අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල්ගේ පෞද්ගලික ලේකම් විසින් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයක්.
ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
hirunews









