පසුගිය වසර දෙක තුළ වවුනියාවේ පමණක් අලි ඇතුන් 67ක් මරාදමා ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි. (Sri Lanka Latest News)
මෙම වන අලින්ගෙන් 41ක්ම ගොවියන් විසින් සිදුකරන ලද විදුලිය ඇදීම්, හක්ක පටස් තැබීම් හා වෙඩිතැබීම්වලින් මියගොස් ඇති අතර, තවත් 27ක් මියගොස් ඇත්තේ දුම්රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු හේතුවෙනි.
2024 වසරේ සිට වවුනියාව දිස්ත්‍රික්කයේ වන අලි මරාදැමීම අවම කිරීම පිණිස නිලධාරීන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත්, ගොවීන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇති අතර, ඒ සඳහා පළාතේ ග්‍රාම නිලධාරීවරුන්ගේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
lankasara








