වගකීම් දරණ සිය රාජකාරීවල විශේෂඥතාවක් දරණ වෘත්තීන්ට සහ අනෙකුත් රාජ්‍ය සේවයකයන්ට වැටුප් වැඩි කරන්නේ කවදාද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන් 20000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එය ඉටු කිරිමට නොහැකි තත්ත්වයක් උඩ මහබැංකු නිලධාරීන්ට මේ ආකාරයට වැටුප් දීමනා වැඩි කිරිමට ඉඩ ලබා දිමේ පුර්වාදර්ශය තුළ සමස්ත රජයේ නිලධාරීන්ට විසදුමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රට බංකොලොත් කිරීමට හේතු වූ මහබැංකුවේ ලොක්කොන්ගෙත් වැටුප් වැඩි කළාද?

රට ආර්ථික වශයෙන් බංකොලොත්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ දී මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටි පුද්ගලයන් ඒ සඳහා සෘජුවම වගකිව යුතු බවට හදුනා ගෙන තිබියදීත් බංකොලොත්භාවයෙන් මිදීමට වෙර දරන රටක ප්‍රධාන මූල්‍ය නියාමන ආයතනය තම වැටුප් වැඩි කිරිම සඳහා සදාචාරාත්මක අයිතියක් ඇත්ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කිරීමට හේතු වූ අජිත් නිවාඩ් කබ්රාල් හා ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ටත් මෙම වැටුප් වැඩි වන්නේද කියා ගැටලු සහගත බවයි.

රජය මේ ගැන මොකද කියන්නේ?

මෙසේ වැටුප් වැඩි වීමට හේතුව උද්ධමනය හා බුද්ධිගලනය යැයි සඳහන් හෙයින් බුද්ධිගලනය වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමවේදය ලෙස මෙම ක්‍රමය රජය හඳුනා ගෙන ඇති බව මින් පෙනී යන බවත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ ස්ථිවරය දැනගැනීමට අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති මොහොතක රාජ්‍ය සේවයේ කප්පාදු රැසක් සිදු කර ඇති මොහොතක මෙවැනි සිදුවීම් වැළැක්වීමට රජයට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය නවත්වන්න බෑ. ඒ වුනාට වැටුප් නම් වැඩි කර ගන්නවා

පරාටේ නීතිය අත්හිටුවූ බවට රජය කිව්වත් වානිජ බැංකු සියල්ල තරගයට වෙන්දේසි කිරීම් සිදු කරන මොහොතක මහබැංකුවේ පාලනාධිකාරය සියයට 70ක වැටුප් දීමනා වර්ධනය කර ගෙන ඇති බවත් මෙම වැඩිවීම ආපහු හරවන්නට රජය මැදිහත්විය යුතු බවත් මහබැංකු අධිපතිවරයා පත් කළේ රට බංකොලොත් කළ ආණ්ඩුව නිසා රජය මේ ගැන පියවර ගත යුතු බවත් අනෙකුත් රාජ්‍ය ආයතනවල සාමූහික ගිවිසුම් අනුමත නොකිරීමට මහා භාණ්ඩාගාරය තීන්දු කර ඇති මොහොතක මේ වැටුප් වැඩි වීම සාධාරණීකරණය කර ඇත්තේ සාමූහික ගිවිසුම පෙරටු කර ගෙන වුවත් එම සාමූහික ගිවිසුම නිත්‍යානුකූල නොවන බවත් මෙහි සදාචාර සම්පන්න භාවයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහබැංකුවේ හැසිරීම සදාචාර සම්පන්න නැහැ

මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් අනුමත කළ නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මැතිවරණ කොමිසමට වැටුප් වැඩි කර ගැනීමට බලතල ලබා දුන්නත් ඔවුන් එම සිමාව උල්ලංඝනය කර නොමැති බවත් මැතිවරණ කොමිසම ඒ ආකාරයෙන් හැසිරෙන විට මහබැංකුව හා එහි පාලනාධිකාරය එසේ හැසිරීම සදාචාරසම්පන්න නොවන බවත් මහබැංකුව ස්වාධින කිරීමේ පනත් ගෙන ආවේ දේශපාලන ඇගිලි ගැසීම් නතර කිරිමට වුවත් ඔවුන් තමන්ට ලැබුණු ස්වාධිනත්වය උපයෝගී කර ගෙන බංකොලොත් රටේත් ඔවුන්ගේ වැටුප් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රටවල් 6ක තානාපතිවරු අනුරව හමුවන්න පැලවත්තට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පාලකයින්ගේ කපටිකම්-සැහැසිකම්වලටත්-පුරවැසියන්ගේ මෝඩකම්වලටත් සීමාවක් තියෙනවා! ජනතාවගේ ඒ සීමා ඉර දැන් පැනල තියෙන්නෙ! මේ රටේ දැන් සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම්! මිනිස්සු හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා! ඉවසල ඉවසලා පාරට එන දවසකුත් තියෙනවා! එදාට රටේ මූලික නීතිය-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් ගානට වැටෙන එක වළක්වන්න බැරිවෙයි! ඩලස්ගෙන් ලොකු අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්...

Read more
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.